Monday, May 4, 2015

ෆොටෝ එකේ වයස කීයද??

වෙසක් බලලා, පන්සල් කාලා දන්සල් වැඳලා*  කට්ටියට දැං මහන්සිත් අැති නේ?? ඒ නිසා කම්මැලි කමට වගේ කරලා බලන්න පොඩි පොඩි "ෆන්" දෙයක් හම්බවුණා!!

මයික්‍රොසොෆ්ට් එකෙන් කරගෙන යන පොඩි පර්යේෂණාත්මක වැඩසටහනක් විදිහට දක්වන මේ "How Old Do I Look?" වැඩසටහන තවම 100%ක් සාර්ථකව නිම කරලා නෑ. ඒත් අපිට අපේ පින්තූර දාලා ඒකේ අපේ වයස කීයක් වගේ පේනවද කියලා බලාගන්න පුළුවන්!! මුහුණු ඉබේම හඳුනාගෙන, ඒ අනුව ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස අනුමාන කිරීම තමයි මේ අඩවියෙන් කෙරෙන්නේ!!

නිකමට වගේ කරලා බලන්න!! සමහර වෙලාවට, යාලුවන්ට විහිලු කරන්න හොඳ හොඳ අපූරු වයස් පෙන්වන පින්තූරත් ඔයාලා ලඟ අැති. නිකමට වගේ අතපතගාලා බලන්නකෝ!!

මෙන්න උදාහරණ දෙකක්!



මයික්‍රොසොෆ්ට් ලොක්කා ගෙ සහ ඔහුගේ දියණියගෙ පින්තූර මේකට දාලා බැලුවාම නම්, ඒවායේ මුහුණක් හඳනා ගැනීමට අපොහොසත් වන බව තමයි පෙන්වන්නේ. ඒ කියන්නෙ ඔවුන් ගෙ මුහුණු මේකෙන් Block කරලා අැති!! කියලා තියෙන විදිහට ම මයික්‍රොසොෆ්ට් වැඩක් ම කියලා හිතෙන්නෙ ඒ නිසා!!

සමහර වෙලාවට හරි ම වයස ට වඩා ගොඩාක් වෙනස් වයස් පෙන්වන නිසා මේකෙන් හොඳ විනෝදයක් ලබන්න පුළුවන්!! කරලා බලන්නකෝ!!

_________________________________________________________________________
 *(දැං ගොඩක් එවුන් කරන්නෙ මේ විනාසේ බව හොඳාකාරව දන්න නිසා කෙලිං ම කිව්වේ!!)


No comments:

Post a Comment

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!