Monday, June 11, 2018

GPU - මොකක්ද සර් ඒ ජෙනරේටරේ ??

පැරණි මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක්:-

ආ හෙලෝ මචං, කොහොමද? මොකද හදිස්සියෙ අපිව මතක් වෙලා?

විශේෂයක් නෑ සර්, සර් ට කොහොමද?

හැමදාම කියන කතාවම තමයි බං! උඩ යන්නයි පන පිටිං ආපහු බිමට එන්නයි පුළුවන් විදිහට වැඩ ටික කරගෙන ඉන්නව ඉතිං.
අපේ එකක් ඊයෙ පෙරේදා ඒ පැත්තෙ ආව නේද?

අපෝ ඔව් ඔව් සර්, ආවට ඉතිං වැඩිපුර තිබුණෙ බිම නෙ! ඊයා සර් මොකක්ද අර ජෙනරේටරයක් එල්ලගෙන පැය ගානක් බැට්‍රි චාජ් කලේ ලැජ්ජිවෙ බෑ සර්!

මොකක්ද බං ඒ ජෙනරේටර් සීන් එක??

ඇයි සර්, සර් ලා ගෙ හෙලිකොප්ටරේ අපේ පැත්තෙ ආපු වෙලාවෙ ස්ටාට් කීප සැරයක්ම ස්ටාට් කරන්න ට්‍රයි කරලා ට්‍රයි කරලා ම බැට්‍රි බැහැලා,
ට්‍රැක්ටරේකිං ජෙනරේටරයක් ඇදගෙන ඇවිල්ලා පැය ගානක් ඒක ගහගෙන බැට්‍රි චාජ් කරලා තමයි ස්ටාට් කරගත්තෙ. අපේ එවුන් තාම හිනා වෙනවා ඒකට.
(මිනිත්තු කිහිපයක් පුරා ම හුස්ම හිර වෙන ගානට හිනාව)

මොකක්ද මේ ජෙනරේටරයක් ගහගෙන කරන විකාරෙ???

හ්ම්, දැං හිනා වෙලා ඉවරයි ද? දැං මං කියන්නද එතන වෙච්ච දේ?

සර් කියන්නෙ කෝමද එතන වුණ දේ, ඒ පැත්තකවත් ආව යැ නිකමටවත්?

හරි බං, ආවෙ නැතුවට දන්නවා! මෙතනයි ඔතනයි  විතරක් නෙවෙයි ලෝකෙ කොතන ගියත් වෙන දේ ඕක.
හරි, කියහංකො උඹලගෙ එව්වා ස්ටාට් කරන්නෙ කොහොමද? බැටරි වලිං ද?

අපෝ නෑ සර් අපේ ඒවා වල එක එන්ජිමට එක ගානෙ කම්ප්‍රෙස් එයා ටැංකි තියෙනවා, ඒවා වලිං ස්ටාට් කරන්නෙ.

හරි එතකොට ඒකෙන් ඩිස්චාජ් වෙන ටික ආපහු පුරවන්නෙත් ඒ එන්ජිමෙං ම නේද??

ඔව් අන්න හරි.

ඒකනෙ බං! උඹලා නැවත්තලා ඉද්දිත් වතුරෙ පාවුනාට අපේ එව්වා අහසේ නිකං පාවෙන්නෙ ඒම නෑනෙ. ඒ නිසා අපිට එහෙම අමතර බරක් උස්සං යන එක පාඩුයි නෙ බං!
පුළුවන් තරම් අඩු බරක් තියෙන තරමට, ගෙනියන්න පුළුවන් ලෝඩ් එක (Payload) වැඩියි, ප්‍රඩක්ටිවිටි වැඩියි.

හරි....! ඉතිං????

ඉතිං ඒ නිසා අපි ජෙනියෙං කරන්ට් එක අරං එන්ජිම ස්ටාට් කරගෙන ජෙනිය බිම තියලා තමයි උඩ යන්නෙ! උඩ යන හැම වාහනේම වගේ එහෙමයි!
උඹ ජෙනි කියපු නිසා මාත් එහෙමම කිව්වට ඕකට කියන හරි නම Ground Power Unit (කෙටියෙන් GPU). ඕක නැති තැනක ලෑන්ඩ් කරන්න වුණොත් විතරයි බැටරි වලිං එන්ජින් ස්ටාට් කරනවා.
ඒත් නිතරම කරන්නෙ නම් නෑ.

ම්ම්ම් එහෙම එකක්ද? කවුද ඉතිං දන්නෙ!! දැං නෙ සීන් එක තේරුණේ!



https://www.youtube.com/watch?v=YP2pEax-os8
GPU- Ground Power Unit

ඇත්තටම ගුවන් යානයක එන්ජින් Start කරන උපකරණ වෙනුවෙන්, ලොකු ඉඩක් සහ බරක් වෙන් කරන එක, ගුවන් වාහන වලට ලොකු පාඩුවක්.

ඒ නිසා උඩ යන වාහන වල එන්ජින් Start කරන්න පාවිච්චි කරන්න සුදුසුම වෙන්නෙ, අනෙකුත් කටයුතු වලටත් පාවිච්චි කරන්න පුළුවන් පොදු බලශක්තියක් සහ/හෝ ඉතා සැහැල්ලු කුඩා උපකරණ!

එතකොට, ප්‍රමාණයෙන් කුඩා එන්ජින් සඳහා සුදුසු ම දේ විදුලි බලය. ඒත්, එන්ජිම පණගන්වන්න Starter Motor එකකුත්, ඒ එන්ජිමේ බලයෙන් ගුවන් යානයට අවශ්‍ය විදුලි බලශක්තිය නිපදවන්න වෙනම Alternator/Generator එකකුත් යොදාගන්න එකත් සුදුසු නෑ, බර වැඩි නිසා.

ඒකට හදලා තියෙනවා Starter Generator එකක්. Engine එක Start කරන වෙලාවට එයා බැටරියෙන් හෝ GPU එකෙන් ගන්න විදුලි බලයෙන් එන්ජිම කරකවමින් Starter Motor එක විදිහට ක්‍රියා කරනවා.
Engine එක තනියම දුවන්න පුළුවන් වෙනකොට එයා එන්ජිමේ බර අතෑරලා දානවා.
විදුලි බලය උපදවා ගන්න අවශ්‍ය ස්විච ක්‍රියාත්මක කලාම, එයා ඒ එන්ජිමේ ම බලයෙන් Generator එක විදිහට වැඩ කරන්න පටන් ගන්නවා.

ස්ටාටර් ජෙනරේටරයක්

ඒත්, සමහර විශාල එන්ජින් වලට ඒ වැඩේ හරියන්නෙ නෑ, ලොකු එන්ජිමක් ස්ටාට් කරගන්න ලොකු බලයක් ඕන. එහෙම කරන්න ගියොත් ස්ටාටර් වලටයි බැටරි වලටයි ම සෑහෙන බරක් වැටෙනවා.
ඒ කියන්නෙ, ඒ ගුවන් යානයේ දාගෙන උස්සන් යන්න පුළුවන් දේවල් වල බර (Payload එක) අඩු වෙනවා.
අන්න ඒ නිසා, Air Starter කියලා සැහැල්ලු ගැජට් (එන්ජිමකට එකක් ගානෙ) පාවිච්චි කරනවා. ඒක වැඩකරන්නෙ සම්පීඩිත වායු ධාරාවක් ටර්බයින කට්ටලයක් ඔස්සේ යැවීමෙන්. ඒ ටර්බයින් වල Rotation shaft එකෙන් තමයි Engine එකට කැරකෙන්න මූලික බලය දෙන්නෙ.

සාමාන්‍ය Air Starter එකක ඇතුළත සැකැස්ම


එතකොට ඒකට සම්පීඩිත වායු දෙන්නෙ මොකෙන්ද? අර නැව් වල තියෙනවා කියපු විදිහෙ වායු ටැංකි වලින් ද? නෑ ඒක සාර්ථක නෑ. බර සහ පරිමාව සීමිත නිසා අර කලින් කියපු විදිහටම අපි ඒකට ස්ටාටර් ජෙනරේටරයක් සහිත පුන්චි එන්ජිමක් සහ වෙනම තියාගන්නවා. ඒකට කියන්නෙ APU (Auxiliary Power Unit - අතිරේක බල සැපයුම් ඒකකය) කියලා. ඒ APU එකේ නිපදවෙන බලයෙන් වාතය සම්පීඩනය කරලා ප්‍රධාන එන්ජින් වල Starting වලට ගන්න වගේම, ඒකෙ ස්ටාර්ටර් ජෙනරේටරෙන් ගුවන් යානයට අවශ්‍ය විදුලි බලය උපදවාගන්නත් පාවිච්චි කරනවා.

ස්ටාටර් ජෙනරේටරය සවිකල APU එකක් 

එවැනි ගුවන් යානා වල නම්, ඒ APU එක තමයි බැටරි වලින් හෝ GPU එකෙන් ගන්න විදුලියෙන් ස්ටාට් කරන්නෙ. ඒ වගේ ගුවන් යානයකට ගුවනේදී අවශ්‍ය විදුලි බල සැපයුම ගන්නෙ, ප්‍රධාන එන්ජින් වලට හෝ ඒවායෙන් බලය සැපයෙන ගියර් කට්ටල වලට සම්බන්ධව තිබෙන ප්‍රධාන ජෙනරේටර් පද්ධතියෙන්. APU එකේ Starter Generator එක, Standby පද්ධතියක්. හදිසියේ ප්‍රධාන ජෙනරේටර වල විදුලි සැපයුමට අනපේක්ෂිත ලෙස ගැටලුවක් ඇති වුණොත් APU එකේ ස්ටාටර් ජෙනියෙන් බලශක්තිය ලබාගන්න පුළුවන්.

ඒත්, බැටරි තියෙද්දි  තව GPU මොකටද කියලා හිතුණේ නැද්ද??
හැබෑටම මොකටද එහෙම එකක්?

Add caption

ගුවන් යානයක් ඉහලට ගියාට පස්සෙ ඒක ආපහු බිමට එනකල් ම, පාවිච්චි කරන්න ලැබෙන්නෙ ඒ උඩට යනකොට ගෙනියන ටික විතරයි නෙ. වෙන කොහෙන් වත් හම්බවෙන්නෙ නෑ නෙ.

ඒ නිසා, හදිසියෙ වත් Main Generator පද්ධතිය අකර්මන්‍ය වුණොත් APU එක Start කරන්න විදුලිය ලැබෙන්නෙ ඒ බැටරි වලින්. එහෙම වෙලාවක APU එක හෝ sarter generator එක බැටරියෙන් ශක්තිය ලබා ගන්නා පරිපථයට සම්බන්ධ කරලා තියෙන්නෙත් ගොඩක් ම Critical ම උපකරණ/උපාංග සහ පද්ධති පමණයි.

ඉතිං මෙච්චර වැදගත් බැටරිය, බිමදි එන්ජින් Start up කරන්න පාවිච්චි කරනවා කියන්නෙ, ඒ වැය වෙන විදුලිය නැවත ආරෝපණය කරන්න (batter charging වලට) ශක්තිය ගන්න වෙන්නෙ ගුවන් යානයේ ගෙන යන ඉන්ධන වලින් ම නිසා ඒක පාඩුවක් වෙනවා!  ඒ වගේම, ඒහෙම චාජ් වෙන්න යන වෙලාවත් වැඩි නිසා, ඒවා චාජ් වෙන්න කලින්, ප්‍රධාන ජෙනරේටර් අකර්මන්‍ය වුණොත්, මොන දෙයියන්ට කියන්නද ???

ඒ නිසා, හොඳට චාජ් කරපු/වුණු බැටරි හැරෙන්න හිඳිලා ගිය බැටරියක් උඩදි චාජ් වෙනකල් උස්සගෙන යන එක සහ ඒ වෙනුවෙන් ඉන්ධන වැය කරන එක පාඩුයි. බිම වැඩ වලට GPU එකෙන් ගුවන් යානයට බලය ලබා ගන්නෙ අන්න ඒ නිසයි!


7 comments:

  1. Great work keep up aiya.. ����

    ReplyDelete
  2. අපි නම් GPU කියලා දන්නෙ Graphics Proccesing Unit එක.😂

    අද මේකත් දැනගත්තා එල ඈ.😘

    ReplyDelete
    Replies
    1. Computer එකඒ ඒ GPU සහ Aviation වලදි මේ GPU එක!
      තව තව ෆීල්ඩ් වල GPU නම් තවත් ඇති සහන්! අපි නොදන්න ගොඩක් දේවල් ඇති! ටික ටික දැනගමු 😘

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Good work bro. Keep it up. And write more.

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!