Saturday, July 12, 2014

රාමායණය සහ ලංකාවේ අපි

වාල්මිකී සිටියේ ඉන්දියාවේය. රාමායණය ලිව්වේ ඔහුය. අප සිටින්නේ ලංකාවේය. අපි රාමායණය කියෙව්වෙමු. එය හිස් මුදුනෙන් පිලිගත්තෙමු. 

රාමායණයට අනුව රාම හෙන පොරකි. පට්ට වැඩ්ඩෙකි. රාවණ මහා නරියෙකි. ගෑනු හොරෙකි. රාමායණය කියවන අතර අපිද රාමගේ ජය පැතුවෙමු. රාමට හුරේ දැම්මෙමු. රාවණගේ පරාජය හමුවේ සිතින් ජය පැන් බිව්වෙමු. රාවණ සිටියේ ලංකාපුරයේය. නැතහොත් ලංකාවේය. අප සිටින්නෙද ලංකාවේය. ඉතින් රාවණ අපේ කෙනෙකි. නමුත් අපේ එකෙක් වුවද වැරැද්දක් කලා නම් වැරැද්ද වැරැද්දමය. නමුත් රාමායණයේ ඇත්ත නැත්ත අප දන්නේ නැත. එසේනම් අප මෙතුවක් කල් රාමට කඩේ ගියේ රාමගේ සීනි කිරුවේ කිසිවක් හරියට දැනගෙන නොවේ.
මෙම ඉතිහාස කතාව පිලිබද වෙනත් ඇසකින් වෙනත් කෝනයකින් බලන ගීතයක් මට හමු විය. එහෙත් මෙහි පද රචකයා හෝ ගායන ශිල්පියා මා දන්නේ නැත. එය දන්නා කෙනෙක් වේ නම් කියා දෙනවාට මගේ අකමැත්තක්ද නැත. 

ඉතිහාසයට අනුව රාවණ සීතාව පැහැරගෙන ආවේය. ලංකා පුරයේ හිර කලේය. එය ඇත්තකි. නමුත් එසේ පැහැරගෙන පැමිනියේ ගෑනු පෙරේතකම නිසා නොවන බව අප දැනගත යුතුය.

සීතාවනි ඔබ හැඩ රුව ඇති බව 
දිවි හිමියෙන් පති දම් සුරකින බව 
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඔනෑ නැති බව 


සීතාව පියකරු යුවතියකි. පති භක්තියේ කැඩපත ඇයයි. අද බොහෝ කෙල්ලන් සීතාවක් වෙන්නම් කියා පොරොන්දු දෙන්නේ එහෙයිනි. නමුත් මෙසේ රාම වෙනුවෙන් පතිනි දම් රැකි සීතාව රාම ගෙනෙගොස් හිදවූයේ සිංහාසනය මත නොවේ ගිනි මැලයක් මතය. ඒ ඇගේ පතිභක්තිය පරික්ශා කර බැලීමටය. රාමට සීතාව ඒ තරමටම sure ය. ලෝක ප්රසිද්ද පෙම් යුවලකගේ එකිනෙකා කෙරෙ ඇති විශ්වාසය මාරය. අදහා ගත නොහැකි තරම් පට්ටය. එය වෙනම කතා කල යුත්තකි. කෙසේවෙතත් සීතාව හමුවේ මෙතුලින් රාවනා කියා පාන්නේ තමාට ඇයගේ සෙනෙහස උවමනා නැති බව ඇය දනගත යුතු බවය. රාවණා ලංකාපුරයේ අග රජුය. තුන්ලොවම නතු කර ගැනීමේ බලයක් ඔහු සතු විය. එවැන්නෙකුට ඉන්දියාවෙන් කෙල්ලෙක් පැහැරගෙන ඒමට තරම් අහේනියක් තිබූ බව විශ්වාස කල නොහැක්කකි. 


මගෙ සොහොයුරියක් පෙර දවසක්දා 
රාම කුමරුගෙන් හිරිහැර වින්දා 
පිලිතුරු ලෙස ඔබ සිරකර රන්දා 
හෙල පෙලපත අභිමන් දද බැන්දා 


ඇත්ත මෙයයි. රාවණ සීතාව ගුවනින් ගෙන ආවේ මේ නිසාය. ( රාවණ සීතාව ගුවනින් ගෙන එන කාලයේ රයිට් සහොදරයන් උපත ලබා නැති බවත් අද අපට ටෝක් දෙන සුද්දන් එදා වැද්දන් වූ බවත් අප මතකතබා ගත යුතුය ) රාවණගේ සොහොයුරිය සුපර්ණිකාය. ඇගෙන් ලද bite එකකින් නෝන්ඩි වූ රාම ඇගේ නහය කපා දමන්නේ තුන් ලොවම යටත් කරගත හැකි රාවණගේ බලය අභියෝගයට ලක් කරමිනි. රාවණ මේ දී ඇත්තේ එයට return එකය. පිලිතුරු ලෙස ඔබ සිරකර රන්දා… හෙල පෙලපත අභිමන් දද බැන්දා යනුවෙන් ඔහු ලොවට කියනුයේ ඒ අභිමානවත් සිංහලකමේ සිංහ නාදයයි.


හෙල කුල පෙලපත ඉහලයි හැමවිට
එහි අභිමානය දකිනෙමි හැමවිට
අන් සතු අගනක සෙනෙහස පැතුමට 
වෙහෙස නොවේ මේ රාවණ පරපුර 


රාවණ මේ හඩගා කියන්නෙ සිංහල කුල පෙලපතේ අභිමානයයි. ඒ අභිමානය රාවණට ගෑනු හොරෙක් ගෑනු පෙරේතයයෙක් ලෙස අවමන් කල හැමට අවමානයක් ගෙන දෙනවාට සැකයක් නැත, ඔහු සීතාව පැහැරගත්තේ රාමට රිදවීමට මිස ඇය ලබා ගැනීමට නොවේ. මෙසේ අන්සතු යුවතියක ලබා ගැනීම රාවණ පරපුර නින්දාවක් සේ සැලකූවකි. ගීතය මෙතනින් අවසන්ය. නමුත්කතන්දර මෙතනින් අවසන් නොවේ. 

රාම රාවණ සටනේදී රාවණ පැරදී මිය ගියේය.එය ඇත්තය. නමුත් රාවණ් පරාජය කරන රහස රාමට කියා දුන්නේ රාවණගේම සොයුරු විභීෂණ ය. එදා සිටම අපව පාවා දී ඇත්තේ අපේ උන්මය. ඊයේ පෙරේදා උනෙත් එයමය. විභීෂණට ලංකාව තෑගි ලැබිනි. රට පාවා දුන් අපේ උන්ටද එලෙසම ලාබ ප්රයෝජන ලැබිනි. නමුත් අපට අපේකම , අපේ ඉතිහාසය, අපේ ගෞරවය නම්බුව නැතිවිය. 

අපි අපේ තරම නොදන්නා බවත්, වෙනත් උන් කියන දේ හිස් මුදුනින්ම පිලිගෙන අපේකමටම් ගරහන බවත්, ලාභ ප්රයෝජන හමුවේ අපේම උන්වම පාවා දෙන බවත්, ඔය සියල්ලටම වඩා අපේ සිංහල ජාතිය අභිමානවත් ඉතිහාසයක් ඇති කිසිවෙකුට නොදෙවෙනි ජාතියක් බවත් මින් විද්යාමාන වේ. මගේ කතාව මින් අවසානය. අසා සිටි ඔබ සැමට සිතා බැලීමට දෙයක් ඇත. මන්ද, හෙට කියාද දවසක් අපට උදා වන බැවිනි.

 ෴ තිළිණ ළමාහේවා

8 comments:

  1. ආයි ඔන්න මං කියන්නෑ තිළිණට බොගක් අටෝගනිං කියලා....
    පොඩි කාලෙ රාමායණය මාත් කියෙව්වා....ඒ කාලෙ තියන නොදැනුවත්කමට රාමව මට හෙන වීරයෙක් උනා.ඒත් පස්සෙ පස්සෙ කරුණු කාරණා තේරෙද්දි රාම කියන්නෙ අපේ රටේ අතීත කොදු නාරටිය කඩපු පරයෙක් කියලා තේරුණා.ඒත් ඉතිං මොක කරන්නද?ඒ වෙනකොටත් රාමායණය ලෝක වස්තුවක්.වාල්මිකී අපිව බල්ලට දාලා.නැත්තං අහසිං යන්න යාත්‍රා හදපු,මනුස්සයො 20කගේ වැඩ තනියෙං කරන්න පුළුවන් මනුස්සයෙකුට මෙහෙම කරනවද?
    අර පාවා දෙන කතාවටනං 100% එකගයි

    ReplyDelete
    Replies
    1. තිලිණ බොගක් අටවගන්නේ නෑ බං. එහෙම කරනවනං මං උගේ එව්වා මේකෙ දාන්නෙ නෑනේ.

      සිරාවටම බං, මේක අපේම ලංකාවනේ.

      Delete
  2. මේ අගනා ගීතය අද අහන්න නැතිඑක ගැන කනගාටුයි. වින්සන්ට් ප්‍රේමසිරි ගැන අද පරපුර දන්නෙවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. තිලිණයෝ, මෙන්න ගීයේ ගායකයා කව්ද කියලා මෙතුමා දන්නවා.
      ස්තූතියි විචාරක තුමා.
      මේ වගේ හොඳ දෙයක් අහන්න නොලැබීම ඉතිං අපේ අවාසනාව.

      Delete
  3. // එදා සිටම අපව පාවා දී ඇත්තේ අපේ උන්මය// මේක නම් සිරාවටම ඇත්ත බං තිළිණ. රාම මටත් ඒ කාලෙ වීරයෙක්. ඒත් දැන් දුෂ්ඨයෙක්.

    පීරේ, ඈ බොල මේක දැන් ලියන්නෙ දිගටම තිළිණද?

    ReplyDelete
    Replies
    1. තිලිණ මේක ලියන්නේ නෑ අයියේ. එයා ලියන එව්වා මං උස්සගෙන ඇවිල්ලා මේකෙ ඔබනවා.
      මේ පාර මේ යකා මේක කොටන්නෙත් නැතුව, ලියපු කොලේ උස්සගෙන ඇවිල්ලා මට දුන්නා කොටලා දාන්න කියලා. අම්බානක බිසි වෙලාවක. :/ :/ :/
      කොහොම හරි ඌම ආපහු අරං ගිහිං කොටලා දුන්නේ.

      [මගෙ ඩ්‍රාෆ්ට් වල බාගෙට කොටපු ලිපි දෙක තුනක් තියෙද්දිත් එව්වා දාන්න හිත දෙන්නේ නෑ, මේ තිලිණයාගෙ ලිපි දැක්කම එව්වට හිත යනවා. හොඳ දේට තැන]

      Delete
  4. හොඳ වෙලාවට හැරී පොටර් පොත්වල හාන්ස් ක්‍රිස්ටියන්ගේ පොත්වල ලංකාව ගැන සඳහනක් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. හෑ, ඒ මොකෝ??
      අහ්, ඔව් නේන්නං, එහෙම තිබුණා නං ..............
      අනේ මංදා

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!