Sunday, July 24, 2016

Delete කලා ට Delete වුණා කියලා Sure ද?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අය හොඳටම දන්නවා (නැත්නම් අඩු ගානෙ දැං වත් දැනගන්න ඕනි), අපි වින්ඩෝස් වල ඩිලීට් කරන දේවල් Recycle Bin එකට යනවා මිසක් ඇත්තටම මැකෙන්නෙ නෑ කියලා! ඒ නිසා Shift  යතුර ඔබාගෙන Delete බට්න් එකෙන් Delete කරන ඒවා Recycle Bin එකට යන්නෙ නෑ, වින්ඩෝස් වලින් ම මැකිලා යනවා! 

ඒත්......................!!!!
ඒත් ඒවා ඇත්තටම, ඒවා තිබුණු තැනින් මැකෙනවා ද? ඒවා තිබුණු Pen Drive එකෙන්, Hard Disk එකෙන්, Memory Stick එකෙන්  මැකිලා යනවා ද??

Apple වලින්, Android වලින් අපි ඩිලීට් කරන දේවල් සදහටම මැකෙනවා ද? 
කොහෙත් ම නෑ! ඕනෑම මතකයක ඒ වගේ අමතක කල මතකයන් වල ඡායාව යටපත් වෙලා තියෙනවා!! Hard Disk, Pen Drive වගේ මතකයන්ටත් ඒ දේ එහෙමමයි! සුදුසු බලපෑමක් කලොත් ඒ මතකයන්ගෙන් බොහොමයක් නැවත මතක් කරගන්න පුළුවන්! හොඳ Recovery Software එකක් පාවිච්චි කලොත්, ඒ Delete කරපු දේවල් බොහොමයක් නැවත ගන්න පුළුවන්!
හොඳයි, අපි හිතමු, අපි මොකක් හරි අතිශය පෞද්ගලික ලිපිගොනුවක්/ පින්තූර/ වීඩියෝ හෝ ඕනෑම දෙයක්, Delete කරලා දැම්මා කියලා!

ඒත්, වෙන කවුරු හරි මොනම විදිහකින් හරි ඔයාගෙ ලැප්ටොප් එක/ PC එක/ Pen Drive එක, පිටස්තරයෙකුට ලැබුණොත්.................
Repair කරන්න හරි කාටවත් දෙන්න වුණොත්..............

නිකමට හරි ඒ කෙනා Recoveryයක් දැම්මොත් අර මකපු මතකයන් එලියට එන්න බැරිද????
ඒ නිසා කෝකටත් කියලා අපි පුරුදු වෙමු පරිස්සම් වෙන්න. නේද??

හොඳයි! අපි බලමු කොහොමද මේ මැකුණු මතකයන් නැත්තටම නැති වෙන්න මකලා දාන්නෙ කියලා! (අර සමියා කියනවා වගේ “මැකුවොත් හිරේ” යන්න වෙයි ද දන්නෑ. ඒ ගැනත් සමියාගෙන් ම අහගන්න!)

හරි, මේ කියන සැඟවුණු මතකය, ඒ උඩින් වෙන මොනවා හරි ලියනකල් මැකෙන්නෙ නෑ. අදාල ඉඩ 100%ක් ම පිරුණොත් මිසක් ඒක නිකං නං වෙයි කියලා හිතන්න අමාරුයි! (Hard Disks වල තියෙනවා කීප වරක් මැකුවත් මතු වෙන Ghost-Tracks කේස් එකකුත්. ඒ ගැන වැඩි විස්තර ඕනි නං අහන්න. කියලා දෙන්නම්)
එහෙම නැත්නම්, මකන දේවල් ඒ සැඟවුණු මතකයටත් නොගිහින් සම්පුර්ණයන්ම මැකිලා යන විදිහට මකන්න ඕනි!

දැං මේ කියන විදිහට “උඩින් ලියන්න” (Overwrite කරන්න)ත්, මකන එක ඒ සැඟවුණු මතකයට නොයන්නම මකන්නත් එක එක ටූල්ස් තියෙනවා! 

Revo Uninstaller Pro වල තියෙනවා “Unrecoverable Delete” කියලා Tool එකක්! ඒකෙන් පුළුවන්, කාටවත් නොයා යුතු රහසිගත දේවල් සදහටම මකලා දාන්න! 

ඒකෙම තියෙන “Evidence Remover” ටූල් එකෙන් පුළුවන්, කලින් මකපු දේවල් නැවත හොයන්න බැරි වෙන්න සුද්ධ කරලා දාන්න.


(හොයාගෙන ක්‍රැක් කරගන්න! ට්‍රයල් එකෙන් බැරි වෙයි!  ක්‍රැක් එක ඕනි නම් ඉල්ලන්න. මං ලඟ තියෙනවා!)

තව එක එක ටූල්ස් තියෙනවා “
File Shredder” වගේ දේවල්, ඒත් මං ඒවා ටෙස්ට් කරලා නැති නිසා මට ඒවා නිර්දේෂ කරන්න බෑ! ඕනි නම් කරලා බලලා පුළුවන් නං මටත් කියන්න!

Revo Uninstaller Pro හොයාගන්න බැරි නම්, සරලව අපේ “ජනේල හත, අට, අටයි තිතයි එක සහ දහය” මෙහෙයුම් පද්ධති වල මේ වැඩේ කරගන්න සහය වෙන උපකරණයක් තියෙනවා! කලින් මකපු දේවල් සුද්ධ කරන්න මෙයාට පුළුවන්!

ඒක කරන්නෙ මෙහෙමයි,
1.         මුලින් ම, අදාල ෆයිල්/ ෆොටෝ/ වීඩියෝ/ මොනවා වුණත්, නිකම්ම ඩිලීට් නොකර Shift + Delete යතුරු දෙකම එක වර එබීමෙන් මකන්න! නැත්නම් නිකං ම ඩිලීට් කරලා Empty Recycle Bin කරන්න!

2.         ඊලඟට Command Prompt එක Administrator විදිහට විවෘත කරගන්න!

3.         ඊට පස්සෙ,  ඒකේ  cipher  /w:X  ටයිප් කරලා Enter කරන්න. මෙතනදි X කිව්වෙ, අර මකපු දේවල් තිබුණ තැන. ඩ්‍රයිව් ලෙටර් එක විතරක් දුන්නම ඇති!
4.         දැං ඉතිං ඉවසීමෙන් බලන් ඉන්නයි තියෙන්නෙ! ඩ්‍රයිව් එකේ හිස් ඉඩ වැඩි නම් ටිකක් වෙලා යනවා! 

දැං වැඩේ හරි! ඒ ඩ්‍රයිව් එකේ තිබිලා මකපු කිසිම දෙයක් ආයෙ Recovery Software වලින් හොයන්න වෙන්නෙ නෑ! ඒ කියන්නෙ ඉතිං කොහොමත් හරියට හරි! සම්පූර්ණයෙන් ම ආරක්ෂිතයි!

Android වලට මං පාවිච්චි කරන්නෙ මේ Andro Shredder එක. ඒකෙනු, unrecoverable delete කරන්න Shred එකෙනුත්, මකපු දේවල් හොයන්න බැරි වෙන්නම අතුගාලා දාන්න (evidence removing) Wipe එකෙනුත් පුළුවං. තව ගොඩක් apps තියෙනවා! 

Apple App store එකෙත් ඇති හොඳ ටූල්ස්! Apple Products පාවිච්චි කරන අය හොයලා බලන්න!

8 comments:

  1. මේ සඳහා මම මෘදුකාංග දෙකක් පාවිච්චි කරනවා.

    1. Your Uninstaller - මේකෙන් පුළුවන් ෆයිල් එකක් delete කරන්න system files වල ඇතුලේ තියන පොඩි පොඩි ඉතිරි කොටස් පවා මැකෙන විදිහට. (සිස්ටම් එකට හානි නොවී) එමෙන්ම file shred කරන්න වාර ගණනාවක්ම, නැවත ගන්න බැරිවෙන්න.

    2. Iobit Uninstaller - මේකත් ඉතා ප්‍රබලයි. ආයෙත් හොයාගන්න බැරිවෙන්නම මකන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ එකයි
      මේ තියෙන්නෙ තවත් හොඳම එවා දෙකක් ම!! ඒ ගැනත් සඳහන් කරලා, අත්දැකීමෙන් තහවුරු කරගත් ඒ දේ හැමෝටම බෙදලා දුන්නට බොහොම ස්තූතියි විචාරක තුමා!!

      Delete
  2. නියමයි පිරේ.. මේක වැදගත් කොල්ලන්ට වඩා කෙල්ලන්ට මං හිතන්නෙ. හිහි. එහෙමයි කියල නිකං ඉන්නෙ මකටද මාත් අදම හොයාගන්නව

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මහේෂ් අයියෙ!
      ලියන්න වෙලාවක් නැතත් ටික ටික ලියලා මෙහෙම දැම්මෙ ඒ වගේ අමාරුවෙ වැටෙන අය දැං කාලෙ බහුලයි කියලා පේන නිසා!!

      කෙල්ලො විතරක් ම නෙවෙයි ඉතිං, කොල්ලො වුණත් දැනගන්න ඕනි, තමුන්ට තියෙන ආදරේ වෙනුවෙන් තමුන්ගෙ කෙල්ල දෙන දේවල් ලෝකෙට යන්න නොදී හරි විදිහට රකින්න!! 

      Prevention is better than cure නේ, ඒ නිසා මං ඉතිං මට පුළුවන් උදව්ව කලා! Prevent කරගන්නවද නැත්නම් Cure කරන්න වෙනකල් බලං ඉන්නවද කියන එක ඉතිං ඒ ඒ අයට බාරයි! නේද අයියෙ!

      Delete
  3. Replies
    1. ඔව් මල්ලි! සෑහෙන කාලෙකින් ආවෙ! ලියන්න වෙන්නෙ ම නැති තරම්! මේකත් මේ, කාලයක තිස්සෙ ටික ටික ලියලා එකතු කරලා දැම්මෙ!! දැං කාලෙ කොල්ලොන්ට කෙල්ලොන්ට සෑහෙන්න වටින නිසා!!!

      Delete
  4. Watina post ekak. Digatama liyanna bro...

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!