Monday, May 26, 2014

ගියාට කමක් නෑ, අපිට නං ගහන්න එපා!!!

අාරක්ෂක හමුදාවක කෙනෙක් ට කාගෙන් හරි අනවශ්‍ය දේකට ගුටි කන්න වුණොත්, වාහනයක් පුරවගෙන ගිහිං අාපහු ගහලා එන එක ශුවර්!!!

එතකොට, හමුදා හමුදා අතර ප්‍රශ්ණෙකදි???

දවසක්, කොළඹ කිට්‍ටුව (පැයක විතර දුර) පැත්තක බාර් එකක බිබී හිටපු කොල්ලෙකුට තව එකෙක් ශෝ එක දාන්න ඇවිල්ලා. අර කොල්ලා ඩෝන්ට් කෙයාර්.
ඒ පාර අර ශෝ කාරයා මුගෙ ඇඟට ඇවිල්ලා,
මල්ලි මේ!! ඇයි තමුෂෙ ලොක්කු ෂීන්ද ආ?? ඇයි අපි කියන එව්වා අහන්න බැරි උඹ අපිට වඩා චණ්ඩිද ඩෝ?? දැනගනිං මම ***වේ පොලිසීයේ හරී!!!

ඉතිං මට මොකෝ??

ආහ්!! තමුසෙ එහෙමයි නේහ්, හි‍ටු තොට!!! කැ***
අපිට ලොකු සීන් දාලා එහෙම ලේසියෙං බේරෙන්න බෑ හරී??? !!!!!

ලොකු සීන් දාපු එකා ම අර අහිංසක මූඩ් එකෙන් හිටපු එකාට බණිනවා ලොකු සීන් දාන්න එපා කියලා.

අර කොල්ලත් ඉතිං, කාපු පළවෙනි එක විතරක් අරගෙන දෙවනි එකෙන් බේරිලා මාරු.

ටික වෙලාවකින්, ගුවන් හමුදාවෙ ජීප් දෙකක් බාර් එක ඉස්සරහා. දෙකම පිරෙන්න කොල්ලො (ඒකත් හොඳ හයේ හතරෙ බුවාලා).
ලීඩ් කලේ එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයි, නිලධාරියෙක් (උස 6' 5" ට කිට්‍ටුයි, එසේ මෙසේ එකෙකුට හැප්පෙන්න පුළුවං එකෙක් නෙවෙයි, ඒ මදිවට කළු පටි කාරයෙක්)

එක ජීප් එකක් ස්ටෑන්ඩ්බයි, අනිකේ එවුං ටික බැස්සා. 

චණ්ඩියාට දෙක තුනක් වදිනකොට චූ ගියා කියලා එහෙමත් ලාවට ආරංචියි. අපි නං දන්නෑ ඔව්වා. හිකිස්!!! (පොලීසියෙ ලු නේ)

ඒ දීලා ආපහු යනකොට, අරූ අර කොල්ලගෙන් සමාව අරං බොන්න අරං දීලා. කොල්ලයි තව එකෙකුයි ඉඳලා අනිත් එවුං ගිහිං. මගක් යනකොට ආයෙත් කොල්ලගෙං කෝල් එකක් ලොකට. අර පණ්ඩිත පොලිස් කාරයා කොල්ලව තියාගෙන තියෙන්නෙ, උගෙ එවුංව ගෙන්නල ගහන්න. උං එන ටිකට අරුං ආපහු එතන. 
ඒ පාර ජීප් දෙකම බැස්සා, අරූට කලින්ටත් වැඩියෙන් ගහලා (මාස කීපයක් රෝහල් ගත වෙලා ඉන්න වුනාලු) උට සපෝට් එකට ආපු උන්ටත් අම්බානක නෙලලා, උන්ට අදාළ පොලිස් ස්ථානයත් ගොඩනැගිලි සහ ලිපිගොණු ඉතුරු වෙන්න අනිත් හැම දෙයක්ම කුඩු පට්ටං කරලා, එතන ඒවෙලාවෙ රජකාරි හිටපු උන්ටත් ගහලා. 

අන්තෝ ජටා බහි ජටා හුටා කිව්වලු. අන්තිමට ඒ පත්තෙ ගුවන්-පොලිස් මාර කේස්, දැක්ක තැන ගේමට. ඒත් කන්නෙම පොලිසිය. කාගෙ හරි අතක කුරුල්ලෙක් දැක්කත් වෙවුලන තරමෙ එවෙඋන් හිටියා.

ඔන්න ඉතිං ඔය සිද්ධියෙන් මාස් කිහිපයටක පස්සෙ, අහල පහල කොල්ලෙක්, ඒ පොලිස් ස්ථානයට යනවා, පොලිස් වාර්ථාවක් ගන්න. ඒකට ඕනෙ කරන විස්තර දෙනකොට ඒ පොලිස් කොස්තාපල්(ද සාජන් ද මංදා) ඇහුවා, "මල්ලි මොන රස්සාවකටද?? හමුදාවට යන්නද පොලිස් රිපෝට් ගන්නේ??" කියලා.
ඒ පාර අර පොඩි එකා (එහෙමට පොඩි නෑලු, එහෙමයි කිව්වෙ) කිව්වලු "ඔව්, ගුවන් හමුදාවට" කියලා.

ඒ පාර අර යකා ලිය ලියා හිටපු එකත් නවත්තලා මෝඩ හිනාවක් දාලා අහිංසක ආයාචනත්මක විදිහට ඔලුවත් නමලා කිව්වලු "අනේ බුදු මහත්තයෝ, එයා ෆෝස් ගියාට කමක් නෑ, අපිට නං ආයෙ ගහන්න එපා, ඔයාලගෙ කට්ටියට අපිට ගහන්න දෙන්නත් එපා, ප්ලීස්, අනේ ලොකු උදව්වක් ඈ!!"" කියලා.



25 comments:

  1. හෑක් හැක් හැක් හැක්....

    එරියා එකෙන් පිටට ගියාම බල්ලොත් බලු වෙනවනේ...

    ජය වේවා/////111

    ReplyDelete
    Replies
    1. ඒරියා එකෙන් පිට කේස් එකක් නෙවෙයි විදානේ.
      දෙගොල්ලොම එක ඒරියා එකේ.
      එකයි හොඳම සිද්ධිය

      Delete
  2. පට්ට බං සිරාවට මට මතක් වෙත්දිත් හිනා.
    :) :)
    කොහොමත් පොලීසියෙ උන් සාමාන්‍ය ජනතාව අතර රඟනවත් වැඩීනෙ. අරුත් හිතන්න ඇති මූ නිකන් කොල්ලෙක් කියලා. කෑවට පස්සෙ තමා රහ තේරුනේ.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ බං, කෑවට පස්සෙවත් නිකං ඉන්නෙ නැතුව, තමුන්ගෙ උන්වත් ගෙන්නලා උන්ටත් ඉල්ලලා දුන්න එක නේ.
      ඒ මදිවට, පොලිසියත් කුඩු.
      වෙලාවට අර ගුවන් ටීම් එක ලීඩ් කරපු කෙනාට මොලේ තිබුණු නිසා ලිපිගොණු ටිකයි ගොඩනැගිල්ලයි ඉතුරු කලේ.
      නැත්නම් ඒවත් ඉවරයි.

      Delete
  3. මොන හමුදාවේ හිටියත් (ඉඳලා පැන්ෂන් ආවත්) මම ලොක්කෙක් කියලා හිතීම මෝඩකමකි. අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්තම ඇත්ත විචාරක තුමා. ඒ අදහසට හදවතින්ම ගරු කරනවා.

      තමුන්ගෙ ලොකුකං තමුන්ට. මොකටද කාටවත් ලොකුකම් පෙන්නන්නේ!!

      අනික ලොකු මිනිස්සුන්ට තමයි කරදර වැඩි, ඒ නිසා පොඩියට හිතාගෙන හිටියම කාටත් හොඳයි නේ. (අල්පේච්ඡතාවය ද මොකක්ද කියන්නේ)
      නේද?

      Delete
  4. අනේ පොලෝසියෙ අලි සීන්. හොඳම වැඩේ.......

    ReplyDelete
    Replies
    1. හොඳම වැඩේ.

      ඒ මදිවට ලැජ්ජා නැතුව අරක කියපු හැටි මතක් වෙනකොටත් බොකු බඩවැල් කටින් එන්න තරම් හිනා යනවා අක්කේ!!

      ///අනේ මහත්තයෝ ගියාට කමක් නෑ අපිට ගහන්න එපා ඈ :'-( ///

      Delete
  5. paw ane,,,, mata ityn duka hitenawa oya depeththa genama... lol

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ඒත් තමුන්ගේ සීමාව හරියට දැනගෙන හිටියනං ඔහොම අකරතැබ්බයක් වෙන්නේ නෑනේ.
      බොරු ශෝ දාන්න ගිහින් ගමකට කෑවා. ඉල්ලගෙන ම කාපු නිසා ඉතිං මමනං පව් කියන්නෙ නෑ.
      (හැබැයි ඉතිං, ගියාට කමක් නෑ ගහන්න එපා කියාපු එක මතක් වෙද්දි හිනා ගියාට ඇත්තටම ඒක කියපු විදිහ මතක් වෙනකොට පව් කියලත් හිතෙනවා.

      Delete
  6. හෙහ්, ඉල්ලන් කෑමක්ද මන්දා ඉතින්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා!!!
      ඉල්ලගෙන කෑවා විතරක් නං කමක් නෑ, තමුන්ගේ ආයතනයටත් ඉල්ලලා දුන්න එක තමයි හොඳම හරිය.

      Delete
  7. කෝමත් ෆෝසස් අතරෙ එකමුතු බවක් තියෙනව... පොලිසියට වුණත් උදව් කරන වෙලාවල් තියේ.. ඒතවැඩිපුරම තරහයි ඒකයි හැටි

    ReplyDelete
    Replies
    1. තරහ තියෙන්නෙ පොලිසියත් එක්ක නෙවෙයි මහේෂ්, පොලිසියෙ සම-හරක් කරන හරක් වැඩ වලටයි තරහ.
      හොඳ මිනිස්සු පොලිසියෙත් ඉන්නවා. ඒ මිනිස්සු එක්ක කවුරුවත් තරහ නෑ.

      Delete
  8. මේවාට කියන්නේ...පයිප්ප තියාගෙන ඇදගෙන නෑම කියලා. අපිට තියන හෙණේ තමයි නිල ඇඳුමෙන් පිම්බීම. මම ඉන්න රටේ පොලිස් යුනිෆෝම් එකෙන් ඉන්න කෙනෙකුට බියර් එකක් විකිණීමත් නීතියෙන් වරදක්. අපේ රටේ යුනිෆෝම් එකෙන් ඉන්න එකෙකුට නොවික්කොත් අපි හිරේ. ඒකනේ ප්‍රායෝගික තත්වය ගයාන්.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත අරූ.
      මෙලෝ රහක් නැති විදිහට පොලිසිය චාටර් වෙනවා.
      මේ වගේ කාලකණ්ණි පොලිස් කාරයො නිසා හොඳ පොලිස් නිලධාරීන්ගේ තත්ත්වයත් බල්ලට ගිහින්.

      Delete
  9. ahannath deyakae... lankawe polosiya ne :v

    ReplyDelete
    Replies
    1. මේක ඉතිං අපේම සිරි ලංකාව නේ!!!

      Delete
  10. appe kanata mi pani damma wage.tawat gahuwanam thama watinne

    ReplyDelete
    Replies
    1. අපි ගියාම ගහමු!!
      (ඕනෙ නෑ බං. අතෑරලා දාපං, ඕකුන්ට වදින්න ඕනෙ හැම තැනිං ම වදිනවා!!! )

      Delete
  11. හිකිස්..මරු කතාව ඈහ්!

    ReplyDelete
    Replies
    1. අැත්තටම වෙච්ච සිද්දියක් මලිත්!! නොවැලැක්විය හැකි හේතූන් මත, සමහර රස තැන් කපා හරින්න සිදු වුණා මිසක්, කිසිවක් අමුතුවෙන් එකතු කරලා නිර්මාණය කරලා නෑ!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!