නුඹ ආවේ ද, වසන්තය රැගෙන ය.
නුඹ ගියේ ද, වසන්තය රැගෙන ය.
ආයෙ එන්නද ගිම්හානය අරගෙන? 🙈
දැන් ගිම්හානය තියෙන්නෙ😁
ඒනං හිස් අතින් ම එන්නම්
බිම වැටුණු රතු තැඹිලි දුඹුරු කොල අහුලන්න
තුරු මුදුන් මත ඉදුණු තැඹිලි කහ දැක ගන්න
ගිම්හාන තුරු ලතා ශිශිරයට සැරසෙන්න
සැදෙනයුරු බලා ඉමු එන්න, දැක සැනසෙන්න
අනේහ් ඒකහ්,❤️❤️😍
කෝමදේක😍😇
එන්න දැක සැනහෙන්න😘
බලාපොරොත්තු ❤️😍
නෑ මණික,
හීන වත්
බලාපොරොත්තු වත්
නෙවෙයි
මැරෙන හැලෙන වෙන් වෙන තැන පවා
ලස්සන දැකීම
ඒ වෙන් වීම තුළ
දරාගන්න බැරි තරම් සීතලක
පෙලෙන්න යන බවත්
ඒ සිසිරයෙන් පස්සේ
නැවත වසන්තය එන බවත්
දැන ගැනීම
හිතන්න
වසන්තය
හැමදාම තියාගන්න බෑ
ඒත්
මේ විදියට
ගිම්හානයෙත් සිසිරයෙත්
ලස්සන තනිකම විඳින්න පුළුවන් වුණා ම
ජීවිතේ ලස්සනයි
වෙන් වීම තුළ ලස්සනක් දකින්න පුරුදු වුණා ම
දුක හරිම අඩුයි
ඔව් වසන්තයත් ග්‍රීස්මයත් තනියම විඳින්න පුරුදු උනාම මරු
පලවෙනි ම පදේ
වෙන් වූ ලස්සන
දෙවනි එක
වෙන් වෙන්න යන ලස්සන
තුනං වැන්න
ඉදිරියෙ එන දුක් කාලය
අන්තිම
ඒ සියල්ල දැක තේරුම් අරන්
සැනසීම
ග්‍රීස්මය කොහොමත් ආතල් නෙ
වසන්තය ඇවිත් යනවා
ඊලඟට පිච්චෙන ග්‍රීස්මෙ
කොච්චර පිච්චුණත්
කොච්චර දැවුණත්
එතන රසයක් විඳිනවා
අපි කෞරුත්
වෙලාවකට ජීවිතේ කියාදෙන්නෙ අමාරු කාලවල්,එහෙම නේද
නෑ මණික
අමාරු කාල වගේ ම
ලස්සන සුන්දර කාල වලත්
හැංගිච්ච පාඩම් තියෙනවා
අපි ඒවා දකින්න
දක්ෂ වෙන්න ඕන
අනේ මන්දා
මට නම් හිතෙන්නෙම
මගෙ ජීවිතේට අරමුණක් නෑ කියලා
මහා මුස්පේන්තුයි අනේ
😮
තියෙනවා
හොයාගන්න ඕන
මාත් උදව් කරන්නම්
පුලුවන් වෙයිද😖
ඔව් මණික
පුළුවන්
෴පිරේ෴
~සත්‍ය දෙබසක් ඇසුරිනි~
No comments:
Post a Comment
යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!