Wednesday, May 28, 2014

හිතන්න දිනන්න - Guess & Win (පිරේගෙන් පුංචි තරඟයක්)

හම්මේහ්!!! පිරටත් හිතෙන දේවල් ඈ!!
ඔන්න ඔන්ලයින් තරඟයක් පටං අරං ලු!!!!!!

එහෙං මෙහෙං ඉගෙන ගත්තු ෆොටෝග්‍රැ‍ෆි කෑලි ටෙස්ට් කරන්න කාගෙන්දෝ කැමරාවක් ඉල්ලගෙන අහුවෙච්ච හැම කෙහෙල්මලක් ම ෆොටෝ ගහලා, දැං ඉතිං ඔන්න හැමෝටම වධ දෙන්න පටං අරං ලු ඈ!!



මෙහෙමයි සෙල්ලම.
මෙන්න මේ පහළ තියෙන පින්තූරේ (ගුහාවක්ලු, රස කැවිල්ලක් ලු, අරවා මෙව්වා එක එක කතා, එක එක්කෙනා එක එක විඩිහට දකින්නේ) ඔයාලත් ඔයාලට හිතෙන විදිහට මේ ඔකක්ද කියලා කමෙන්ට් කරන්න.

2014 ජූනි 20 වෙනකල් කාලය ලැබෙනවා. අදහස් තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි උත්තරේ දෙන මුල්ම දහදෙනාට, මේ පින්තූරේ තියෙන දෙයින් ම තෑගි දෙන්න සූදානම් කරලා තියෙනවා (රජාගෙ වගේ විහිලුවක් එහෙම නෙවෙයි ඈ!! ඇත්තටම දෙනවා)

උත්සාහ කරලා බලන්න.

තව ලොකුවට බලන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න.  (ගොඩාක් ලොකුවට බලන්න පින්තූරේ ඩවුන්ලෝඩ් කරගෙන සූම් කරලා බලන්න )


ඉඟි:-

1. ඔබ යමක් දෙස ලං වී බලන තරමට, ඔබ දකින ප්‍රමාණය කුඩා වෙයි.

2. මෙය, මගේ දුප්පත් වැ‍ටුපෙන් දස දෙනෙකුට තෑගි දීම සඳහා මිලදී ගත හැකි තරමේ දෙයකි.

3. මෙහි කිසිඳු වැඩිහිටි අන්තර්ගතයක් නොමැති අතර, එසේ ඔබ එසේ දකින්නේ නම් එය ඔබගේ ඇසෙහි හෝ සිතෙහි ඇති වරදක් මිස, ඡායාරූපයේ වරදක් නොවේ.

4. ඔබ නිවැරදි පිළිතුර දීමට අපොහොසත් වුවහොත්, මා නිවැරදි පිළිතුර පැවසුවද ඔබට එය එක්වරම පිළිගැනීමට අපහසු වනු ඇත. මෙය එතරම්ම් ම අසාමාන්‍ය දර්ශනයකි. දර්ශනය අසාමාන්‍ය වුවද මෙහි ඇති දෙය නිතර අප භාවිතයට ගැනෙන දෙයකි.









21 comments:

  1. මේක කටක් නෙ බං... නේද... මං කීවෙ දෙතොල නේහ්

    ReplyDelete
    Replies
    1. //මේ පින්තූරේ තියෙන දෙයින් ම තෑගි දෙන්න සූදානම්// ඈ බන් කටක් නම් මූ දහ දෙනාටම කිස් දෙයිද දන්නෑ. හැක්. ;) :D

      Delete
    2. ජයග්‍රහකයො දහ දෙනාව ‍තෝරන දවසටම කියන්නම්කෝ හරියටම මොනවද කියලා.

      Delete
    3. මහේශ්, ප්‍රියා, ඔන්න මම තරඟ කාල සීමාව පොඩ්ඩක් අඩු කලාකිහිප දෙනෙකුගේ ඉල්ලීම මත (මෙහෙ නෙවෙයි මූණ-පොතේ)
      ඒ නිසා පහසු කරවන්න ඉඟි ටිකකුත් දුන්නා. ආඅයෙ පාරක් බැලුවනං නරකද?? තවම ඔයාලගෙ අවස්ථා 3ම පාවිච්චි කරලා ඉවර නෑ නේ??

      Delete
  2. එළකිරි තමා. මේ තියෙන්නෙ උළුදු වඩයක්. ආයෙ හෝදන්න දෙයක් නෑ. හිංගලෙන් කියනව නම් 'මැද හිල වඩේ' එකක්. :) :)

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඈ!!
      එදාටම බලමුකො!
      ;) :D

      Delete
  3. කඩපු බිත්තරයක්. :P

    ReplyDelete
    Replies
    1. එහෙමද දන්නෙත් නෑ නේහ්?? බලමුකෝ ඈ!!
      හික්ස් :-) :-) !!!

      Delete
  4. දෙකට කඩපු ජෑම් බනිස් එකක්

    ReplyDelete
    Replies
    1. බලමු ඈ. ජූලි 20 ආපහු එන්නකො හරියටම දැනගන්න.

      Delete
  5. කලනි, බස්සි, සුරේෂ්, මෙන්න ඔයාලටත් ඒ දැනුම් දීම!!
    ඔන්න මම තරඟ කාල සීමාව පොඩ්ඩක් අඩු කලාකිහිප දෙනෙකුගේ ඉල්ලීම මත (මෙහෙ නෙවෙයි මූණ-පොතේ)
    ඒ නිසා පහසු කරවන්න ඉඟි ටිකකුත් දුන්නා. ආඅයෙ පාරක් බැලුවනං නරකද?? තවම ඔයාලගෙ අවස්ථා 3ම පාවිච්චි කරලා ඉවර නෑ නේ??

    ReplyDelete
  6. අපි නම් තනි වචනෙ මිනිස්සු හරිය. :D (පස්සෙ බැරිය වෙනස් කරන්න.

    //මෙහි කිසිඳු වැඩිහිටි අන්තර්ගතයක් නොමැති අතර, එසේ ඔබ එසේ දකින්නේ නම් එය ඔබගේ ඇසෙහි හෝ සිතෙහි ඇති වරදක් මිස, ඡායාරූපයේ වරදක් නොවේ.//

    :D :D

    ReplyDelete
    Replies
    1. වැඩිහිටි කේස් එක කිව්වෙ නං ඉතිං, සමහරු පෞද්ගලිකව හම්බවෙලා මගෙං එහෙම අහපු නිසා ඈ!!!
      සමහරුන්ට එහෙම දේවලුත් පෙනිලා, කොමෙන්‍ටු වල ලියන්න බැරි කමට මගෙන් වෙනම ඇහුවා.
      :D :D :D

      Delete
  7. පොල් පැණි දාල හදපු රසකැවිල්ලක් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඈ!!
      (පොල් පැණි?? හම්මේහ්!! කටට කෙලත් ඉනුවා)

      Delete
  8. සීනි බනිස්..... හැම්මේ......

    ReplyDelete
  9. ඔන්න එහෙනම් කිව්ව දවසටම (දවසක් පරක්කු වෙලා) හරි උත්තරේ කියන්නම්කෝ.
    මේකෙ තියෙන්නේ, තට්‍ටු හතේ බිස්කට් එකක තට්‍ටු දෙකක් අතරෙ තියෙන හිස් තැනක්.
    ඒකයි කිව්වෙත් වැඩිය ලොකුවට හිතන්න එපා කියලා.

    බ්ලොගේ නං තරඟ කරුවොත් මදි, ජයග්‍රාහකයො කවුරුවත් නෑ. සමස්ත තරඟයෙන් ජය, මූණපොතේ තරඟයට නිවැරදිව පිළිතුරු දුන් විද්‍යානි සහ ලකිත කියන දෙන්නා විතරයි. එයාලට තෑගි දෙනවා.
    අනෙකුත් සහභාගි වූ තරඟ කරුවන්ට සැනසිලි තෑගි විදිහට, මේ පින්තූරේ තියෙන තරමේ බිස්කට් කෑල්ලක් බැගින් දෙන්න තීරණයක් කලා. ඊලඟ ගෙට්‍ටුවෙදි දෙන්නං ඈ!!

    ReplyDelete
  10. apoi hary tharage,,,,olympic walata dann watinawa,,, :P

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!