Wednesday, March 26, 2014

මොකක්ද වඳුරෝ මේ??

මේ! වඳුරෝ! මේක හොඳට අහගනිං.

මම දන්නවා එලියේ වැස්ස තදයි කියලා. ඒ වැස්සේ ඉන්න අමාරුයි තමයි. ඒත්, මේ පුංචි කූඩාරම ඇතුළේ මටත් හරියට ඉන්න ඉඩ මදි. උඹට ඒක පේන්නේ නැතුව නෙවෙයිනේ?

මුලින්ම උඹ මේ කූඩාරම අස්සට අතක් දැම්මා. ඒත් මම උඹව එලෙව්වේ නෑ. මොකද, උඹේ අතේ තිබුණු ඒ පුංචි තුවාලේ තෙමිලා පැසවයි කියලා උඹ ගැන දුක හිතුණු නිසා.

Sunday, March 9, 2014

අපිට මතක තියෙන හැටි - The way we remember things in our mind

ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක්.

ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට වෙන්න පුලුවන්. මොකක්ද මේ වෙනසට හේතුව???

මම අද කතා කරන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර මේ මතක වෙනස සරලව තේරුම් ගන්න විදිහ.