Wednesday, October 30, 2013

පරිගණකය ලඟටවත් නොගිහින් පරිගණකය හසුරුවමු (Hand Gestures to Control Your Computer)

මේක නම් මටත් ලැබුණේ මගෙ යාලුවෙකුගෙන් ලැබුණු තෑග්ගක්. එයා මේක කොහෙන් හොයාගත්තද කියලානම් මට තවම කිව්වෙ නෑ, ඒත් මම ඔයාලට ඒක දෙන්නම්.

මේක පොඩි ඇප්ලිකේශන් එකක්. මේක දාගත්තාට පස්සේ ඔයාලට පුලුවන් ඔයාලගෙ වෙබ් කැම් එක මගින් පරිගණකයට විධාන කරන්න. තේරෙන සිංහලෙන් කියනවානම්, ඔයා අතින් පෙන්වන සංඥාවක් හඳුනාගෙන ඒකට අනුව පොඩි වැඩක් කරන්න මේකට පුලුවන්.


මේකේ නම තමයි "Flutter". ක්‍රැක් කරන්න දේකුත් නෑ මේක Free


හොඳයි එහෙනම් අපි බලමු මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලා.



මුලින්ම "Play & Pause"
Play & Pause"
 මේ සංඥාවෙන් (අත්ල දිගහැර පෙන්වීම) ඔයාලගේ ඕනෑම Media Player එකක ඕපන් කරලා තියෙන සිංදුවක්, වීඩියෝ එකක්, මූවී එකක් play කරන්න සහ Pause කරන්න පුලුවන්. ඒ වගේම PowerPoint වගේ Presentation එකක් ඕපන් කරගෙන ඉන්නවානම් ඒක Show කරන්නත් Show  කරන Slide Show එකකින් ඉවත් වෙන්නත් පුලුවන්.


දෙවැනි Command එක "Next"

Next
Play List එකක ඊලඟ Item එකට මාරු වෙන්නත්, Slide Show එකක ඊලඟ Action එක (ඒ කිය්න්නෙ, ඊලඟ ක්ලික් එකෙන් වෙන්න තියෙන Animation එක හෝ ඇනිමේශන් යොදා නැත්නම් ඊලඟ Slide එක) පෙන්වන්නත් ඔයා වෙබ් කැම් එකට පෙන්නන්න ඕනේ වෙන්නෙ මේ විදිහට. අත් දෙකෙන් කොයි අත වුණත් ගැටලුවක් නෑ, මහපටැඟිල්ල දකුණු අත පැත්තට හැරවෙන්න පෙන්නුවානම් හරි.


තුන් වෙනි සහ අන්තිම එක. "Previous"

Prev
මේක ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ, කලින් එකේම අනිත් පැත්ත තියෙන්නෙ. දන්නවනේ කරන්න ඕනේ දේ නේද?

ඔයාලගෙ මීඩියා ප්ලේයර් එක (VLC, Windows Media Player, Windows media center, The KMPlayer, Jet Audio, Quick Time, Real Player) මොකක් වුණත් මේකෙන් කන්ට්‍රෝල් කරන්න පුලුවන්. ඒ වගේම ස්ලයිඩ් ශෝ එකක් වුණත් පව'පොයින්ට් ම වෙන්න ඕනේ නෑ. ඕනෑම ප්‍රසන්ටේශන් ඇප් එකක් (Libre වගේ ඕපන් සෝස් ඒවටත් ) මේක වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න, මේක වැඩකරන්නෙ වින්ඩෝස් වල විතරයි. දැනට මම වින්ඩෝස් ඕපරේටිං සිස්ටම් කිහිපයකම බැලුවා (Vista, 7 සහ 8). ඒවටනම් වැඩ. මම හිතන්නෙ මේක Win Xp වලටත් වැඩ කරයි. දාගෙනම බලන්නකෝ.

ඔන්න එහෙනම් Flutter  බාගන්න මෙතනින්.

මේ ගැන ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා comment  එකකින් හරි e-Mail එකකින් හරි මට කියන්න.
මේ සම්බන්ධයෙන් මොනම විදිහකට හරි ගැටලුවක් ඇතිවුණොත් බය නැතිව අහන්න.

6 comments:

  1. Replies
    1. ඉන්ස්ටෝල් වුණානම් අනිවර්යෙන්ම වැඩ කරනවා. වෙබ් කැම් එකට අඩි 1ත් 6ත් අතර දුරකින් ඔයාගේ අත තියෙන්න ඕනේ. ඒ වගේම ඊට පි‍ටුපසින් පැහැදිලි පසුබිමම් තියෙන්නත් ඕනේ. අතට හොඳට එලිය තියෙන්නත් ඕනේ.

      තවත් වැදගත් දෙයක්, මේක movements detect කරන්නෙ නෑ. අත පැහැදිලිව වෙබ් කැම් එකට පෙන්වන්න ඕනේ අත හෙලවෙන්නේ නැතිව.

      Delete
  2. අම්මටහුඩු...... සුපිරියටම වැඩ.මගේ එකේ ජනේලෙ 8 තියෙන්නෙ..... පට්ටයි හොදේ...... තැන්කූ වේවා.... ඔන්න මම ඔයාගේ ගූගල් රවුමටත් එකතු උනා.මේවගේ අලුත් ඒවා ලැබුනොත් දාන්න හොදේ

    ReplyDelete
    Replies
    1. ආ ඒක හොඳයි, ගූගල් රවුමෙන් විතරක් නෙවෙයි ලඟදිම අපිට ඇත්තටමත් හඳුනාගන්න ලැබේවි.

      Delete
  3. machoo meka man godaak hewwa thnx oyata...weldn...

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!