Saturday, October 12, 2013

Still searching how to hibernate Windows 8 ? Here's the answer. (ජනේල අට හයිබ'නේට් කරන හැටි තවමත් හොයනවාද? මෙන්න විසඳුම.)

ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. පිරේ මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.



මේකත් ජනේල අටේ ඉන්න අයට (ඒ කිව්වෙ මේ Windows 8 දාගත්ත අයට) තමයි අවශ්‍ය වෙන්නෙ. කෝකටත් අනිත් අයත් කියවලා ඉගෙනගන්න එක වැදගත් වෙයි කවදා හරි.

සමහරවිට ඔයාලා මේ ගැන කලින් අහලත් ඇති. අහලා නැතුවත් ඇති. කෝකටත් ඒ අහල නැති අයට මේක ලියන්නෙ. දන්න අයත් කියවලා අඩුපාඩු එහෙම තියෙනවනම් කියන්නකෝ එහෙනම්.

හොඳයි, දැං අපි ඇත්තටම කොහොමද මේ වින්ඩෝස් 8 වල Hibernate  බට්න් එක දාගන්නෙ. මොකක්හරි සොෆ්ට්වෙයා කෑල්ලක්වත්ද?
හපෝ නෑ, ඒවා ඕනෙම නෑ. මේකත් අර කලින් වතාවකදි කිව්වා වගේම වින්ඩෝස් 8 වල තියෙන සඟවුණු පහසුකමක්. ඒක එලියට ගන්න විතරයි තියෙන්නෙ.

ඔයාලා වින්ඩෝස් 8 දාගත්තට පස්සෙ ඒකෙ Power button menu එකේ තියෙන්නෙ පහල තියෙන විදිහට.









 ඒ කියන්නෙ ඔයාලට පුලුවන් වෙන්නෙ, Sleep හෝ Shut Down හෝ Restart  කියන තුනෙන් එකක් කරන්න විතරයි. ඒත් Hibernate කරන්න ඕනෙ වුනොත්?

**ඇත්තටම මොකටද මේ Hibernate තියෙන්නෙ ? 
**Sleep  කරන සහ Hibernate කරන එකේ වෙනස මොකක්ද?
**ඇයි වින්ඩෝස් 8 වල Hibernate නැත්තේ?

මේ, මගෙන් වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් (ඉන්ස්ට්‍රොල් නෙවෙයි ඈ, ඉන්ස්ට්‍රෝල් කියලා එකක් නෑ. හරි එක ඉන්ස්ටෝල් ) කරගත්ත යාලුවො හැමෝම වගේ අහපු දේවල් තමයි මේ. ඒක නිසා අපි මුලින්ම මේ ප්‍රශ්ණ වලට පිලිතුරු හොයාගෙන හිටියොත් වැදගත් වෙයි කියලා හිතුවා.

Hibernate සහ Sleep දෙකෙන්ම අදහස් වෙන්නෙ යම් ආකරයකට නින්දක්. ඒත් මෙතනදි මේ දෙක අතර වෙනස තමයි ඒ ඒ අවස්තාවේදී පරිගණකයේ කොටස් වල සක්‍රිය හෝ අක්‍රිය බව.
Sleep කරලා කියන්නෙ, Computer  එකේ RAM එක, Processor එකේ අත්‍යාවශ්‍ය අවම ප්‍රමාණය, Motherboard එකේ Processor එකටත් RAM එකටත් සම්බන්ධ ප්‍රදානම කොටස් කිහිපයක්, සහ BIOS පමණක් ක්‍රියාකාරිව තිබියදී අනෙකුත් සියල්ලම තාවකාලිකව විදුලිය විසන්ධි කර අක්‍රිය තත්වයට පත් කරනවා.


මේ අවස්ථා දෙකේදීම සිදුවෙන්නේ අපි පරිගණකයෙන් වැඩක් නොගන්නා විට යම් ප්‍රමාණයකට විදුලිය පරිභෝජනය අඩුකර දීමක්. 

ඒත්, භාවිත කරන්නාට සැලකිය යුතු උසස් වේගයක් ලබා දීමේ අරමුණ සහිතව නිර්මාණය කර ඇති "වින්ඩෝස් 8" වලින්, ඒ අරමුණ නිසාම, Hibernate කියන option එක ඉවත් කරලා (ඇත්තටම කිව්වොත් හංගලා විතරයි), මේ sleep කිරීමෙන් ඉතා ඉහල පිරිමැසුම් ධාරිතාවක් ඇතිකරවලා තියෙනවා.


ඒත් අපිට සමහර අවස්ථාවන්හිදී මේ Sleep විතරක් මදි වෙන්න පුලුවන්. Hibernate කරන්නම ඕනේ වෙලාවක් ඇතිවෙන්න පුලුවන්. 
එහෙනම් අපි ඒක හංගලා තියෙන තැනින් එලියට ගන්න ඕනේ. මෙන්න ඒක කරන පිලිවෙල.

මුලින්ම යන්න Control Panel එකට. එතනින් All Control Panel Items එකට, ඊලඟට Power Optins. මේකට ලැප්ටොප් යූසර්ස්ලාටනම් Short Cut එකක් තියෙනවා. Task bar එකේ Battery ලකුණ ක්ලික් කරලා More Power Options ක්ලික් කරන්න.

ඊට පස්සෙ ඕපන් වෙන Power Options වල වම් පැත්තෙන් තියෙන Choose what the power buttons do (පහල, රතු පාටින් කො‍ටු කරලා තියෙන එක) ක්ලික් කරන්න. (එහෙම නැත්නම් ඊට පහලින් තියෙන Choose what closing the lid does කියන එක ක්ලික් කලත් හරි, ඒත් ඒක තියෙන්නෙත් Laptop වල විතරයි. Desktop වලට lid එකක් නැහැනේ)


මෙන්න එතකොට උඩින්ම තියෙනවා Change settings that are currently unavailable. කියලා පලිහකුත් එක්කම. ඔය පහල රතු පාටින් කො‍ටු කරලා තියෙන්නෙ. බය නැතුව කොටන්න ඒක උඩ.









හරි එහෙනම් දැං යන්න ඒකෙ පහලටම. ඒකේ Power options settings කියන වර්ගීකරණය යටතේ, Show Sleep, Show Hibernate, Show Lock කියන options  තුනම Check box එක්ක තියෙනවා. ඔයාලට ඕනේ ඒවාට හරියක් දාලා, (Oඅනේ නැති ඒවා තියෙනවානම් හරිය උඩ ආයෙත් කොටලා හරිය අයින් කරලා)  Save Changes උඩ කොටන්න. මම මේකේ Hibernate ගැන විශේෂයෙන් ලියපු නිසා ඔන්න Hibernate කො‍ටු කරලම තියෙනවා.






ඔන්න එහෙනම් Hibernate කො‍ටුවට හරියක දාලා Save Changes බොත්තම උඩ කෙ‍ටුවට පස්සෙ, මෙන්න මෙහෙම ඔයාලට Power Button එකේ Hibernate  ඔප්ෂන් එක ඇක්ටිවේට් වෙලා ඇති.



ඔන්න එහෙනම් ඒකත් හරි. විවේක වෙලාවත් ඉවරයි. ආයෙමත් දැං ඉතිං සුපුරුදු පරිදි මගේ වැඩ කන්දරාව ඉවරයක් කරන්න පටන්ගන්නයි යන්නේ. 

ඒත් පුළුවං හැම වෙලාවෙම තවත් මොනවාහරි දෙයක් post කරලා ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්නම්. 

හදිස්සියේ Post එක කෙ‍ටුවේ. වැරදි අඩුපාඩු තියෙනවනම් ගනං ගන්න එපා. මේ ගැන ඔයාගෙ අදහස්, යෝජනා, චෝදනා, ගැටලු පහලින් Comment එකක් විදිහ්ට හරි මට පෞද්ගලික e-Mail  එකකින් හරි ඉදිරිපත් කරන්න අමතක කරන්නත් එපා.

No comments:

Post a Comment

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!