Monday, December 2, 2013

කියවන්න දන්නේ නැති ඉංග්‍රීසි වචන කියවන හැටි අහගෙනම ඉගෙනගන්න ©PiReSoft® TexT ReadeR

ඔන්න අදත් මම හදපු පොඩි අයිටම් එකක් ගෙනාවා. මේකනම් එච්චර ලොකු දෙයක් නෙවෙයි, බොහොම පුංචි ඇප් එකක්. මාතෘකාවෙන්ම තේරෙනවනේ මොකක්ද මේ භාණ්ඩේ කියලා.

මේ දවස් වල අපිට විභාග නිසා බ්ලොග් ලිපි ලියන්න හරිහැටි වෙලාවක් නෑ. ඒත් අපි පාඩම් කරන අතරේ හදිස්සියේම ඇතිවුණු කතාබහක් නිසා තමයි මේක ලියන්න හිතුණේ.

ඔයලා දන්නවා ඇතිනේ අපේ රටේ හැම විශ්වවිද්‍යාලයකම වගේ ඉගැන්වීම් කටයුතු, විභාග හැම දෙයක්ම කරන්නෙ ඉංග්‍රීසි භාශාවෙන්. ඉතිං අපි යාලුවෝ කල්ලි ගැහිලා කුප්පි දානකොට (ඒ කිව්වේ, පොඩි පොඩි කණ්ඩායම් විදිහට එකතුවෙලා දන්න අය නොදන්න අයට කියලා දෙන එක. එතකොට හැමෝම හැමෝටම උගන්නනවා. මම දන්න දේවල් යාලුවන්ට, එයාලා දන්න දේවල් අපිට) අපිට ඒ කුප්පිය දාන්න වෙන්නෙ සිංGlish වලින්. ඉංග්‍රීසියෙන් ඉගෙනගත් දේවල් ඉංග්‍රීසි සිංහල කලවම් කරගෙන සාකච්ඡා කරනවා.



පහුගිය දවස් වල මේ වගේ කුප්පි වලදි මට ජීවිතේට අහපු නැති, ඒත් අහලා හුරුයි වගේ දැනෙන වචන ටිකක් ඇහුණා. හොයලා බලනකොට, ඉංග්‍රීසි වචන හරියට කියවන විදිහක් හිතාගන්න බැරුව නිකං හිතෙන විදිහට කියවලා. හරි විනෝදයි. :D

මේ වැඩේ හරියන්නේ නෑනේ. ඒපාර මම කාගෙත් හොඳට පොඩි උපදෙසක් දුන්නා. Windows "Text to Speech" පාවිච්චි කරන්න. ඒත් සමහර අයට ඒක කරගන්නවත් හරිහැටි තේරුමක් නෑ. ඔන්න එහෙම අයට මේ ඇප් එක මගේ ගානේ. හදිස්සියේම හදපු නිසා වැඩිය ලස්සන කරන්න ගියේ නෑ. හැබැයි ඉතිං අර මම කලිං හදපු ඒවට වැඩිය නං මේකේ පෙණුම හොඳයි. (මෙන්න මුලින්ම හදපු "Unhider" එක

මේකේ ලොකුවට කරන්න දෙයක් නෑ. මේක ඕනේ තැනකට කොපි කරගන්න. ඕනේ වෙනකොට සාමාන්‍ය විදිහට ඩබල් ක්ලික් කරලා, permission ඉල්ලනකොට yes ක්ලික් කරන්න. ඊට පස්සෙ මේකේ මම කියලා තියෙන විදිහට, ඔයාලට කියවගන්න ඕනෙ වචනය හෝ වචන කිහිපය type කරලා OK ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ පරිගණකයේ Default voice එකෙන් ඒක හරියට උච්චාරණය කරන හැටි අහගන්න පුලුවන්. එක පාරක් අහගෙන මදි වගේනම් OK කරන්න කලින් ඒක කිහිපවතාවක්ම type කරන්න.

**ඔයාලා ඡේදයක් මේකේ Paste කරනවානම්, පේලියෙන් පේලිය වෙනවෙනම Paste කරන්න. නැත්නම් මේකෙන් කියවන්නෙ මුල් පේලිය විතරයි.

කියවන වේගය අඩු-වැඩි කරගන්න ඕනේ නම් ඒකට කරන්න ඕනේ මෙහෙමයි.
මුලින්ම Control Panel එකට යන්න.  මේ පින්තූරේ අංක 1 න් රවුම් කරලා තියෙන තැනින් Large icons හෝ Small icons දාගන්න. Category දැම්මොත් හොයාගන්න අමාරුයි. ඊටපස්සෙ, අංක 2 රවුමෙන් පෙන්වන Speech Recognition  එකට යන්න.




මේ තියෙන්නේ ඒක Windows 8  වල තියෙන විදිහ. මේතනින් මේ රවුම් කරලා තියෙන Text to Speech වලට යන්න.



ඔන්න දැං අදාල තැනට ආවා. මේ අංක 1න්  රවුම් කරලා තියෙන තැනින් ඔයාලාට ඕනේ කරන කටහඬ ‍තෝරාගන්න පුලුවන්. අංක 2න් කියවන වේගය අඩු වැඩි කරගන්න පුලුවන්.



කටහඬ තේරීමේදී පිරිමි හෝ ගැහණු කටහඬ වගේම ඒ කටහඬ මොන රටේද කියන එකත් බලන්න. Great Britain සහ United Status වල වචන උච්චාරණය කරන ආකාර ටිකක් දුරට වෙනස්.

මේ 1 සහ 2 ට මැදින් තියෙන වචන පේලිය පේනවා නේද? "You have selected Microsoft David Desktop -English (United States) as the ....." කියලා තියෙන්නේ. ඒකේ ඔයාලට ඕනේ දෙයක් Type කරලා Preview Voice ක්ලික් කරන්න. කටහඬ සහ/හෝ වේගය වෙනස් කරමින් කිහිප වතාවක් මේක කරලා බලන්න. දැන් තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියලා. මගේ ඇප් එක හරියට මේකට හදපු  Shortcut එකක් වගේ. හරියටම කිව්වොත් මගේ ඇප් එකෙන් වෙන්නේ ඔයාලා ඒකේ Type කරන එක මෙතැන ක්‍රියාත්මක කරවීම. ඔයාලට නිතරම මෙතැනට එන එක කරදරයක් වෙන්න පුලුවන් නිසා මගේ ඇප් එක උදව්වක් වේවි.  දැන් ඉතිං ඔයාලට ඕනේ කටහඬ සහ වේගය සකසලා OK කරන්න.

හරි. දැං මේ ඇප් එක ගැන අල ගිල තැන් මුල ගිය තැන් ඔක්කොම දැනගෙන ඉවරයිනේ. දැං මේක පාවිච්චි කරමු.
©PiReSoft®  TexT ReadeR  මෙතනින් ගන්න.

*******(මේ ලින්ක් එකෙන් ගිහින් මතක ඇතුව තත්පර 5ක් ඉන්න. ඊටපස්සෙ ඒකේ දකුණු පැත්තෙ උඩ Skip Ad >> කියලා බට්න් එකක් මතුවෙයි. ඒක ක්ලික් කරන්න. ඊටපස්සෙ තමයි ඔයාලා හරිම ඩවුන්ලෝඩ් ලින්ක් එකට යන්නෙ.)

9 comments:

  1. හරිම වටිනා දෙයක්..බොහොම ස්තුති...

    ReplyDelete
  2. ස්තූති ඕනේ නෑ දඩබ්බරී, පිරේ හැමදාමත් බෙදන්නෙ හැමෝටම වැදගත් දෙයක් විතරයිනේ.

    ReplyDelete
  3. ලඟදිම මෙහි තවත් අලුත් යාවත් කාලීන කිරීමක් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  4. I came here thro' campus sindiya. Your blog is providing answers to my so many questions.Hope to read leisurely. Thanks for your helpful instructions.

    ReplyDelete
    Replies
    1. Of course it's a great pleasure for me to help public.

      Delete
  5. Replies
    1. Thank you sir. It's a great pleasure to see your comment on my blog.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!