Monday, June 9, 2014

එපා යලි කවදා වත්

කියන්නත් මොකක්ද වගේ අනේ!!!   පිරේ දැං මාර විදිහට කම්මැලි වෙලා!!!
(අමුතුවෙං වෙන්න දෙයක් තිබුණේ නෑ, දන්න කලෙ ඉඳලම එහෙමනේ, හිකිස් :D )

දැං ලියනවට වඩා කරන්නේ යාලුවන්ගේ එව්වා මේකේ දාන එක ද කොහෙද!!!

එහෙම කියල කොහොමද, ගියපාර විචාරේ ලියපු තිලිණ ගෙන් ම තමයි මේ පාරත් ගෙනාවේ, හැබැයි මේක විචාරයක් නෙවෙයි, කවියක්!!!!

කියවලම බලන්නකෝ!!!!









අවුරුදු 22යි යෞවන වියේ                                    සිටි
ආයුශ කෙටියි ඔබෙ සේවය රටට                           වටී
පිසදා ගන්න මේ ගලනා කදුලු                              කැටි
එනු මැන යලිත් පරදා අර රුදුරු                         කොටි

ඇයත් සමග ඔබ කුල ගෙට යන                            දවස
එලඹිනි එහෙත් සුදු කොඩි සරසයි                       නිවස
නිවාදමන්නට කොටිනගේ ලේ                            පවස
මිතුරු කරින් ආවේ ඔබ වෙත                              නිවස

සාලය මැද්දේ ඔබ නිහඩය කතා                           නැත
වීර පදක්කම් ඔබ හට හිමිව                                   ඇත
කුමකින් කුමක් ලැබුනත් මට පලක්                      නැත
වැලපෙන ඇයව සනසන්නට වචන                      නැත

මෙවැනි දුකක් කිසි කලකකදි නොම                  වන්න
මතු බවයේ වත් ඇයගේ අත ලැබ                       ගන්න
මේ වැනි දහස් නෙත් වෙත කදුලැලි                     දුන්න
යුද්දය එපා යලි කවදා වත්                                  එන්න

.....තිළිණ ළමාහේවා.....


සමහරුන්ට මේක පරණම මාතෘකාවක්. (තිලිණ මේක ලියලත් දැන් මාස කිහිපයක් වෙනවා)
ඒත්......!!!!!
ඇත්තටම මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්නු, මේ වගේ සෙබල සොයුරන්ගේ නෑදෑ හිතමිත්‍රයින්????...............................
ඒ හදවත් තවමත් ජීවත් වෙනවා නේද?? ඒ ජීවත් වෙන හදවත් ඇතුළේ මේ වීර සෙබලු තවමත් ඉන්නවා නේද?

ඒ තත්ත්වයට මුහුණපා තිබෙන කෙනෙක් හැරුණම අනෙකුත් හැම මිනිසෙකුටම වගේ දැන් මේ විරුවන්ව අමතක ම වෙලා නේද???


18 comments:

  1. ලස්සනයි තිළිණ පද ටික. අපූරුයි.

    බොට කියන්න පීරෙ, මටත් තියෙනවා මගේ මිතුරෙක්ගෙ හමුදා මරණයක මතකයක්. ඒක මතක් වෙත්දි හැම දාම පසුතැවීමල් ඉතුරි වෙනවා බං. ඒ ගැන ලියන්න කාලෙක ඉදන් හිතන් හිටියත් ලියන්න උනේම නෑ. හිටහන්කො ඉක්මනටම ලියනවා.……

    ReplyDelete
    Replies
    1. ලියහං අයියේ ඉක්මනට ම!!! ඒ වෙන්වීමේ දුක කියවනකොට දැනෙන විරහව, තරුණ ආදරේ විරහවට වඩා අමුතු විදිහට, ඇඟටම දැනෙන විරහ රසයක් ලු!!! ඒ නිසා ආසාවෙන් බලන් ඉන්නවා!!!
      නිවාඩුවෙ ගෙදර (යන්නදුන්නොත්) ගිහිල්ලා කියවන්න දැං ඉඳං ම එකතු කර කර ඉන්නේ!!!
      (මටත් පොඩි හිතුවිල්ලක් ආවා, විභාගෙ අස්සෙ අකුරු කරන්න ඒක දිග වැඩියි, ඒ නිසා පස්සෙ වෙලාවක කොටලා දාන්න ඕනේ.)

      Delete
  2. ප්‍රියයන්ගෙන් වෙන්වීම හරිම දුකක්...අපිට නම් ඒ අයව මතක්කරන්නවත් ඉඩ ප්‍රස්තාව තියෙනවා. හැබැයි තවත් පාර්ශවයක දෙමව්පියන්ට ඒ ඉඩත් යම්දුරකට වැහිලා. වරදකාරයා මොකා වුනත්, ඒ අයගේ දෙමව්පියන් මොනවා කරන්නද? හැඟීම එකමයිනේ මව්පියන්ගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අරූ!!
      මොනවා වුණත් දෙමව්පියෝ පව්!! මොන දේ වුණත් ඒ නැති වුණේ ඒ මිනිස්සුංගෙ දරුවො!!

      Delete
  3. පිරේ පද පෙල හැඩයි.. අදහස දුකයි...

    ජය වේවා!!!

    ReplyDelete
  4. අදයි මම මේ පැත්තේ ඔළුව දැම්මේ ඔන්න.. අව ගමන් හිතට දැනෙන කවි පෙලක්.. ලස්සනයි මචං...

    ReplyDelete
    Replies
    1. දිනේශ් අයියා ආපු ගමං කියවලා තියෙන්නෙ මං ලියපු එකක්නං නෙවෙයි ඉතිං ඈ!!!
      විභාග නිසා මේ දවස් වල ලිවිල්ල අඩාලයි!!

      Delete
  5. දුකයි අප්පා පීරේ,, මොන කරන්නද ,ලස්සන අදහසක් නියමයි

    ReplyDelete
    Replies
    1. 'ලමා' ලිව්වොත් ඉතිං පිරේට වඩා හොඳට බොක්කටම වදින්න ලියනවනේ අක්කේ!!

      Delete
  6. පිරේ පිරේ පිරේ...... කාලෙකිං ඔන්න ආව බං මේ පැත්තට.....තව ටික දවසකිං මනුස්සයො අහයි ඇත්තටම ලංකාවේ යුද්ධයක් තිබිලා මනුස්සයෝ මැරුනද කියලත්

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත බං!!! එහෙම එකක් තිබුණා කියලා දැනටත් සමහරක් උදවියට අමතකයි!
      දුක තමයි ඉතිං නේද??/

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ එකම එක දෙපාරක් දාලා??

      Delete
  8. හිතට දැනෙන කවි ටිකක්..

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන මාතෘකාවක්නේ නංගි. ඒකයි මං හිතන්නේ.
      කොහොමත් තිලිණ ලියන දේවල් හිතට වදින්නම ලියනවා!!

      Delete
  9. kalayath ekka e aya kala de goda denekta amathaka wena me kaale mehemawath e mathakayan awadi kala ekata sthuthi thilina :)

    ReplyDelete
    Replies
    1. තිලිණ ඔයාලගෙ ජ්‍යෙෂ්ඨයෙක්. එයාටම ස්තූති කලානම් හොඳයි. එයා මේ පැත්තෙ එන්නෙ නෑ ලේසියකට!!
      :D

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!