Monday, April 27, 2015

පොඩි උපදෙසක්!! හැමෝම කියවන්න මේක!!

මේ මගෙ එක සුරතලෙක්.
 ඉගෙන ගන්න නිසා මෙයාගෙන් දුරස් වෙන්න වෙලා!! කාලෙකට පස්සෙ තමයි මෙයා ලඟට යන්න ලැබුණෙ මං අවුරුදු නිවාඩුවෙ ගම-රට බලා ගිය වකවානුවෙ!!




(බල්ලට පිටිපස්සෙ හැංගිලා ඉන්නෙ මං නෙවෙයිලු අෑ)

මෙයා ගෙ "පිලිගැනීමේ ගීතය" හෙම ඉවර වෙලා, පොඩ්ඩක් සරීර සෞඛ්‍ය ගැන හොයලා බැලුවා.

පිටිපස්සෙ කකුලේ කලව ලඟ සැරව වගේ තියෙනවා දැකලා නිකමට බැලුවම දැක්කෙ, දවස් දෙකක් තුනක් පරණ පුංචි තුවාලයක්!! පැසවලා!! Vet-Surgeon ලඟට අරන් ගියාම චෙක් කරලා බලනකොට, ඉහඳ පණුවොත් හැදිලා!! ඒ පාර මෙයාව සිහි නැති කරලා පොඩි Surgery එකක් කරන්න වුණා ඒ ටික අයිං කරලා තුවාල සුද්ධ කරන්න!! පව් අසරණයා.

ලඟ නැති ටිකට කරගෙන තියෙන දේ!! අනේ ඔයාලා නම් එහෙම කිසිම දේකට ඔයාලාගෙ සුරතලුන්ව තනි කරන්න එපා. නිතර විමසිල්ලෙන් ඉන්න. පොඩි තුවාලයක් හරි දැක්කොත්, ඉක්මනින් ප්‍රථමාධාර සහ ප්‍රතිකාර කරන්න. කොයි සතාටත් පොදුයි ලු මේ ඉහඳ පණු ප්‍රශ්ණෙ!! ඒ නිසා ඒ ගැන විමසිල්ලෙන් ඉන්න. මෙයාට වුණ දේ ඔයාලගෙ සුරතලුන්ට වෙන්න දෙන්න එපා!!

ප.ලි.  :-
දැන් අායෙත් සැරව එන්නෙ නෑ. දවසට දෙපාරක් බෙහෙත් කරල් දෙකක් ගානෙ (දවසට කරල් හතරක්)දෙන්න තියෙනවා!! දවසට සැරයක් තුවාලෙට ස්ප්‍රේ කරන්න බෙහෙතකුත් කියෙනවා!! ඒ ප්‍රතිකාර හරියට කරනවා නම්, එයාට තුවාලෙ ලෙවකන්න දෙන්නෙ නැත්නම්, තෙමෙන්නෙ නැත්නම්, අායෙත් පැසවන්නෙ නෑ!! ස්ප්‍රේ එක සැර නිසා අායෙත් පණුවො හැදෙන්නෙත් නෑ!!!

යාලුවෙක්ගෙන් ලැබුණු අදහස්!!



4 comments:

  1. Replies
    1. අැයි බලු එපා??
      මකලා කැමති නෑ වගේ බලු වැඩ වලට???

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!