Wednesday, October 30, 2013

හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද? මෙන්න හොඳම එක. බාගන්න ESET Smart Security With Purefix ජීවිත කාලයටම Free Update සමඟ.

හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන, හොඳ Ratings එහෙම තියෙන, ලොකු ලොකු කතන්දර එක්ක එන, කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන අවුරුද්දක් පාවිච්චි කරලා Uninstall කරනවා. ඊටපස්සෙ ඊලඟ අවුරුද්දට තවත් එකක් දාගන්නවා. ඒත් ඒ අයින් කරපු එක ඇත්තටම අයින් වෙලාද? අලුතෙන් දාපු එකත් ඒ වගේම අවුරුද්ද්කින් අයින් කරනවද?

ඇත්තටම කියනවනම්, සාමාන්‍යයෙන් අපි වයිරස් ගාඩ් එකක් අන්ඉන්ස්ටෝල් කලා කියලා ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නෑ. ඒකෙන් 98% විතර ඉතුරු වෙනවා. ඒ කියන්නෙ, අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වයිරස් ගාඩ් දැම්මොත්, ටික කාලෙකින් හාඩ් ඩිස්ක් එක කුණු ගොඩක් වෙනවා.


ඒ නිසා එහෙම අවුරුද්දෙන් අවුරුරුදට මාරු කරන්නෙ නැතිව හැමදාම ‍ෆ්‍රී අප්ඩේට් තියෙන හොඳ වයිරස් ගාඩ් එකක් දාගත්තනම් නේද හොඳ?

තවත් වැදගත් දෙයක්.  ඔය හොඳයි හොඳයි කියකියා පාවිච්චි කරන වයිරස් ගාඩ් නිසා Computer එකේ වේගයටත් විශාල බලපෑමක් වෙනවා කියලා ඔයාලා හැමෝම දන්නවනේ.

ඒ වගේම, ඔය හොඳ හොඳ වයිරස් ගාඩ් වලින් හුඟක් ඒවට සමහර වයිරස් අහු වෙන්නේ නෑ කියලත් සමහර විට ඔයාලට තේරිලා ඇති. ඒ නිසා සමහර වෙලාවට වයිරස් ගාඩ් දෙකතුනක් එකපාර දාගෙන දුක් විඳින අයත් ඉන්නවා.

ඒත් ඒ හැම දෙයක්ම නවත්තන්න දැං කාලෙ හරි. ඇත්තම කිව්වොත් , කාලෙ හරි නෙවෙයි, දැනටත් ඔයාලා පරක්කුයි. මොකද කියනවනම්, මම අද මේ ගෙනාවෙ ටිකක් පරණ බෙහෙතක්, හැබයි මේක තවම 100% ක් වලංගුයි. බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. මම ඒක 1000% නිර්දේශ කරනවා.

මම අර ක්ලින් කියපු ලොකු ලොකු වයිරස් ගාඩ් හැම එකක්ම Norton හැර, පාවිච්චි කරලා තියෙනවා. Bit defender බර වැඩියි, හොඳටම slow වෙනවා. Kaspersky, Avast, Avira, AVG  ආදී එකී මෙකී නොකී හැම දෙයක්ම පරිගණකයේ වේගයට සැලකියයුතු බලපෑමක් කරනවා. ඒත් ගොඩාක් වෙලාවට අර කියපු ශෝට් කට් වයිරස් එක වගේ පොඩි පොඩි වයිරස් පවා මේවට අහු වෙන්නේ නෑ කියලා මගෙ යාලුවෝ (Norton පාවිච්චි කරන අයත් ඇතුළුව) නිතරම මගෙ ලඟට එයාලගේ Pen Drives, Memmory cards එහෙම උස්සගෙන එනවා, scan  කරගන්න. (එකපාරක් Kaspersky වලින් Complete Scan එකක් කරපු පෙන් එකක Virus  ෆයිල් 114 ක් තිබුණා. තවත් ඩවසක් යාලුවෙක් "වයිරස් නෑමයි මචං" කියලා විශ්වාසයෙන්ම කියපු එකක Trojans 120  ගානක් එක්ක  Worms 32ක් තිබුණා. මට හිතාගන්න බෑ එයාලා හරියට scan කරලාමද කියලා.)

ඉතිං දැං එහෙනම් ඔයාලටත් මේ කියපු ESET Smart Security  ජීවිතකාලෙටම නොමිලේ අප්ඩේට් සහිතව දාගන්න මේ පහලින් තියෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න. (බය නැතුව ගන්න, මේ තියෙන්නෙ ඔරිජිනල් සයිට් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් දෙක)
මේ දෙකෙන් ඔයාගෙ ඔපරේටිං සිස්ටම් එකට ගැලපෙන trial එක බාගන්න.



1. ESET Smart security (64bit) මෙතනින් බාගන්න.

2. ESET Smart security (32bit) මෙතනින් බාගන්න.

ඒක ජීවිත කාලෙටම Activate කරන්නේ මේකෙන්.

ESET Smart Security activator මෙතනින් බාගන්න.


දැං ඉතිං ඉන්ටනෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා එහෙම අර කලිං බාපු එක ඉන්ස්ටෝල් කරන්න. Internet Connect වෙලා ඉන්න ගමං මේක ඉන්ස්ටෝල් කලොත් ඔන්ලයින් ඇක්ටිවේට් කරන්න අහනවා. ඒ කරදරෙන් ගැලවෙන්නයි Disconnect කරන්න කිව්වෙ. ඉන්ස්ටෝල් කරනකොට එක තැනකදි අහනවා ESET Live Grid එකට සහභාගි වෙන්න කැමතිද කියලා, ඒකට සහභාගි නොවෙන තරමට හොඳයි. තවත් තැනක අහනවා ඇක්ටිවේට් කරන්න කැමති කොහොමද කියලා. එතනින් එකක්වත් තොරන්නෙ නැතිව, ඊට පහලින් තියෙන Activate Later කියන Button එක ක්ලික් කරන්න.


හරි එහෙනම්, ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා Finish කියන Button එකටත් කොටලා, ඒක දාගත්තනේ. දැං ඇක්ටිවේට් කරමු. ඒකට ESET Smart Security Activator එක run කරගන්න ඕනේ. මුලින්ම  වයිරස් ගාඩ් එක ඩිසේබල් කරලා ඉන්න! ඊලඟට මේ Activator එක ඕපන් කරගෙන Activate බොත්තම එබුවට පස්සෙ අහනවා "Safe Mood" එකට යන්නද කියලා. ඒක OK කලාම නිකම්ම Computer එක Restart වෙලා Safe mood එකට යනවා. ඊටපස්සෙ (log onවෙනකොටම එන Help එක එහෙම වහලාදාලා) ආයෙත් ESET Smart Security Activator එක ලෝඩ් කරගන්න. දැං අර කලින් පාර ඔබපු විදිහටම Activate  Button එක ක්ලික් කරන්න. වැඩේ හරි. දැං ආයෙමත්  ඉබේම Restart වෙලා නෝමල් මෝඩ් එකට එනවා!
හරි එහෙනම් දැං හැමදාටම Viruses, Crawlers, Hack-tools, Worms, Trojans  වගේ අනවශ්‍ය දේවල් වලින් ඔයාගෙ පරිගණකය නිදහස්, හැමදාටම.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ  Activator එක වයිරස් ගාඩ් වලින් අල්ලනවා Harmful Application කියලා, ඒකට හේතුව, මේ ඇක්ටිවේටර් එකේ  Hack.AV code එකක් තියෙනවා (ඒක ඇත්තටම හානියක් නෑ. ඒකෙන් වයිරස් ගාඩ් එකේ Activation වලට අදාල විස්තර Hack කරලා වෙනස් කරනවා විතරයි). ඒක නිසා මේක ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ දැනට තියෙන වයිරස් ගාඩ් එක Deactivate කරලා ඉන්න. නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙයි.

මේ ගැන ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා comment  එකකින් හරි e-Mail එකකින් හරි මට කියන්න.
මේ සම්බන්ධයෙන මොනම විදිහකට හරි ගැටලුවක් ඇතිවුණොත් බය නැතිව අහන්න.

ප.ලි :මෑතකදි නිකුත් කරපු ESET Smart Security Premium එකට නම් මේක හරියන්නෙ නෑ. ඒකට හරියට එකක් හම්බුණොත් මටත් කියන්න!

24 comments:

  1. Macho oya kiyala thiyena widiyata activate eka wedane udau karannako

    ReplyDelete
    Replies
    1. ඒක වැඩ මචං. අවුල තියෙන්නේ ඔයාට ඒක කරගන්න විදිහ පැටලිලා ඇති. මම ඔයාව contact කරගන්නම්.

      Delete
    2. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications" ඩවුන්ලෝඩ් කරන්න හදනකොට මේ මැසේජ් එක එනවා

      Delete
    3. බ්ලොක් කරලා?????? මොකක්ද මේ වෙලා තියෙන්නෙ?
      ඉන්න මං අලුත් එකක් දාන්නම්. අලුත් version එකක් අලුත් ලින්ක් එකකින් දෙන්නම්.

      Delete
    4. ඔන්න මං අලුත් ලින්ක් එකක් දැම්මා. ඒක ගන්න. ඒ ලින්ක් එකට හිහිල්ලා මතක ඇතුව තත්පර 5ක් ඉන්න. ඊට පස්සෙ Skip AD >> බට්න් එක එනවා . ඒක ක්ලික් කරන්න.

      Delete
  2. Yaluwa me activator eka install karanna yanakota ena reboot eka dunnama reboot wenna denne nene. "Failed to set safe mode - Aborting" kiyala enawa. kohomada meka hadaganneeeeeeeee ///

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔයාගෙ පරිග්ණකයේ "Safe mode" එක Disabled වෙලා. හේතුවනම් මටත් හිතාගන්න අමාරුයි. මම තවදුරටත් හොයලා බලන්නම්. ඔයාගෙ මෙහෙයුම් පද්දතිය මොකක්ද කියල කියනවනම් මට ටිකක් පහසු වේවි.

      Delete
  3. WINDOWS XP PROFESSIONAL, VERSION 2002, SERVICE PACK 3 thamai use karanne. thnx reply kalata yaluwe

    ReplyDelete
    Replies
    1. Win XP වලට නම් මේක සපෝට් කරනවද කියලා හරියටම කියන්න අමාරුයි යාලුවා. බොහොම කණගා‍ටුයි ඒ ගැන. මේ ඇක්ටිවේටර් එක XP වලට පසුකාලීනව නිකුත් වුණු නිසා එහෙම වෙන්නත් පුලුව්න්.
      කෝකටත් ඔයා මැෂින් එක Boot වෙන වෙලාවේ Pre Boot Startup Screen එකේදිම F8 key එක ඔබලා සාමාන්‍ය ක්‍රමයට Safe mode යන්න පුලුවන්ද කියලා බලන්න. එහෙම පුලුවන්නම් ඒවිදිහට Safe Mode ගිහින්, ඇක්ටිවේටර් එක රන් කරලා බලන්න.
      මට කරලා බලන්න විදිහක් නෑ මෙහේ කාගෙවත් xp නැති නිසා.

      Delete
  4. Ok yaluwa thank you vry much, mama ehema balannnam beri unoth Mata pawichchi karanna honda anti wirus ekak kiyannako key eka thiyena?

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න යාලුවා, මම අනෙක් වයිරස් ගාඩ් ගැන එතරම් විශ්වාසයක් නැති නිසා එහෙම කී එකක් තියාගෙන නෑහෑ මගෙ ලඟ නම්. ඒත් ඔයාට කැස්ප'ස්කි හරි නෝටන් හරි හොයාගන්න පුලුවන් නම් හොඳයි. ඒවා බොහූවිට ක්‍රක් කරපු කොපියක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

      Delete
  5. ස්තුතියි යාලුවා මම හොයගන්න බලන්නම්. ඔයගෙ ලිපි ගොඩක් හොදයි. දිගටම මේ වගේ ලිපි දාන්න. We r expctng more frm you, Vry helpful .....

    ReplyDelete
    Replies
    1. හෙහේ !!!
      බොහොම ස්තූතියි මගේ ලිපි අගයනවට :)
      මොනවා හරි ගැටලුවක් වුණොත් අහන්න, මම උදව් කරනවා.

      Delete
  6. වැඩේ හරි මචං!!!!!...........උඹනම් දෙයියෙක් නෙවෙයි සක්‍ර දෙයියෙක්!!!!!! මම මේක ඇක්ටිව් කරගන්න මාර කට්ටක් කෑවේ! ලෝකේ තියන පර සුද්දන්ගේ බ්ලොග් සයිට්, වෙබ් සයිට් වල බොරු වෙළද දැන්වීම් වලට අහුවෙලා අහුවෙලා මේ මගුල් වයිරස් ගා‍ඩ් එක අයින් කරන්න හිත හදාගෙන ඉද්දින්, දිව්‍ය ලෝකෙන් කෑල්ලක් කඩාගෙන වැටුනා වගේ අපේ කොල්ලෙක්ගේ බ්ලොග් එකක් අහුවුනා!!! ඒකත් ඉතිං කිසිම විශ්වාසයක් නැතුව අන්තිම වතාවටත් ‍කොරලා බලමුකෝ කිහලා කොරා බලනට......... මහා පුදුමයකි!!! හරි ගියා කියහන්කෝ............ ඉතිං යාළුවාට ස්තූති කරන්න වදන් නැති ‍එක පුදුමයක් නෙවෙහි නේ....................

    ReplyDelete
    Replies
    1. එච්චර හිතන්න දෙයක් නෑ මචං!! වැඩේ හරිගියානං එච්චරයි!!!
      කට්ට කාලා හොයාගෙන, අමාරුවෙන් සිංහලෙන්ම ටයිප් කරලා පබ්ලිශ් කලේ ඉතිං මට වෙච්ච කරදරේම තවත් කෙනෙකුට වෙන්න දෙන්න ඕනෙ නැති නිසා.

      ඔයා වැඩේ ගොඩ දාගත්තා කියන්නෙ මට සතු‍ටුයි!! මට මේකෙන් ඕනෙත් එච්චරයි.

      Delete
  7. හොඳ virus guard එකක් තමා. ඉස්සර පාවිච්චි කළා.

    ReplyDelete
    Replies
    1. ඉතිං දැනුත් පාවිච්චි කරන්න පුළුවං නේ!!! මේ purefix එක ඕනෙම ESET product එකකට හරියනවා!!

      Delete
  8. An error occurred while starting service.Analysis of application protocols(HTTP,POP3,IMAP) will not function
    mokada machan mehema pennanne?mokada karanna puluwan mekata

    ReplyDelete
    Replies
    1. I am so sorry for the late reply. Was kinda busy. (I was too busy to tell others how busy I was ;) )

      Well, mehemai. "PureFix" walin activate kalaama, Application analysis protocol eka disable wenawa.

      But, you can repair the "Smart Security" using the "Add or remove programs" in "Control panel" or with the "Setup file" of Smart security app.

      Repair kalara iwara wela, restart karanna oni.
      Habai ita passe, computer eka on karana hama welawakama, manually enable karannath oni!! "Automatically run with startup" does not happen after repair.

      But nothing to worry at all. It works fine with manual startup :D

      Delete
  9. Meke full protection ne kiyala watenawane ban. eka kohomada hadaganne?

    ReplyDelete
    Replies
    1. හරි "අ‍ඥාත" මචං! 
      මේක සම්පූර්ණයෙන් ම ප්‍රොටෙක්ෂන් ගන්න පුළුවන්! 
      ඇක්ටිවේට් කරලා ඉවර වෙලා රිපෙයා පාරක් දාලා බලන්නකො!
      ඊට පස්සෙ, Computer එක On කරන හැම වෙලාවෙම, "Enable ......." මොකක් හරි එකක් ESET එකේ එනවා, නිල් පාට පුංචි අකුරු වලිං, ඒක මොකක් වුණත්, එනේබල් කරන්න!!
      අනිවා හරියනවා!!

      කරගන්න පැටලෙන තැනක් තියෙනවනං මෙතනින්ඇවිල්ලා මට මැසේජ් එකක් දාන්න!! මං උදව් කරන්නං!!!

      Delete
  10. PUREfix එකේ ලින්ක් එක වැඩ නැනේ? :-(

    This AdF.ly account has been suspended.

    If you feel this has been in error, please see our terms and conditions.

    කියල වැටෙනවා

    ReplyDelete
    Replies
    1. අච්චාරුවට සාදරයෙන් පිලිගන්නවා!
      අඩුපාඩුව පෙන්වා දුන්නාට ස්තූතියි සංජු! ඔන්න අප්ඩේට් කලා.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!