Monday, June 23, 2014

සොඳුරියට සෙනෙහසින්

දැං නං ඉතිං පිරේගෙ අච්චාරුවේ, පිරේ ට ත් වඩා තිලිණ ට තැනක් තියෙනවද කොහෙද. අදත් තිලිණගෙ නිර්මාණයක්. සාමාන්‍ය ජීවිත අතර මේ ජීවිත වල වෙනස හඳුනාගන්න, ඒ කැපවීම, ඒ කැප කිරීම, හඳුනාගන්න මේ කවිපෙල ඔයාට උදව් කරයි.



පාර මග තොට යනෙන විටදී දකින දසුනක නෙත                     රැදී 
නගන විට පිය සහස් ගව් දුර නුබ ගැනම දුක හිතෙනවා            ඇතී 
අතින් අත ගෙන සොදුරු රස බස් පෙම්වතුන් ඉද                 මුමුනතී 
මම මෙහේ නුබ ඔතන තනියම නුබට ඉකිගැසෙනවා               ඇතී 

උපන් දිනයට වැලන්ටයිනට රතු රෝස මල් පුද                        දෙතී
උදේ හවසට දවල් වරුවට ඔවුන් රහසෙම                          හමුවෙතී
ඔබෙම යෙහෙළිය අති අත ගෙන පෙම්වතා හා යන                   හැටී
පෙනන ඔබගේ හඩන සිත ගැන නොදන්නව නොව              හිතවතී

සැමට දිරි නැත රටේ නාමෙන් ගන්න ගිණි අවි අත                      රැදී
එවන් සිතකට මං කියන්නට ඔබේ ඔය දිරියම                            ඇතී
සරසන්න මගෙ දිවිය හෙටටත් විලස මගෙ ලොව                   සදවතී
සතර වරිගෙම කුමකටද මට ඔයා හිටියොත්                          ඒ  ඇතී

....තිළිණ ළමාහේවා...

ප. ලි.
තරුණ තරුණියන් අතරේ ආදරය කියන දේ විරල දෙයක් නෙවෙයි වගේම අය නිතරම එකිනෙකාටළඟින් ඉන්න තියෙන කැමැත්තත්අමුතු දෙයක් නෙවෙයි.ඒත් මේ සුවිශේෂී ජීවිතතමුන්ගේ හැම දෙයක්  කැප කරන්නේ කොහොමද??  කැපකිරීම තනිකම දරාගන්න තරම් මේ අහිංසක හිත්වල තියෙන හැකියාව හරිම අපූරුයි නේද?? 

18 comments:

  1. ඉතින් ඇයි තිළිණ බොගක් දාන්නේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඌ බොගක් දාන්න පට්ටම කම්මැලියා මාතලං අයියේ (අයියා කියලා හිතනවා, මාමද දන්නෙත් නෑ, අනේ මංදා. කමක් නෑ දැනට අයියා කියන්නංකො ඈ)
      තිලිණ ඉතිං හැම දාම මූණපොතේ තමයි ඔක්කොම කොටන්නේ.

      Delete
  2. කවිය නම් හරිම අගෙයි. තිළිනට සුභ පැතුවාය කියන්න....

    හමුදා සෙබළාගේ ජීවිතය කියන්නේ ඇත්තට ම කතා කළ යුතු දෙයක් තමයි. ඔවුන් විසින් කැප කරන්නා වූ දේ බොහොමයි. ස්තූතියි මේ හැගීම් අකුරු කරාට..............

    ReplyDelete
    Replies
    1. අමුතුවෙං කියන්න ඕනෙ නෑ කුරු‍ටු!! තිලිණත් (ඉඳලා හිටලා) මේ පැත්තේ එනවා. එතකොට දකීවිනේ. කෝකටත් මමත් කියන්නංකෝ!!

      Delete
  3. ඇත්තෙන්ම ඒ රාජකාරිය ලොකු කැපකිරීමක්. ඒගැන කියන්න ගියොත් පිටු ගනන් ලියන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සැලිනි!!
      කලිනුත් තිලිණ ලිව්වේ මේ ගැනම කවියක්.
      ප්‍රියා අයියත් එයාගෙ අත්දැකීමක් ලිව්වා.

      කොච්චර ලිව්වත් තවතවත් ලියන්න පුළුවන් මාතෘකාවක් මේකනං.

      Delete
  4. අපුරුයි...
    ඇ.ත්තටම හිතිට දැනෙන සංවේදී සිතුවිල්ලක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!
      ජය වේවා මහේෂ්!

      Delete
  5. වෙනදා වගේම හිතට වදින සංවේදී පද ටිකක් තිළිණ.

    පීරෙ, විභාගෙ වැඩ ඉවර නම් මොනවා හරි ලිව්වොත් නරකද? අනික තිළිණටත් බ්ලොගක් හදලා දීලා දෙන්නම ලියන්න ගත්තා නම් හොදා කියලා මටත් හිතෙනවා. ඔය මාතලන් අයියත් කියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. විභාගෙ නං ඉවරයි. ලියන්න පටන් ගත්ත එව්වත් කීපයක්ම තියෙනවා. ඒත් ලියන්න මූඩ් එකක් නෑ අයියේ. කම්මැලියි. නිවාඩුව උපරිමයෙන්ම නිවාඩුවක් විදිහට ඉන්නවා. හිකිස්!!
      (හරි හරි අයියේ, මේ ලියන ගමං. ප්‍රොජෙක්ට් එක රිපීට් වෙලා නිසා ඒකෙ වැඩත් කරන ගමන් ලියන්නේ. ඒ නිසා තව ටිකක් කල් යාවි දාන්න)

      තිලිණට විතරක් නෙවෙයි අයියේ, අපේ තවත් හොඳ ලියන්නෙක් ඉන්නවා කුසල් කියලා, දෙන්නටම බ්ලොග් හදලා දෙන්න හිතුණා. ඒත් උන්ට එව්වා කරගෙන යන්න බෑලුනේ.
      අන්තිමට ඒකත් මටම ගෙනියන්න වෙනවා. ඒනිසා මේකෙම දානවා. (කුසල් ගෙ එව්වා නං තවම මේකෙ දැම්මේ නෑ. එයා ටයිප් කරපු එකක් හම්බවුණොත් දාන්නම්කෝ.)

      Delete
  6. තිළීණගේ කවි අගෙයි... උඹ තිළිණගේ පිටම දාලා මේ ටිකේ ශේප් වෙනවා වගේ..

    තරුණ ආදරය ඔය කියලා තියෙනව වගේම විරළ නෑ.. ඒත් හැමෝටම ඔය වගේ කැපවීම් කරන්න අමාරුයි.. අන්න ඒකයි වෙනස..

    ReplyDelete
    Replies
    1. හරියට හරි, දිනේශ් අයියට තේරුණා සීන් එක!!

      ඒ, ඉතිං මං කියලා තියෙන්නෙත් තරුණ ආදරේ විරල දෙයක් නෙවෙයි කියලා නේන්නං.

      Delete
  7. යකෝ මරුනේ බං...මට වෙලාවක තිළිණව පෙන්නපංකෝ...ඌටත් බොගක් තිබ්බනං පට්ට

    ReplyDelete
    Replies
    1. උඹ ඕනෙ තරං දැකලා ඇති බං තිලිණව. මං පෙන්නන්නංකො වෙලාවක.
      ඌටත් බොගක් හදලා දෙන්න ඇහුවා බං, කොහෙද ඌට එපාලුනේ!!

      Delete
  8. This made my day...soooooo touching.
    The writer had done a great job...its food for thought and satisfies the soul at the same time....love comes with sacrifice...

    ReplyDelete
    Replies
    1. Thank You nangiyo!!! :D :D
      I'll tell the writer about ur comment!!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!