Sunday, July 20, 2014

අක්කේ

පිරේ ගෙ අම්මට දැං ටික කාලෙක ඉඳලා ටිකක් අසනීපයි. නිවාඩු කාලෙ පිරේ අම්මට බෙහෙත් අරං දීලා ආවෙ. ඒ වගේම ඉතිං, පුළුවං වෙලාවට ගෙදර ගිහිල්ලා දුක සැප බලන්නත් අමතක කරන්නේ නෑ.

ඔන්න අදත් උදේ පාන්දර [හරි පාන්දර. නැගිටිනකොට 8.00ත් පහු වෙලා] ගෙදර යන්න පිටත් වුණා. මග දිගට දකින දකින දේවල් උස්සගෙන ගෙදර යනකොට දවල්ට කන්නත් වෙලාව මං හිතන්නේ.

ඔක්කොමත් හරි, ගෙට ගොඩවෙනකොටම අම්මා ඉන්නවා සතුටින් හිනා වෙවී. මං බැලුවෙ ලෙඩ දුක් ඉවර වෙලා හොඳට සනීප වෙලා වත් ද කියලා. නෑ නෑ. අමාරු පාට පේනවා. ඒත් හිත සතුටින්. මොකක් නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පිරේ කියන්නෙ සීරියස් ටෝක් දුන්නට පොඩි එකෙක් වගේ හැසිරෙන එකෙක්. ලඟින් ආශ්‍රය කරන එවුන් නං දන්නවා. ඒත් ඉතිං දුක කියන්නේ, දැං කොල්ලට පොඩ්ඩක් හැදෙන්න වෙලා. යුතුකම් වගකීම් වැඩි වෙලා. ඒනිසා අමාරුවෙන් හරි වෙනස් වෙන්න වෙනවා. මොනව කරන්නද ඉතිං ඔහොම තමයි ජීවිතේ!!!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පිරේ ගෙ අක්කා ලඟදි බැන්දා. [ඒ නිසා පිරේ තමයි දැං ඉතුරු උන්ගෙන් "පවුලේ වැඩිමලා"] දැං ඔන්න පිරේ ගෙ අක්කා, පිරේව මාමෙක් කරන්නලු යන්නේ. ඒ කියන්නේ ඉතිං පිරේ තව දුරටත් පොඩි එකෙක් නෙවෙයි ඈ!! හම්මේ ඉතිං !!!! අක්කට සුබ පතන්න ඒ වෙලාවෙම කෝල් කලා. පිරේ වගේම අපතයෙක් ගේන්න කියලා අක්කගෙං ඉල්ලුවේ!!!!!
බලමුකො, අපතයෙක් වෙයිද අපතියක් වෙයි ද දන්නෑ, කොහොම වුණත් ලොකු මාමා ඉතිං 'පිරේ'නේ!!!

මුළු හදවතින් ම සුබ පැතුම් අක්කේ!!! 


වෙනත් අක්කෙක් නිසා කලිං ඉඳලම මාමෙක් වෙලා හිටියත් [ඌ මට මාමා කියන්නේ නෑ, අයියා ලු!! සෙද්ද!!], මගේම අක්කගෙ පොඩි එකා මට මාමා කියලා කතා කරනකල් ආසාවෙන් බලන් ඉන්නේ. 

පොඩි එකා හුරතලේට දඟ වැඩ කරනකොට ඌට එකතු වෙලා අක්කව කේන්ති ගස්සන්න ඇඟිලි ගනින ගමන් ආසාවට කෙ‍ටුවේ ඕං!! 
නියම දඟමල්ලක මාමෙක් වෙන්න  කියලා ඔයාලත් පිරේට සුබපතනවා නේද???

35 comments:

  1. කේ බං මගේ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. මාමාව මීමා කරන්න හිතෙන්නෙ මේ වෙලාවට තමා. නේද බං. ;)

      Delete
    2. හෑහ්, මාමව මීමා කරන්න??
      අඩොව් ඔව්වට එන්න එපා හරී

      Delete
  2. මාමෙක් වුනා වගේම කසාද නොබැඳම සීයෙක්ද වේවා! :D

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා කියපු එකට මමත් නං එකඟයි. ඒ වුණාට එහෙම ඉන්න වෙන එකක් නෑ වගේ.
      තාත්තා ඊයේ අම්මට කිව්වා, මගෙ ඩිග්‍රිය ගත්ත ගමං පත්තරේ දානවා කියල කෙල්ලෙක් හොයන්න.
      එහෙම වුණොත් ඉතිං, "අහෝ දුකකි ඉරකි තිතකි"

      Delete
  3. අලේ... සෝයි ඈ.... අපතයෙක් කියන්න එපා බොල, සෝයි දඟමල්ලක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව. පිරේ'ස් අක්කියාටත් නිදුක් නිරෝගී සුව පතනවා!

    ReplyDelete
    Replies
    1. දඟ මල්ලක් වෙන්න තමයි ඉතිං මටත් ඕනේ.
      අක්කා, අපේ වැඩ වලට, මාමටයි බෑණටයි එක පාර බනිනකොට කොහොමද ආතල් එක :D :D :D

      පැතුමට තුති ++++++

      Delete
  4. අඩේ උදේම පට්ට ආරංචියක්නෙ. අක්කාටයි ඉපදෙන්න ඉන්න බබාටත් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා මචෝ!!!

    අලුත් මාමාටත් සුබ අනාගතයක්!!! :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුව පැතුමටත්, සුබ පැතුමටත් දෙකටම!!

      Delete
  5. හම්මේ එහෙනං තොට ආං බාං කරන්න බැරි පට්ටම පට්ට දගයෙක් එන්න ඕන..
    අර සිරසෙ ගියපු දගය වගේ

    ReplyDelete
    Replies
    1. ඔය ඕනේ දඟයෙක් මට ඔට්‍ටුයි ඈ!!
      මටත් ඕනේ ආං බාං කර ගන්න බැරි හොඳම ඇට්ටර කොල්ලෙක් :D :D :D :D :D

      Delete
    2. එහෙම ම වෙයි කියන්න පුළුවන් පෙරමග සලකුණු දැනටම දැනෙන්න පටං අරං තියෙන්නෙ බං මහේෂ් අයියණ්ඩි!

      Delete
  6. heartiest congracts pire.....feel sorry for da baby..(oya wage mamek labenawata)........wish all health for da baby n ur lovly sis ....with lov
    <3 <3 <3

    ReplyDelete
    Replies
    1. තෑංක් යූ වෙරි මච් බොක්ක.
      ඒ පිස්සුද අලෝ, පොඩි එකාට හොඳයි මං වගේ මාමෙක් ලැබෙන එක!!
      ඒ පොඩ්ඩා ඒ අතිං නං මාරම වාසනාවන්තයෙක් ඈ!!

      Delete
  7. he he yeps congrtz pire...!!!

    ReplyDelete
  8. Congratulations Gayan!!! :)

    Akkitai aiyatath congratulations!!! :))

    may he be another gayan!!! O:)

    a gayan with all features :)

    congratulations again!!! :))

    ReplyDelete
    Replies
    1. හම්මේහ්!!!
      එච්චර ඕනෙද???
      අයියා මාව කයි!!

      හරි හරි. මාත් කැමති එහෙම තමයි. ස්තූතියි හොඳේ!!

      Delete
    2. he he kata athi putha wage ;) hope you remember :D

      and achcharuwa nam patta!! okkoma gaanata!!! :)

      Delete
  9. ane apoi e ahinasakaya mama kiana ynne me manussayatada? iwaraaaaaaaaaaaaaaaaaaaaaaaiiiii,, bt akkita congrats... podi eka genai duka

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ දුකට කරන්න ඕනෙ එක මං වෙනම වෙලාවක කියන්නකො.
      සුබ පැතුමට ස්තූතියි !!

      Delete
  10. මත් මාමෙක් වෙලා දැන් බාප්පෙකුත් වෙලා ඉන්නේ බං..

    අක්කට ඔන්න එහෙනම් උණුසුම් සුබ පැතුම් මගෙනුත්..

    ReplyDelete
    Replies
    1. බාප්පෙක් වෙන්න මට බැරි වෙනවා බං දිනේශ් අයියේ. මහප්පෙක් වෙන්න පුළුවං, ඒත් තව ගොඩක් කල් ඉන්න වෙනවා.

      ස්තූතියි සහෝ!!!

      Delete
  11. අක්කට සුභ පැතුම්......
    උඹටත් දැං නීත්‍යානුකූලව තාත්තා කෙනෙක් වෙන්න කාලෙ හරි නේද?

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එව්වා ඕනේ නෑ. මේ තනිකඩ ජීවිතේ හොඳටම සැපයි. මේ ආතල් එක දැං ම නැති කර ගන්න ඕනේ නෑ.

      ජ ය වේ වා!!!

      Delete
  12. First of all warm best wishes for ur akka & wish u all the best to be an uncle of cute,sweet & playful baby daughter or son :)

    ReplyDelete
    Replies
    1. Will c whom that might be, after the scan.
      Still it's just only less than even a month.

      Thanks for the wishes akka!!!

      Delete
  13. හම්මෙ එහෙනං උඹ දැන් මාමා කෙනෙක් වෙන්න බලන් ඉන්නෙ ,අපිත් මාමා ගේ යාළු මාමාලා ඈ .....
    මොන පොඩි එකත් හරි ශොක් බන් ලොකු වෙන්නෙ නැත්නම් :))) පවුලටම සුබ පැතුම් !!!!!

    ReplyDelete
    Replies
    1. ///මොන පොඩි එකත් හරි ශොක් බන් ලොකු වෙන්නෙ නැත්නම්///
      අනිවා ඈ, සිරාවටම බං එහෙම වෙනවනං කොච්චර හොඳයිද කියලා හිතෙනවා.
      යාලු මාමලා කිව්වට සීයෙක් වෙන්න ඇති!!!!! හික්ස්!!!!!
      උඹ මගෙත් මාමෙක්ද කොහෙද. එහෙම එකේ මගෙ පොඩි එකාගෙ මාමෙක් වෙන්නෙ කොහොමද??
      :v :v :v

      Delete
  14. Awwhh !!! <3 Congratz on your akki's upcoming bundle of joy ! May he or she grow up to be as good as you !
    Now it's time to learn how to sing lullabies uncle PiRe ;)

    ReplyDelete
    Replies
    1. As good as me??? Haaaafoiiiii, my poor sis will suffer a hell-time then :D :D
      Heheeee, I dnt want to sing them :p
      I'll sing hip-hop or rap instead :D :D :D :D

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!