Friday, July 5, 2013

නැතිවෙලාද? හැංගිලාද? හැංගිලානම් එළියට අදිමු - UNHIDER to reset your virus-hidden files and folders

ඔබව මගේ "Computer Helps" බ්ලොගය වෙත සාදරයෙන් පිලිගන්නවා. මේක මගේ Blog එකේ මුල්ම Post එක. කොහොමද ලියන්නෙ මොනවද ලියන්න ඕනේ කියලා හරියටම දන්නෙ නැහැ. ඒනිසා මොනවාහරි අඩුපාඩුවක් තියෙනවනම් තරහ ගන්නේ නැතිව මාව දැනුවත් කරන්න කියලා මුලින්ම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අද මම ගෙනාවෙ ඇත්තටම මට හදිස්සියෙ ඇතිවුණු අවශ්‍යතාවයකට යොදාගත් විසඳුම.

සමහර වෙලාවට Pen Drive වල, Memory card, Phone memory, Camera වගේ ඒවා වල, සහ Hard disk වල පවා, Virus  වලින් සමහර Files හංගනවා. ඒකියන්නෙ ඒකේ Properties බලනකොට ගොඩක් use කරලා කියලා පෙන්නනවා, ඒවුණාට ඇතුලේ මොනවාවත් නැ, නැත්නම් තියෙන්නෙ අඩුවෙන්.




Folder options  වලින් View hidden files and folders දුන්නත් (ඒක කරන විදිහ මෙතන දාන්න ඕනෙ නැහැ කියල හිතනවා, කාට හරි ඕනෙනම් අහලා comment එකක් හරි message එකක් හරි දාන්න) ඒවා පේන්නෙ නැහැ.
ඒත් WinRAR වලින් බැලුවොත් පේනවා. Folder options වලින් Hide protected system files (Recomended) කියන එක off කරලා බැලුවත් ඒවා පේනවා. ඒත් ඒ Files සහ Folders වල Properties වලින් Hidden කියන Option එක Disable වෙලා තියෙන නිසා ඔබට එය සාමාන්‍ය තත්වයට ගන්න බෑහ.
මෙන්න එහෙනම් මගෙන් (වෙන කවුරුවත් හදපු දෙයක් නෙවෙයි. මම එහෙන් මෙහෙන් හොයාගෙන ඉගෙනගෙන අහගෙන දැනගෙන හදපු එකක් ඈ) පොඩි Tool එකක්.
ඒ තමයි,
           "PiRe Unhider 1.0.0 "
 මෙන්න එහෙනම් මම ස්ක්‍රීන් ෂොට් ටිකකුත් දැම්මා.



මේක එච්චර ලොකු එකක් නෙවෙයි, පොඩි file එකක්. 70 kb  විතරයි. පහලින් නොමිලේම Download කරගන්නකො එහෙනම්. පාවිච්චි කරලා බලලා කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.

Download PiRe Unhider 1.0.0

ලින්ක් එක open කරලා, එන page  එකේ උඩ දකුණු පැත්තේ තත්පර 5කින් එන  Skip ad ක්ලික් කරන්න.

***උඩ තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරි වුණු අයට මෙන්න තවත් ලින්ක් එකක් දැම්මා. මේකනම් sure එකටම වැඩ.
New Link to Download PiRe UnHider 1.0.0

 ඔබේ Comments මාව දිරිමත් කරවයි.
 ස්තුතියි.

4 comments:

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!