Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

Friday, September 19, 2014

ඒහිපස්සිකෝ!!! ........ මොකක්ද මේ KDU???

දන්නවද?? මොකක් ද මේ " K D U " කියන්නේ??? මොනවද  ඒකේ තියෙන්නේ??? කොහොමද ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ?? ඔයාලත් දැනගන්න අාසයි ද??

Saturday, July 12, 2014

රාමායණය සහ ලංකාවේ අපි

වාල්මිකී සිටියේ ඉන්දියාවේය. රාමායණය ලිව්වේ ඔහුය. අප සිටින්නේ ලංකාවේය. අපි රාමායණය කියෙව්වෙමු. එය හිස් මුදුනෙන් පිලිගත්තෙමු. 

රාමායණයට අනුව රාම හෙන පොරකි. පට්ට වැඩ්ඩෙකි. රාවණ මහා නරියෙකි. ගෑනු හොරෙකි. රාමායණය කියවන අතර අපිද රාමගේ ජය පැතුවෙමු. රාමට හුරේ දැම්මෙමු. රාවණගේ පරාජය හමුවේ සිතින් ජය පැන් බිව්වෙමු. රාවණ සිටියේ ලංකාපුරයේය. නැතහොත් ලංකාවේය. අප සිටින්නෙද ලංකාවේය. ඉතින් රාවණ අපේ කෙනෙකි. නමුත් අපේ එකෙක් වුවද වැරැද්දක් කලා නම් වැරැද්ද වැරැද්දමය. නමුත් රාමායණයේ ඇත්ත නැත්ත අප දන්නේ නැත. එසේනම් අප මෙතුවක් කල් රාමට කඩේ ගියේ රාමගේ සීනි කිරුවේ කිසිවක් හරියට දැනගෙන නොවේ.

Sunday, June 1, 2014

වයසේ වැරද්ද

මේ දවස් වල විභාග නිසා හරිම කාර්‍ය්‍ය බහුලයි.
ඒ අහු අස්සේ මේ වගේ දෙයක් හම්බවුනාම නොදා කොහොමද කියලා හිතුණු නිසා ඔන්න උස්සගෙන ආවා. කියවලා ම බලන්නකෝ.

Friday, May 16, 2014

෴වෙසක්෴ අනේ මංදා!!!

වෙසක්!!!
අනේ හැබෑට, දැං මේකට ගිය කලක්. තොරණ, වෙසක් කූඩු තරඟ, මහා දන්සැල්.
යමු පොඩ්ඩක් ඉතිහාසෙට. මොකක්ද මේ කෙරුවාවෙ ආරම්භය කියලා පොඩ්ඩක් බලන්න කැමතිද??

මුලින්ම පොඩ්ඩක් බලන්න, මොකක් ද මේ වෙසක් කූඩුවේ හරි ම නම???
 "වෙසක් පහන් කූඩුව" නේද?
මොකටද පහන් වලට කූඩුවක්??

Wednesday, March 26, 2014

මොකක්ද වඳුරෝ මේ??

මේ! වඳුරෝ! මේක හොඳට අහගනිං.

මම දන්නවා එලියේ වැස්ස තදයි කියලා. ඒ වැස්සේ ඉන්න අමාරුයි තමයි. ඒත්, මේ පුංචි කූඩාරම ඇතුළේ මටත් හරියට ඉන්න ඉඩ මදි. උඹට ඒක පේන්නේ නැතුව නෙවෙයිනේ?

මුලින්ම උඹ මේ කූඩාරම අස්සට අතක් දැම්මා. ඒත් මම උඹව එලෙව්වේ නෑ. මොකද, උඹේ අතේ තිබුණු ඒ පුංචි තුවාලේ තෙමිලා පැසවයි කියලා උඹ ගැන දුක හිතුණු නිසා.