Thursday, November 24, 2016

දුටු නුදුටු රූ


අහම්බයකින් නෙත ගැටුණු                            රුව
සිහිල සැනැහුම මවයි                            නොඅඩුව
එහෙත් උපමා නොහෙයි ඒ                           රුව
පුන් සඳට, ලප ගැටිති එහි                              වුව



සඳ දුරය මම පොලෝ තලැ                           හිමි
සඳෙකි අන් හිමි වෙනැකෙකුගෙ                    දුමි
පුර පස ද අව පස කලා                             සොමි
රුවද එලියද පමණි මට                                හිමි


මිහිරි සුරතල් හඬැ ලදරු                               වන්
සැරුම් ඉඟි බිඟි වගෙයි                             දරුවන්
කෙරෙයි සිත්කළු දුටු වු                            දුටුවන්
වන් දෙවන් මව් නොවී දරු                            වන්


෴පිරේ෴




ප.ලි.
කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා ඔන්න ආයෙමත් ආවා! පුංචි ඉල්ලීමක් ඉටුකරන්නත් එක්ක ආපු එකේ, වැඩ වැඩි වෙලා ඉන්න අතරේ අතරේ ආතතිය මකාගන්නත් එක්ක හදිස්සියෙ ලියපු එකක් නිසා ටිකක්  (ටිකක් නෙවෙයි ගොඩක්) අඩුපාඩු ඇති හොඳේ!