Thursday, March 21, 2019

Seasons in the Sun


නුඹ ආවේ ද, වසන්තය රැගෙන ය.
නුඹ ගියේ ද, වසන්තය රැගෙන ය.


ආයෙ එන්නද ගිම්හානය අරගෙන? 🙈

Wednesday, January 23, 2019

අයියා දන්නෙ නෑ නෙ ඉතිං

අපේ හිතමිතුරු සමීර් සඳරු දසනායක මලයා මෑතකදි පල කල කවියක් කියවද්දි, ඒකට හොඳ පිලිතුරු කවියක් හිතට ආවා!

මේ සඳරු මල්ලිගෙ කවිය!

පිරිමි පපුවක ගැහෙන රිද්මය,
නුඹට තාමත් නුහුරු හින්දා..
පුංචි දේටත් අඬන ඔය හිත මම,
නලවගන්නේ කොහොම මන්දා..

නුඹේ ඇස් දෙක මගෙන් එපිටට.
ඇසිල්ලක වත් නොයෙන හින්දා..
නුඹේ ලතැවුල්, ඇහේ කඳුලැල්,
නුඹට හුරතල් වැඩිද මන්දා..

-හිත(ළු)
~සඳරු


මේ මගෙ හිතට ආපු "ඒ අයියට නංගිගෙන් (නො)ලැබුණු" පිලිතුරු කවිය!

පුරුදු පපුවක ගැහුණ රිද්මය 
එදා වාගෙම මතක හින්දා
ඔබට නුපුරුදු ලෙසට පෙන්වා 
සිතින් දුක හැමදාම වින්දා

නුඹේ හදවත ඒ කතාවට 
බිඳෙන බව මට දැණුන හින්දා
නුඹට නොකියමි ඒ පුරාවත
අනේ මං වැරදියි ද මන්දා

-නංගිගෙ හිත(ළු)-
~ පි.රෙ. ~‍

ප.ලි.
අටුවා ටීකා ඨිප්පණි අවශ්‍ය වෙන එකක් නෑ මං හිතන්නෙ මේ වචන සරලයි ඕන කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් කියලා මං හිතනවා!

ප.ප.ලි
යන එන ගමන් හදිස්සියෙ කොටාගෙන ගිහ නිසා වෙනදා වගේ හෑලි නෑ! සමාව අවසර! තරහ වෙන්න කාරි නෑ ඕං!!

Monday, June 11, 2018

GPU - මොකක්ද සර් ඒ ජෙනරේටරේ ??

පැරණි මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක්:-

ආ හෙලෝ මචං, කොහොමද? මොකද හදිස්සියෙ අපිව මතක් වෙලා?

විශේෂයක් නෑ සර්, සර් ට කොහොමද?

හැමදාම කියන කතාවම තමයි බං! උඩ යන්නයි පන පිටිං ආපහු බිමට එන්නයි පුළුවන් විදිහට වැඩ ටික කරගෙන ඉන්නව ඉතිං.
අපේ එකක් ඊයෙ පෙරේදා ඒ පැත්තෙ ආව නේද?

අපෝ ඔව් ඔව් සර්, ආවට ඉතිං වැඩිපුර තිබුණෙ බිම නෙ! ඊයා සර් මොකක්ද අර ජෙනරේටරයක් එල්ලගෙන පැය ගානක් බැට්‍රි චාජ් කලේ ලැජ්ජිවෙ බෑ සර්!

මොකක්ද බං ඒ ජෙනරේටර් සීන් එක??

Monday, July 31, 2017

ප්‍රහාරක ගුවන් යානා සහ භූමිතෙල්

ඇත්තද මේ කතාව? ප්‍රහාරක ජෙට් පදින්නෙ භූමිතෙල් ගහලා ද??

ඊට කලිං බලමු මේ "භූමි තෙල්" කියන්නෙ මොකක්ද කියලා.

පෙට්‍රල් වුණත් ඉතිං එක විදිහක තෙලක්, ඒකත් ගන්නෙ පොලොවෙන්, එහෙම බැලුවම දැනට භාවිත වෙන සියලුම ද්‍රව ඉන්ධන "භූමිතෙල්" නෙ!! 😉😉

Thursday, November 24, 2016

දුටු නුදුටු රූ


අහම්බයකින් නෙත ගැටුණු                            රුව
සිහිල සැනැහුම මවයි                            නොඅඩුව
එහෙත් උපමා නොහෙයි ඒ                           රුව
පුන් සඳට, ලප ගැටිති එහි                              වුව

Sunday, July 24, 2016

Delete කලා ට Delete වුණා කියලා Sure ද?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අය හොඳටම දන්නවා (නැත්නම් අඩු ගානෙ දැං වත් දැනගන්න ඕනි), අපි වින්ඩෝස් වල ඩිලීට් කරන දේවල් Recycle Bin එකට යනවා මිසක් ඇත්තටම මැකෙන්නෙ නෑ කියලා! ඒ නිසා Shift  යතුර ඔබාගෙන Delete බට්න් එකෙන් Delete කරන ඒවා Recycle Bin එකට යන්නෙ නෑ, වින්ඩෝස් වලින් ම මැකිලා යනවා! 

ඒත්......................!!!!
ඒත් ඒවා ඇත්තටම, ඒවා තිබුණු තැනින් මැකෙනවා ද? ඒවා තිබුණු Pen Drive එකෙන්, Hard Disk එකෙන්, Memory Stick එකෙන්  මැකිලා යනවා ද??

Apple වලින්, Android වලින් අපි ඩිලීට් කරන දේවල් සදහටම මැකෙනවා ද? 

Sunday, May 29, 2016

අපි රි"ලව්"


"ලැදි මන බන්දනා
පැහැබර් සිනා රුස්නා
කතක් හි තොස්නා
මණි අකුස් හි ලය් ගන්නා"

Wednesday, May 6, 2015

අද කාලෙ වෙසක්!!!

ගියපාර වෙසක් බලන්න ගියාම දැකපු විගඩං නාඩගං නිසා මට හිතුණු දේවල් මං මෙන්න මෙහෙම අකුරු කලා!! බලපු නැති අය බලලා ම එන්නකො!!
මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!

Monday, May 4, 2015

ෆොටෝ එකේ වයස කීයද??

වෙසක් බලලා, පන්සල් කාලා දන්සල් වැඳලා*  කට්ටියට දැං මහන්සිත් අැති නේ?? ඒ නිසා කම්මැලි කමට වගේ කරලා බලන්න පොඩි පොඩි "ෆන්" දෙයක් හම්බවුණා!!

Monday, April 27, 2015

පොඩි උපදෙසක්!! හැමෝම කියවන්න මේක!!

මේ මගෙ එක සුරතලෙක්.
 ඉගෙන ගන්න නිසා මෙයාගෙන් දුරස් වෙන්න වෙලා!! කාලෙකට පස්සෙ තමයි මෙයා ලඟට යන්න ලැබුණෙ මං අවුරුදු නිවාඩුවෙ ගම-රට බලා ගිය වකවානුවෙ!!

Tuesday, March 3, 2015

෴අෑ෴



වැස්සකින් බේරීමට
පොත් සාප්පුවකට
අහම්බෙන් ගොඩ වීමි
මඳකට!


Sunday, November 23, 2014

ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත්

මීට කලින් කවුරු හරි කෙනෙක් හෝම්ස් ලංකාවට ඇවිත් වෙච්ච සිද්ධියක් ගැන පෝස්ට් එකක් වත්පොතේ ගෙත්තම් කරලා දාලා තිබුණා මතකද????

Tuesday, October 21, 2014

ජ්‍යෝතිශ්‍යය ගැන මගේ මතය!!! ~Astrology in My View~

ජ්‍යෝතිශ්‍යය ලොකු මාතෘකාවක්. ඒත් මෙතන මං ඒ ගැන මහ දෙයක් ලියන්නේ නෑ. මට ඒ ගැන හිතෙන, දැනෙන අදහස් විතරයි මේ!!!
* සිතුවිලි කලඹ ලියන නිශාදි වික්‍රම අක්කා මූණුපොතේ දාපු ස්ටේටස් එකක් නිසා තමයි මට මේ ලිපිය ලියන්න හිතුණේ. මං මේ ලියලා තියෙන විදිහට, මේක බරපතල වැඩි නං කියන්න, මං පැහැදිලි කරලා දෙන්නං. 

Saturday, October 11, 2014

සුබ ගමන් යාලුවේ!!!

මේ ලෝකේ හරිම නපුරුයි අනේ!!! කිසිම දෙයක් වැඩි කල් තියෙන්නේ නෑ!!!
නෑදෑයෝ, යාළුවෝ, හිතවත්තු එනවා යනවා!! කවුරුවත් අපි එක්ක එක දිගට ඉන්නේ නෑ!! අලුතෙන් එන අලුත් පරම්මපරාවට ඉඩ දීලා පරණ අය යන්න යනවා!!! මිනිස්සු විතරක් නෙවෙයි, ගහ-කොල, සතා-සීපාවා, අැල-දොල, මේ හැම දේටම පොදු, ලෝක ස්වභාවය ඕක තමයි ඉතිං.


Friday, September 19, 2014

ඒහිපස්සිකෝ!!! ........ මොකක්ද මේ KDU???

දන්නවද?? මොකක් ද මේ " K D U " කියන්නේ??? මොනවද  ඒකේ තියෙන්නේ??? කොහොමද ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ?? ඔයාලත් දැනගන්න අාසයි ද??