පිරේ ගෙ අම්මට දැං ටික කාලෙක ඉඳලා ටිකක් අසනීපයි. නිවාඩු කාලෙ පිරේ අම්මට බෙහෙත් අරං දීලා ආවෙ. ඒ වගේම ඉතිං, පුළුවං වෙලාවට ගෙදර ගිහිල්ලා දුක සැප බලන්නත් අමතක කරන්නේ නෑ.
ඔන්න අදත් උදේ පාන්දර [හරි පාන්දර. නැගිටිනකොට 8.00ත් පහු වෙලා] ගෙදර යන්න පිටත් වුණා. මග දිගට දකින දකින දේවල් උස්සගෙන ගෙදර යනකොට දවල්ට කන්නත් වෙලාව මං හිතන්නේ.
ඔක්කොමත් හරි, ගෙට ගොඩවෙනකොටම අම්මා ඉන්නවා සතුටින් හිනා වෙවී. මං බැලුවෙ ලෙඩ දුක් ඉවර වෙලා හොඳට සනීප වෙලා වත් ද කියලා. නෑ නෑ. අමාරු පාට පේනවා. ඒත් හිත සතුටින්. මොකක් නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා.