Monday, July 8, 2013

Windows 8 හරියටම ඇක්ටිවේට් කරගන්න - Activate Windows 8 with Net35 (dot net 3.5) Framework

ඔන්න අදනම් මම ගෙනාවේ විශේශයෙන්ම  Windows 8 වලට මාරු වුණ අයට ගොඩාක් වැදගත්, ඇත්තටම කිව්වොත් අත්‍යාවශ්‍ය වෙන දෙයක්.

සාමාන්‍යයෙන් අනෙකුත් Windows මෙහෙයුම් පද්දති (Operating Systems) වලට වඩා Windows 8  දාගත්තට පස්සෙ Activate කරන්න අවශ්‍ය කොටස් වැඩියි. ඒකියන්නෙ, සාමන්‍යයෙන් , කලින් OS වල නම්, අපිට OS එක Activate කරන්න විතරයි ඕනේ වුණේ.  නමුත් දැන් Windows 8 වලට ඒක ටිකක් වෙනස්.


Windows 8 Activate කරලා ඊටපස්සේ  User Account එකකට  Profile pic එකක් දාන්නවත්  Start screen හෝ  Lock Screen වලට වෙනස්කම් සිදුකරන්නත් බැහැ.
ඒවගේම  Windows 8 වලට අලුතෙන් එකතු වුණු  Picture Password පහසුකමත් අක්‍රිය තත්වයක තමයි තියෙන්නෙ. ඒක නිසා අපිට Windows 8 Personalization enabler එකකින් මේ පහසුකම් Activate කරගන්න වෙනවා.

මේ මම කියපු Activators දෙවර්ගයම  (OS Activator & Personalization Enabler) අන්තර්ජාලයෙන් පහසුවෙන්ම හොයාගන්න පුලුවන්. කෝකටත් මම ඒවත් දෙන්නම්. ඔක්කොම ටික පහලින්ම දාලා තියෙනවා.

**** *****************************************************************************
ඔන්න වැදගත්ම තැනට ඇවේ දැනුයි. ඒ මොකක්ද දන්නවද?
                                 Windows 8 වලට සමහර software වැඩ කරන්නෙ නෑ. ඒ ඇයි??????


ගොඩක් අය මගෙන් අහනව,  
                                                         "මචං පිරේ,   windows 7 වල පාවිච්චි කරපු ගොඩක් Software සහ
Cracks, windows 8 වලට  install වෙන්නෙ නෑ. ඒවා Install කරන්න හදනකොට  '.Net Framework 3.5' කියලා Windows Feature එකක් Activate කරන්න කියලා ඉල්ලනවා. මේකට Activator එකක් හොයලා
දෙන්න පුලුවන්ද?" කියලා.

ඒ වෙනකොට මමත් ජනේල 8 ට (Windows 8 වලට) මරු වෙලා හිටියෙ. මටත් මේ ගැටලුව මේ විදිහටම (සමහර විට මීටත් වඩා දරුණුවට) දැණුනා. ඉතිං මම හොයන්න දන්න හැම තැනකම එහෙම එකක් තියෙනවද කියලා හෙව්වා, ඒත් ඇයි දන්නෑ මටනම් බැරිවුණා. ඒත් මොනවා කරන්නද කොහොමහරි වැඩ කරන්නත් ඕනෑනේ.
ඒක නිසා මම ඒ කියපු ඩොට් නෙට් 3.5 ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න බැලුවා. මාරම කේස් එක කියන්නෙ යාලුවනේ, ඒ ඩවුන්ලෝඩ් කරපු එක ඉන්ස්ටෝල් කරන්නත් අර වගේම ඒ Feature එකම තියෙන්න ඕනේ. දැං ඉතිං මොනවා කරන්නද කියලා, බැලුවා Contorl Pannel එකේ තියෙන Turn Windows features on or off කියන තැන.
දෙයියනේ මේ තියෙන්නෙ උඩින්ම !!!.


ඒකියන්නේ මේක Windows 8 වල අඩංගු, නමුත් Off වෙලා තියෙන Feature එකක්නෙ. ඉතිං ඒක tick කරලා  close කරනකොට, කරපු වෙනස්කම්  Save කරන්නනම් Internet සම්බන්ධ කරන්නලු. දෙවනි පාරත්  Internet බිලට වැඩේ හරි.

මේක හරියන්නෙ නෑ (හරියන්න පුලුවන්, ඒත් ගොඩාක් වෙලා යයි, ඒවගේම බිලත්). ඒක නිසා මම බැලුවෙ වෙනස් ක්‍රමයක්, ටිකක් ලේසියෙන් කරගන්න. අපි කවුරුත් කැමති ලේසියෙන් කරන්න පුලුවන් වැඩ වලටනේ.


තවත් හොයනකොට Dos Command එකක් හම්බවුණා, ටිකක් දිගයි, ඒවගේම පැටලෙනවා. මමනම් මේකෙන් වැඩේ ගොඩ දාගත්තා.
(මේ තියෙන්නෙ ඒ DOS  වැඩේ. Command Prompt එකෙ වැඩ කරලා පුරුදු අයට මේක මහ දෙයක්  නෙවෙයි. මේකෙ E:\ කියලා දැම්මෙ Windows 8 installation disk  එක පෙන්වන Drive Letter එකට හොඳේ. "Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:E:\Sources\sxs /LimitAccess")
 ඒත් මගෙ යාලුවෝ ගොඩක් අයට මේක හරියට කරගන්න බැරිවුණා.
කොහොම හරි උනුත් මේක කරගන්න එපැයි, නේද? ඔන්න එයාලටත්, ඔයාලටත් මම හැදුවා Activator එකක්. මේකත් දුවන්නෙ DOS Command වලින්ම තමයි.


     ඒක තමයි PiRe® Net35 Activator©, සම්පූර්ණයෙන්ම මගේම වැඩක්, බය වෙන්න දෙයක් නෑ. හොඳටම Test කරලා, Debugging කරලා ආයෙමත් test කරලා Finalize කරපු App එකක්. 100% ක් ම විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුලුවන්.  වයිරස් ගැටලු මොනවත් නෑ.




මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් ලින්ක් ටික. මේවාගෙන් ලින්ක් එකක් ක්ලික් කරලා එන පේජ් එකේ දකුණු අත පැත්තේ උඩ තත්පර 5 කින් මතුවෙන "Skip Ad >"  Button එක click කරන්න. එතකොට තමයි ඩවුන්ලෝඩ් වෙන්නෙ. හැම ලින්ක් එකටම එහෙමයි.

1. Windows 8 Activator  
මෙතනින්  බාගන්න. මේක මම හදපු එකක් නෙවෙයි. ඒත් මේකෙන් තමයි මමත් Activate කරගත්තේ.
2. Personalization Enabler
එක මෙතනින්  බාගන්න. මේකත් මම හදපු එකක් නෙවෙයි. මම දාලා තියෙන්නෙ මේක. වෙනම Picture password Activation tool kit  එක ඕනෙ නෑ. මේකෙන් Personalization Options ඔක්කොම Enable වෙනවා.

3. මෙන්න එහෙනම් මම හදපු අයිටම් එක. "PiRe® Net35 Activator©" මෙතනින්   බාගන්න.


ඔබේ අදහස් යෝජනා චෝදනා පහලින් Comment කරන්න අමතක කරන්න එපා.
Comments , Likes දැම්මත් නොදැම්මත් ආව හැමෝටම ස්තුතියි.

8 comments:

  1. මචන් හොද වැඩක්.

    ReplyDelete
  2. එල කොල්ලෙක් පිරේ උබ නම්...

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි උඹත් බැලුවද?? එල එල මචං. Thanks .... :)

      Delete
  3. ගොඩාක් ස්තූතියි මචං මට මේ ‍ටික කරගන්න බැරිව හි‍ටියේ

    ReplyDelete
    Replies
    1. මේකෙන් අවුලක් නැතුව ගොඩ දාගත්තා නේද?

      Delete
  4. මචං ඇක්ටිවේට් වෙන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. Dot Net 3.5 දාන්න දැං මේ ටූල් එක හරියන්නෙ නෑ කියලා මටත් කීප දෙනෙක් ම කිව්වා සහෝ! 
      විස්තර කරලා තියෙන තැන තියෙන මැනුවල් කමාන්ඩ් එකෙන් උත්සාහ කරලා බලන්න! බැරි වෙන එකක් නෑ!! වෙන දේ තේරුම් ගත්තොත්, පේනවට වඩා ලේසියි!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!