Wednesday, May 28, 2014

හිතන්න දිනන්න - Guess & Win (පිරේගෙන් පුංචි තරඟයක්)

හම්මේහ්!!! පිරටත් හිතෙන දේවල් ඈ!!
ඔන්න ඔන්ලයින් තරඟයක් පටං අරං ලු!!!!!!

එහෙං මෙහෙං ඉගෙන ගත්තු ෆොටෝග්‍රැ‍ෆි කෑලි ටෙස්ට් කරන්න කාගෙන්දෝ කැමරාවක් ඉල්ලගෙන අහුවෙච්ච හැම කෙහෙල්මලක් ම ෆොටෝ ගහලා, දැං ඉතිං ඔන්න හැමෝටම වධ දෙන්න පටං අරං ලු ඈ!!

Monday, May 26, 2014

ගියාට කමක් නෑ, අපිට නං ගහන්න එපා!!!

අාරක්ෂක හමුදාවක කෙනෙක් ට කාගෙන් හරි අනවශ්‍ය දේකට ගුටි කන්න වුණොත්, වාහනයක් පුරවගෙන ගිහිං අාපහු ගහලා එන එක ශුවර්!!!

එතකොට, හමුදා හමුදා අතර ප්‍රශ්ණෙකදි???

දවසක්, කොළඹ කිට්‍ටුව (පැයක විතර දුර) පැත්තක බාර් එකක බිබී හිටපු කොල්ලෙකුට තව එකෙක් ශෝ එක දාන්න ඇවිල්ලා. අර කොල්ලා ඩෝන්ට් කෙයාර්.

Friday, May 16, 2014

෴වෙසක්෴ අනේ මංදා!!!

වෙසක්!!!
අනේ හැබෑට, දැං මේකට ගිය කලක්. තොරණ, වෙසක් කූඩු තරඟ, මහා දන්සැල්.
යමු පොඩ්ඩක් ඉතිහාසෙට. මොකක්ද මේ කෙරුවාවෙ ආරම්භය කියලා පොඩ්ඩක් බලන්න කැමතිද??

මුලින්ම පොඩ්ඩක් බලන්න, මොකක් ද මේ වෙසක් කූඩුවේ හරි ම නම???
 "වෙසක් පහන් කූඩුව" නේද?
මොකටද පහන් වලට කූඩුවක්??

Monday, May 12, 2014

පොඩි වෙනසක් කරන්න හිතුණා

   පරිගණක ආශ්‍රිත තාක්ෂණික කරුණු ඉදිරිපත් කරන්න හිතාගෙන බ්ලොග් එක පටන් ගත්තට මොකද, ටික කාලයක් කරගෙන යනකොට තේරුණා එහෙම එක දේකට සීමා වෙන එක හරි නෑ කියලා.