Sunday, March 9, 2014

අපිට මතක තියෙන හැටි - The way we remember things in our mind

ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක්.

ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට වෙන්න පුලුවන්. මොකක්ද මේ වෙනසට හේතුව???

මම අද කතා කරන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර මේ මතක වෙනස සරලව තේරුම් ගන්න විදිහ.



මුලින්ම බලන්න මේ පින්තූර දෙක දිහා. මේකත් හරියට දෙදෙනෙකුගේ සිත් වල එකම දෙයක් ගැන තියෙන මතක සටහන් වගේ. නිකමට හිතලා බලන්න මේ දෙකෙන් කොයි එකද පිරිමි මතකය, කොයි එකද ගැහණු මතකය කියලා.
ඊට පස්සේ කියවලා ඉවර වෙලා ආයෙත් බලන්න.





පිරිමියා යමක් සිහි තබා ගන්නේ එහි සන්දර්භය සිතේ තබා ගැනීමෙනි, එනිසා, අඩු මතක ධාරිතාවක් තුළ වැඩි මතකයන් ප්‍රමාණයක් ගබඩා කරගත හැකිය. නමුත් කල් යාමේදී එම රූප බොඳ වී යාමෙන් සමහර වැදගත් තොරතුරු පවා මැකී යයි. ඒනිසා අතිශයින්ම වැදගත් තොරතුරු පමණක් ඉතිරි කරගනී. අනවශ්‍ය තොරතුරු (පසුබිම් තොරතුරු) අමතක කරයි.


නමුත් ගැහැණිය එයට ප්‍රතිවිරුද්ධ ය. මතකයන් සවිස්තරාත්මකව ගබඩා කර ගනී. එනිසා, තොරතුරු ඉතා පැහැදිලිය. වැඩි මතක ධාරිතාවක් තුළ ගබඩා වන මතකයන් ප්‍රමාණය මේ නිසා අඩු වේ. ඒ නිසා වැඩි මතක ධාරිතාවක් ප්‍රයෝජනයට ගනියි. සියල්ල වගුගත කර සිහිතබාගන්නා බැවින්, බොහෝ කාලයක් පැරණි මතකයන් පවා පැහැදිලි වන අතර ඉක්මනින් ආවර්ජනය වේ. ඒත් මෙම මතකයන් සුන්දර නැත.
~පිරේ~

දැං ආයෙමත් බලන්න අර පින්තූර දෙක. පේනවා නේද? 1 රූපයේ ගෑණු ළමයාගේ පසුබිමේ ගොඩක් පුළුල් පරාසයක් සවිස්තරාත්මකව සටහන් වෙලා තියෙනවා. දොර ජනෙල් වල වීදුරු වලින් පේන පරාවර්තනය පවා පැහැදිලියි. ඒත් ඒවා අනවශ්‍ය දේවල්. ඒ වගේම ඒ රූපයේ හැඩතල වල වෙනසක් පේනවද? හොඳට බලන්න. ඒක හරියට, කාචයකින් බලනකොට වගේ වෙනස් වෙලා කියල පේනව නේද? පින්තූරය පැහැදිලියි, ඒත් ලස්සන අඩු වෙලා. හේතුව, ලඟින් තියෙන දේවල් පි‍ටුපසට සාපේක්ෂව ලොකු වැඩියි. ඒ කියන්නේ, මතක තියාගන්න ඕනේ දේට පි‍ටුපසින් තියෙන අනවෂ්‍ය දෙවල්, ගොඩක් ඕනේවට වඩා මතකයි. හැම දෙයක්ම.



දැං බලමු දෙවනි රූපය. ඒකේ පසුබිම් විස්තරය ගොඩාක් අපැහැදිලියි. ඒ වගේම, ප‍ටු පරාසයක් විතරයි සටහන් වෙලා තියෙන්නෙ.  ඒත් හැඩතල විපරීත වීමක් සිදු වෙලා නෑ. නියම හැඩතල ‍රැකිලා තියෙනවා. කාච වලින් බැලුවාම වගේ වෙනස් වෙලා නෑ. ඒ නිසා පින්තූරය ලස්සනයි. අත්‍යාවශ්‍ය කරුණ මතකයි වගේම පසුබිමේ යම් තාක් දුරට මතකයක් තියෙනවා. ඒත් පසුබිම අපැහැදිලියි.





මේකට හොඳ උදාහරණයක් කියන්නම්. සමහරවිට, අපිට කවුරු හරි මුනගැහුණු වෙලාවක, අපි එයාලත් එක්ක කරන කියන දේවල් අපිට මතක තියෙනවා. එතකොට එයාව පස්සෙ වෙලාවක මුණගැහුණාම, කලින් වතාවේ දේවල් කතා කරන්න හිතෙනවා. එතකොට, ගැහැණු කෙනාටනම් හැම දෙයක්ම මතකයි වචනයක් නෑරම. ඒත් පිරිමියාට මතක තියෙන්නේ ඒ කියපු දේවල් වල අදහස විතරයි.
ගැහැණු කෙනාට මතකයි, එයාලා ඇඳගෙන හිටපු ඇඳුම්, ඒවයේ පාටවල් එහෙමත්. ඒත් පිරිමියාට ඒවා ගොඩක් දුරට අමතකයි.

ඒ, එම සිද්ධියට අදාලව, ප්‍රධාන මතකය වෙන්නේ, එයාලා හමු වූ බව සහ කියපු කරපු දේවල්. ඒක සම්පූර්ණයෙන්ම වචනයක් නෑරම මතක තියෙනකොට ඒක නීරසයි. ඒත් අදහස මතක තියෙනකොට, වරද්ද වරද්දා මතක් කරනකොට ඒ මතකය සුන්දරයි. ඒ වගේම, ඇඳුම, ඇඳුමේ පාට, නැගලා ගියපු බස් එකේ වර්ගය හෝ පාට, තැ බීපු කඩේ නම, වගේ දේවල් පසුබිම් මතකයන් විතරයි. විශේෂ හේතුවක් නිසා මතක තියා ගත්තොත් හැරෙන්න, ඒවා මතක තියා ගන්න ගොඩක් පිරිමි පෙලඹෙන්නේ නෑ.



එ නිසා අද ඉඳන් වත්, පාණ සිද්ධි මතක් කරනකොට ඔයාගේ බිරිඳට/පෙම්වතියට, "ඕනේ නැති කෙහෙල්මල් මතක තියාගෙන ඉන්නවා, පිස්සු කෙල්ලෙක්" කියලා බණින්න එපා. ඒක එයාලා හැදිලා තියෙන හැටි.



ඔයාගේ සැමියාට/පෙම්වතාට, "හැම දෙයක්ම අමතකයි, කිසිම සිහියක් නැති මිනිහෙක්" කියලා බණින්න එපා. එයාට අමතක නෑ. ඒ මතකය වෙනස්. ඒච්චරයි.



ඒකත් මතක තියාගෙන ජීවිත ගමන ඉදිරියටම ඇවිදින්න, නවතින්නේ වත් ආපහු හැරෙන්නේ වත් නැතිව.


කියවලා කමෙන්ට් කරනවානම් ගොඩක් හොඳයි. මේ ගැන ඔයාලගේ අදහස් දැනගන්න මමත් ආසයි. ඒත් ඉතිං කියවලා කමෙන්ට් නොකලත් කමක් නෑ, කියවන්නේ නැතුව කමෙන්ට් කරන්න එපා.

36 comments:

  1. :D :D hithala hithala baluwama me kiyala thiyena dewal aththa :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිසා තමයි ඉතිං ලිව්වේ. ඔයා ඉතිං දන්නවනේ මගෙ බොරු නෑ කියලා.

      Delete
  2. aththama aththa!!!!

    ReplyDelete
  3. පිස්සු හැදෙයි :D

    ReplyDelete
    Replies
    1. නෑ, එහෙම වෙන්නේ නෑ.
      මේවා දැනගෙන හිටියම පිස්සු නොහැදී ඉන්න ලේසියි.

      Delete
  4. හොද ලිපියක් ගයාන්.. දැන් දනන්වනේ පිරිමින්ගේ මතකය ගැන ,,

    කෝ බ්ලොග් එකේ බ්ලොගර් ෆලොවර් ගැජට් එක,,

    ReplyDelete
    Replies
    1. කියල දෙන්නකො දාන හැටි. බස්සි අක්කත් ඇහුවා ඒක කෝ කියලා.

      Delete
  5. සහතික ඇත්ත කතාව​.... මම මේක කොපි කරනවෝ..

    ReplyDelete
    Replies
    1. හා, ඒත් කතෲ අයිතිය ‍රැකෙන විදිහට හොඳේ. මෙව්වා මගේ පෞද්ගලික පර්යේෂණ වල ප්‍රතිඵල.

      :)

      Delete
  6. Dude, this is awesome stuff !! Keep writing :)

    ReplyDelete
  7. awesome.. a real help in understanding the differences between men and women. there is a saying that men are from mars and women are from venus. i gs this proves that fact. yet, we should respect people for being themselves. appreciate your attempt in trying to bring closer the two ends of men and women.

    ReplyDelete
    Replies
    1. Yeah,of course we should respect people for being themselves.
      That's exactly why i thought of putting this post, too. Because some people think bad on others' memory, and so they get bad feelings on others.
      I hope this will help them understand each other better.

      Delete
  8. hey... appreciate your attempt in trying to bring closer the two ends of men and women. we should respect each other and thanx for helping in understanding each other's defaults.

    ReplyDelete
  9. ඔන්න මාස ගානකින් වෙන කාගේ හරි බොලොක්කයක් කියෙව්වා.අම්මප ඇත්ත කතාව බං.හිටපිය මං මේක අහවල් කෙනාටත් යවලා ඉන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිසා නේන්නං බං ලිව්වේ.
      මේ, ඒක නෙවෙයි මල් මල්, කව්ද බං අපි නොදන්න "අහවල් කෙනා"???

      Delete
  10. aththa kathawa.......... hahahahaha

    ReplyDelete
    Replies
    1. ලොවෙත් ඉතිං, දන්නවනෙ 🤓

      Delete

  11. That's y, many times majority of girls become strength of her life partner......as well as....there is a saying that there is a women behind the very successful man................. :)
    Add a comment...... :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියනවලු නේද උමේශා අක්කේ.
      හෙ හෙ.
      එව්වා කෙසේ වෙතත් ඉතිං ඕනෙ නැති දේවල් ඕනේ නෑනේ ඉතිං. ඒ නිසා ඕනේ නැති එව්වට රණ්ඩු වෙන ජෝඩු එහෙම ඉන්නවනං මේක එයාලට පෙන්නන්න.
      (උදා:-
      1. කෙල්ල උපන් බව මතක නමුත් ඇගේ උපන් දිනය අමතක වන කොල්ලාට කෙල්ලගෙන් ඇතිවන තර්ජනය,
      2. කොල්ලා තමන්ට ආදරය කරන නිසා ඔහු යහපත් පුද්ගලයෙකු බවට පත් වූ බව මෙන්ම ඔහුගේ පෙර වැරදිද මතක තබාගෙන පසු කලෙක ඔහුට ඒවා කියමින් බැන වදින කෙල්ලන්)

      Delete
    2. hamoma awaga narrow minded na....malli... :)

      Delete
    3. I knw dr.
      bt there are certain people like that too.
      so, if u know any of those kind of people, just enlighten them. Please.

      Delete
    4. "women behind the very successful man" ඇත්තනේ ඉතින්. ගෑණු කවද්ද අසාර්ථක පිරිමි පස්සේ ගියේ. නේද? :D

      Delete
    5. ඒකනේ!!! Science Boy ට තේරුණා සිද්ධිය!!!!
      ප්‍රශ්ණේ තියෙන්නෙ බං, අපේ ගොඩක් එවුං ඕක වැරදියට තේරුම් ගන්න එක නේ!!!

      Delete
  12. " ගැහැනුන් මතක තියාගන්නා දේ පිලිබදව පිරිමි දුක් වන අතර, පිරිමින් අමතක කරන දේ පිලිබදව ගැහැනුන් දුක් වේ" කියලා අයින්ස්ටයින් කිව්වේ ඕක නිසා වෙන්න ඇති.

    ඇත්ත තමා.මම නිකමටවත් photo එකේ පසුබිම බැලුවේ නෑ. ලිපිය කියවලා ඉවර වෙලා තමා ඒක බැලුවේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි Science!!!
      අයින්ස්ටයින් කියපු ඔන්න ඔය කතාව නිසා තමයි මම මේක ලියන්න හිතුවෙත්!!
      Photo එකේ පසුබිම විතරක්ම නෙවෙයි, ඒකේ පෙණුම, හැඩය, ලස්සන ගැනත් හිතන්නකො!! එතකොට තවත් පැහැදිලි වෙයි මං කියපු එක!!!

      Delete
  13. Replies
    1. අපි ඉතිං කියන්නේ අැත්ත තමයි පොඩි දුවේ!! ඔයා දන්නවනේ මගේ හැටි!!!

      Delete
  14. මේ ලිපිය මරු (Y)

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් එහෙම තමයි!!!

      Delete
  15. ������

    ReplyDelete
    Replies
    1. අනේ ඒක පේන්නෙ නෑ නෙ! :-(

      Delete
  16. It's true. Thanks.

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!