Wednesday, October 30, 2013

පරිගණකය ලඟටවත් නොගිහින් පරිගණකය හසුරුවමු (Hand Gestures to Control Your Computer)

මේක නම් මටත් ලැබුණේ මගෙ යාලුවෙකුගෙන් ලැබුණු තෑග්ගක්. එයා මේක කොහෙන් හොයාගත්තද කියලානම් මට තවම කිව්වෙ නෑ, ඒත් මම ඔයාලට ඒක දෙන්නම්.

මේක පොඩි ඇප්ලිකේශන් එකක්. මේක දාගත්තාට පස්සේ ඔයාලට පුලුවන් ඔයාලගෙ වෙබ් කැම් එක මගින් පරිගණකයට විධාන කරන්න. තේරෙන සිංහලෙන් කියනවානම්, ඔයා අතින් පෙන්වන සංඥාවක් හඳුනාගෙන ඒකට අනුව පොඩි වැඩක් කරන්න මේකට පුලුවන්.

හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද? මෙන්න හොඳම එක. බාගන්න ESET Smart Security With Purefix ජීවිත කාලයටම Free Update සමඟ.

හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන, හොඳ Ratings එහෙම තියෙන, ලොකු ලොකු කතන්දර එක්ක එන, කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන අවුරුද්දක් පාවිච්චි කරලා Uninstall කරනවා. ඊටපස්සෙ ඊලඟ අවුරුද්දට තවත් එකක් දාගන්නවා. ඒත් ඒ අයින් කරපු එක ඇත්තටම අයින් වෙලාද? අලුතෙන් දාපු එකත් ඒ වගේම අවුරුද්ද්කින් අයින් කරනවද?

ඇත්තටම කියනවනම්, සාමාන්‍යයෙන් අපි වයිරස් ගාඩ් එකක් අන්ඉන්ස්ටෝල් කලා කියලා ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නෑ. ඒකෙන් 98% විතර ඉතුරු වෙනවා. ඒ කියන්නෙ, අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වයිරස් ගාඩ් දැම්මොත්, ටික කාලෙකින් හාඩ් ඩිස්ක් එක කුණු ගොඩක් වෙනවා.

Saturday, October 12, 2013

Still searching how to hibernate Windows 8 ? Here's the answer. (ජනේල අට හයිබ'නේට් කරන හැටි තවමත් හොයනවාද? මෙන්න විසඳුම.)

ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. පිරේ මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.