Saturday, February 1, 2014

කියවන්න දන්නේ නැති ඉංග්‍රීසි කියවන හැටි අහගන්න මෙන්න අලුත්ම එක ©PiReSoft® TexT ReadeR v2.0.1

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් පරිගණක කතාවක්ම ගෙනාවා.  

මේ ගැනනං ඉතිං වැඩිය ලොකු විස්තර ඕනෑ වෙන්නේ  නෑ, කලින් ගෙනාපු එකක යාවත්කාලීන කිරීම තමයි මේ.  මාතෘකාව දැක්කම තේරෙනවනේ, නේද??
කලිං එක බලපු නැති අය මෙතැනින් ඒකට ගිහින් විස්තර බලාගෙනම එන්නකෝ.


කලින් දාපු පළවෙනි Version එකත් එක්ක සංසන්දනය කරනකොට මේ අලුත් එකේ සලකියයුතු, වැදගත් වෙනස්කම් ගැනත් මෙතන කියන්නම්.

කලින් එකේ අපි මොනවා හරි වචනයක් (හෝ කිහිපයක්) type කරලා OK කලාට පස්සෙ ඒක close වෙලා අදාල වචනය (හෝ කිහිපය) උච්චාරණය කරනවා. නමුත් ආයෙමත් මොනවාහරි අහගන්න ඕනේනම් ඒකට ආයෙමත් සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න ඕනේ.

ඒත් මේ අලුත් එකේ එහෙම නෑ. මොකක්හරි දෙයක් කියවන්න දුන්නම ඒක මොහොතකට හැංගිලා, අදාල දේ උච්චාරණය කරනවා. ඒක ඉවර වුණු ගමන්ම නැවතත් මතු වෙනවා. ඕනේ තරම් එකදිගට පාවිච්ච් කරන්න පුලුවන්.

ඒ වගේම තවත් දෙයක්. Cancel කිරීමෙනුත්, close කිරීමෙනුත් වගේම Type කරන්න තියෙන Input Box එක හිස්ව ත්යෙනකොට OK කිරීමෙනුත් මේකෙන් ඉවත් වීමේ හැකියාව තියෙනවා.


ඔයාල කලින් එක පාවිච්චි කරනවානම් දන්නවා ඇතිනේ සැරින් සැරේට User account control panel එකට Permission  දෙන එක මහා කරදරකාර විකාරයක් කියලා. 

ඒ වුණාට මේකට එහෙම ඕනේ නෑ. එකපාරක් permission දීලා ඔපන් කලාට පස්සෙ ඒකෙන් ඉවත් වෙලා යනකල් ඕනේ තරම් එකදිගට පාවිච්චි කරන්න පුලුවන්.

ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බාගන්න අලුත් එක.

ඔබගේ අදහස් යෝජනා චෝදනා සතුටින් බාරගනිමි.
ස්තුතියි.



8 comments:

  1. කාලෙක ඉඳන් එන්න හිතාන හිටියට අදයි විවේකයක් ලැබුනෙ. අයියූ මටනම් ටෙකි ටෙකි එවුවා කම්මැලී. අපේ බස්සටත් කියන්නෝන මේ ටෙකි බ්ලොගේ ගැන. :)
    ඔන්න මාත් පදිංචි උනා.

    ReplyDelete
    Replies
    1. ටෙකි ටෙකි විතරක් නෙවෙයි බස්සි අක්කෙ, ඔයාලට හරියන ලිපිත් තියෙනවා.
      1. පියෙකුගේ කැප කිරීමක්
      2. අසාර්ථක උත්සාහය

      Delete
  2. follower gadget එක කෝ අනේ.... G+ එකෙන් ඉතරද ෆලෝ කරන්න පුලුවන්?

    ReplyDelete
  3. මම හදපු එක නැද්දෝ්...... මේක මේ පරණ version එකක් නේ..

    ReplyDelete
    Replies
    1. දාන්නං දාන්නං!! කම්මැලි බං අලුතෙන් ලියන්න!!!!
      ඉක්මනට දාන්නංකො!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!