Tuesday, December 31, 2013

2014 ඔබ සැමට සුභ නව වසරක් වේවා!!! Happy New Year!!!


ලබන්නා වූ මේ 2014 නව වර්ෂය ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!!!
May this arriving 2014 New Year, be a Prosperous, Peaceful, Happy New Year!!!

Tuesday, December 24, 2013

"අසාර්ථක උත්සාහය" දුක හිතෙන කතාවක්

අදනම් යාලුවනේ මම ගෙනාවේ මගෙ නිර්මාණයක්වත් පරිගණක දැනුමට අදාල දෙයක්වත් නෙවෙයි.
හිත උණුවෙන විදිහේ එක් අසාර්ථක උත්සාහයක්; මගෙ යාලුවෙකුගේ සත්‍ය අත්දැකීමක්; සත්ව කරුණාව නිසාවෙන් ගත් එක් අහිංසක උත්සාහයක ව්‍යාර්ථ වීම.  :'( කියවලම බලන්න.

<<<මේක කියවලා එක්කෙනෙක් හරි සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පටන්ගන්නවනම්, මට ඒක ලොකු සතුටක්. මේ බ්ලොගියට අදාල නොවෙන මේ පෝස්‍ටුව් පල කිරීමේ එකම අරමුණත් ඒකමයි.>>>

Monday, December 2, 2013

කියවන්න දන්නේ නැති ඉංග්‍රීසි වචන කියවන හැටි අහගෙනම ඉගෙනගන්න ©PiReSoft® TexT ReadeR

ඔන්න අදත් මම හදපු පොඩි අයිටම් එකක් ගෙනාවා. මේකනම් එච්චර ලොකු දෙයක් නෙවෙයි, බොහොම පුංචි ඇප් එකක්. මාතෘකාවෙන්ම තේරෙනවනේ මොකක්ද මේ භාණ්ඩේ කියලා.

මේ දවස් වල අපිට විභාග නිසා බ්ලොග් ලිපි ලියන්න හරිහැටි වෙලාවක් නෑ. ඒත් අපි පාඩම් කරන අතරේ හදිස්සියේම ඇතිවුණු කතාබහක් නිසා තමයි මේක ලියන්න හිතුණේ.

ඔයලා දන්නවා ඇතිනේ අපේ රටේ හැම විශ්වවිද්‍යාලයකම වගේ ඉගැන්වීම් කටයුතු, විභාග හැම දෙයක්ම කරන්නෙ ඉංග්‍රීසි භාශාවෙන්. ඉතිං අපි යාලුවෝ කල්ලි ගැහිලා කුප්පි දානකොට (ඒ කිව්වේ, පොඩි පොඩි කණ්ඩායම් විදිහට එකතුවෙලා දන්න අය නොදන්න අයට කියලා දෙන එක. එතකොට හැමෝම හැමෝටම උගන්නනවා. මම දන්න දේවල් යාලුවන්ට, එයාලා දන්න දේවල් අපිට) අපිට ඒ කුප්පිය දාන්න වෙන්නෙ සිංGlish වලින්. ඉංග්‍රීසියෙන් ඉගෙනගත් දේවල් ඉංග්‍රීසි සිංහල කලවම් කරගෙන සාකච්ඡා කරනවා.

Wednesday, October 30, 2013

පරිගණකය ලඟටවත් නොගිහින් පරිගණකය හසුරුවමු (Hand Gestures to Control Your Computer)

මේක නම් මටත් ලැබුණේ මගෙ යාලුවෙකුගෙන් ලැබුණු තෑග්ගක්. එයා මේක කොහෙන් හොයාගත්තද කියලානම් මට තවම කිව්වෙ නෑ, ඒත් මම ඔයාලට ඒක දෙන්නම්.

මේක පොඩි ඇප්ලිකේශන් එකක්. මේක දාගත්තාට පස්සේ ඔයාලට පුලුවන් ඔයාලගෙ වෙබ් කැම් එක මගින් පරිගණකයට විධාන කරන්න. තේරෙන සිංහලෙන් කියනවානම්, ඔයා අතින් පෙන්වන සංඥාවක් හඳුනාගෙන ඒකට අනුව පොඩි වැඩක් කරන්න මේකට පුලුවන්.

හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද? මෙන්න හොඳම එක. බාගන්න ESET Smart Security With Purefix ජීවිත කාලයටම Free Update සමඟ.

හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන, හොඳ Ratings එහෙම තියෙන, ලොකු ලොකු කතන්දර එක්ක එන, කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන අවුරුද්දක් පාවිච්චි කරලා Uninstall කරනවා. ඊටපස්සෙ ඊලඟ අවුරුද්දට තවත් එකක් දාගන්නවා. ඒත් ඒ අයින් කරපු එක ඇත්තටම අයින් වෙලාද? අලුතෙන් දාපු එකත් ඒ වගේම අවුරුද්ද්කින් අයින් කරනවද?

ඇත්තටම කියනවනම්, සාමාන්‍යයෙන් අපි වයිරස් ගාඩ් එකක් අන්ඉන්ස්ටෝල් කලා කියලා ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නෑ. ඒකෙන් 98% විතර ඉතුරු වෙනවා. ඒ කියන්නෙ, අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වයිරස් ගාඩ් දැම්මොත්, ටික කාලෙකින් හාඩ් ඩිස්ක් එක කුණු ගොඩක් වෙනවා.

Saturday, October 12, 2013

Still searching how to hibernate Windows 8 ? Here's the answer. (ජනේල අට හයිබ'නේට් කරන හැටි තවමත් හොයනවාද? මෙන්න විසඳුම.)

ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. පිරේ මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.

Monday, July 8, 2013

Windows 8 හරියටම ඇක්ටිවේට් කරගන්න - Activate Windows 8 with Net35 (dot net 3.5) Framework

ඔන්න අදනම් මම ගෙනාවේ විශේශයෙන්ම  Windows 8 වලට මාරු වුණ අයට ගොඩාක් වැදගත්, ඇත්තටම කිව්වොත් අත්‍යාවශ්‍ය වෙන දෙයක්.

සාමාන්‍යයෙන් අනෙකුත් Windows මෙහෙයුම් පද්දති (Operating Systems) වලට වඩා Windows 8  දාගත්තට පස්සෙ Activate කරන්න අවශ්‍ය කොටස් වැඩියි. ඒකියන්නෙ, සාමන්‍යයෙන් , කලින් OS වල නම්, අපිට OS එක Activate කරන්න විතරයි ඕනේ වුණේ.  නමුත් දැන් Windows 8 වලට ඒක ටිකක් වෙනස්.

Friday, July 5, 2013

නැතිවෙලාද? හැංගිලාද? හැංගිලානම් එළියට අදිමු - UNHIDER to reset your virus-hidden files and folders

ඔබව මගේ "Computer Helps" බ්ලොගය වෙත සාදරයෙන් පිලිගන්නවා. මේක මගේ Blog එකේ මුල්ම Post එක. කොහොමද ලියන්නෙ මොනවද ලියන්න ඕනේ කියලා හරියටම දන්නෙ නැහැ. ඒනිසා මොනවාහරි අඩුපාඩුවක් තියෙනවනම් තරහ ගන්නේ නැතිව මාව දැනුවත් කරන්න කියලා මුලින්ම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අද මම ගෙනාවෙ ඇත්තටම මට හදිස්සියෙ ඇතිවුණු අවශ්‍යතාවයකට යොදාගත් විසඳුම.

සමහර වෙලාවට Pen Drive වල, Memory card, Phone memory, Camera වගේ ඒවා වල, සහ Hard disk වල පවා, Virus  වලින් සමහර Files හංගනවා. ඒකියන්නෙ ඒකේ Properties බලනකොට ගොඩක් use කරලා කියලා පෙන්නනවා, ඒවුණාට ඇතුලේ මොනවාවත් නැ, නැත්නම් තියෙන්නෙ අඩුවෙන්.