(අමුතුවෙං වෙන්න දෙයක් තිබුණේ නෑ, දන්න කලෙ ඉඳලම එහෙමනේ, හිකිස් :D )
දැං ලියනවට වඩා කරන්නේ යාලුවන්ගේ එව්වා මේකේ දාන එක ද කොහෙද!!!
එහෙම කියල කොහොමද, ගියපාර විචාරේ ලියපු තිලිණ ගෙන් ම තමයි මේ පාරත් ගෙනාවේ, හැබැයි මේක විචාරයක් නෙවෙයි, කවියක්!!!!
කියවලම බලන්නකෝ!!!!
අවුරුදු 22යි යෞවන වියේ සිටි
ආයුශ කෙටියි ඔබෙ සේවය රටට වටී
පිසදා ගන්න මේ ගලනා කදුලු කැටි
එනු මැන යලිත් පරදා අර රුදුරු කොටි
ඇයත් සමග ඔබ කුල ගෙට යන දවස
එලඹිනි එහෙත් සුදු කොඩි සරසයි නිවස
නිවාදමන්නට කොටිනගේ ලේ පවස
මිතුරු කරින් ආවේ ඔබ වෙත නිවස
සාලය මැද්දේ ඔබ නිහඩය කතා නැත
වීර පදක්කම් ඔබ හට හිමිව ඇත
කුමකින් කුමක් ලැබුනත් මට පලක් නැත
වැලපෙන ඇයව සනසන්නට වචන නැත
මෙවැනි දුකක් කිසි කලකකදි නොම වන්න
මතු බවයේ වත් ඇයගේ අත ලැබ ගන්න
මේ වැනි දහස් නෙත් වෙත කදුලැලි දුන්න
යුද්දය එපා යලි කවදා වත් එන්න
.....තිළිණ ළමාහේවා.....
සමහරුන්ට මේක පරණම මාතෘකාවක්. (තිලිණ මේක ලියලත් දැන් මාස කිහිපයක් වෙනවා)
ඒත්......!!!!!
ඇත්තටම මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්නු, මේ වගේ සෙබල සොයුරන්ගේ නෑදෑ හිතමිත්‍රයින්????...............................
ඒ හදවත් තවමත් ජීවත් වෙනවා නේද?? ඒ ජීවත් වෙන හදවත් ඇතුළේ මේ වීර සෙබලු තවමත් ඉන්නවා නේද?
ඒ තත්ත්වයට මුහුණපා තිබෙන කෙනෙක් හැරුණම අනෙකුත් හැම මිනිසෙකුටම වගේ දැන් මේ විරුවන්ව අමතක ම වෙලා නේද???
ලස්සනයි තිළිණ පද ටික. අපූරුයි.
ReplyDeleteබොට කියන්න පීරෙ, මටත් තියෙනවා මගේ මිතුරෙක්ගෙ හමුදා මරණයක මතකයක්. ඒක මතක් වෙත්දි හැම දාම පසුතැවීමල් ඉතුරි වෙනවා බං. ඒ ගැන ලියන්න කාලෙක ඉදන් හිතන් හිටියත් ලියන්න උනේම නෑ. හිටහන්කො ඉක්මනටම ලියනවා.……
ලියහං අයියේ ඉක්මනට ම!!! ඒ වෙන්වීමේ දුක කියවනකොට දැනෙන විරහව, තරුණ ආදරේ විරහවට වඩා අමුතු විදිහට, ඇඟටම දැනෙන විරහ රසයක් ලු!!! ඒ නිසා ආසාවෙන් බලන් ඉන්නවා!!!
Deleteනිවාඩුවෙ ගෙදර (යන්නදුන්නොත්) ගිහිල්ලා කියවන්න දැං ඉඳං ම එකතු කර කර ඉන්නේ!!!
(මටත් පොඩි හිතුවිල්ලක් ආවා, විභාගෙ අස්සෙ අකුරු කරන්න ඒක දිග වැඩියි, ඒ නිසා පස්සෙ වෙලාවක කොටලා දාන්න ඕනේ.)
ප්‍රියයන්ගෙන් වෙන්වීම හරිම දුකක්...අපිට නම් ඒ අයව මතක්කරන්නවත් ඉඩ ප්‍රස්තාව තියෙනවා. හැබැයි තවත් පාර්ශවයක දෙමව්පියන්ට ඒ ඉඩත් යම්දුරකට වැහිලා. වරදකාරයා මොකා වුනත්, ඒ අයගේ දෙමව්පියන් මොනවා කරන්නද? හැඟීම එකමයිනේ මව්පියන්ගේ.
ReplyDeleteඒක නම් ඇත්ත අරූ!!
Deleteමොනවා වුණත් දෙමව්පියෝ පව්!! මොන දේ වුණත් ඒ නැති වුණේ ඒ මිනිස්සුංගෙ දරුවො!!
පිරේ පද පෙල හැඩයි.. අදහස දුකයි...
ReplyDeleteජය වේවා!!!
ජය වේවා විදානේ!!
Deleteඅදයි මම මේ පැත්තේ ඔළුව දැම්මේ ඔන්න.. අව ගමන් හිතට දැනෙන කවි පෙලක්.. ලස්සනයි මචං...
ReplyDeleteදිනේශ් අයියා ආපු ගමං කියවලා තියෙන්නෙ මං ලියපු එකක්නං නෙවෙයි ඉතිං ඈ!!!
Deleteවිභාග නිසා මේ දවස් වල ලිවිල්ල අඩාලයි!!
දුකයි අප්පා පීරේ,, මොන කරන්නද ,ලස්සන අදහසක් නියමයි
ReplyDelete'ලමා' ලිව්වොත් ඉතිං පිරේට වඩා හොඳට බොක්කටම වදින්න ලියනවනේ අක්කේ!!
Deleteපිරේ පිරේ පිරේ...... කාලෙකිං ඔන්න ආව බං මේ පැත්තට.....තව ටික දවසකිං මනුස්සයො අහයි ඇත්තටම ලංකාවේ යුද්ධයක් තිබිලා මනුස්සයෝ මැරුනද කියලත්
ReplyDeleteඒකනං ඇත්ත බං!!! එහෙම එකක් තිබුණා කියලා දැනටත් සමහරක් උදවියට අමතකයි!
Deleteදුක තමයි ඉතිං නේද??/
This comment has been removed by the author.
ReplyDeleteඇයි මේ එකම එක දෙපාරක් දාලා??
Deleteහිතට දැනෙන කවි ටිකක්..
ReplyDeleteහිතට දැනෙන මාතෘකාවක්නේ නංගි. ඒකයි මං හිතන්නේ.
Deleteකොහොමත් තිලිණ ලියන දේවල් හිතට වදින්නම ලියනවා!!
kalayath ekka e aya kala de goda denekta amathaka wena me kaale mehemawath e mathakayan awadi kala ekata sthuthi thilina :)
ReplyDeleteතිලිණ ඔයාලගෙ ජ්‍යෙෂ්ඨයෙක්. එයාටම ස්තූති කලානම් හොඳයි. එයා මේ පැත්තෙ එන්නෙ නෑ ලේසියකට!!
Delete:D