Friday, September 19, 2014

ඒහිපස්සිකෝ!!! ........ මොකක්ද මේ KDU???

දන්නවද?? මොකක් ද මේ " K D U " කියන්නේ??? මොනවද  ඒකේ තියෙන්නේ??? කොහොමද ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ?? ඔයාලත් දැනගන්න අාසයි ද??

K D U කියන කෙටි යෙදුමෙන් නිතරම හැඳිනවෙන මේ සුවිෂේශ අායතනය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල අාරක්ෂක විශ්වවිද්‍යාලය, ගැන ඔයාලා දන්න දේවල් වල අැත්ත නැත්ත දැනගන්න, නොදන්න දේවල් දැන-කියාගන්න, මෙන්න කදිම අවස්ථාවක්!!!!



General Sir John Kotelawala Defence University (KDU) ගැන  හොඳටම දන්න, ටිකක් දන්න, කොටින්ම නොදන්න, හැමෝම වෙනුවෙන් මෙවර සිට මේ විශ්වවිද්‍යාලයේ දොරටු, පොදු ජනතාව වෙනුවෙන් විවර වන දවසක් ලඟදිම එනවා!!!

පලමු වතාවට මේ අවසථාව ලැබෙන්නේ මේ වසරෙදි. ලංකාවේ අපිට විතරක් නෙවෙයි, ලෝකෙ ඕනෑම කනෙකෙුට මේ දවසෙ KDU එක ඇතුළට එන්න පුළුවන්. මේ විශ්වවිද්‍යාලය ගැන විස්තර තොරතුරු අහගන්න දැනගන්න පුළුවන්. තියෙන පහසුකම්, වටපිටාව, පරිසරය, දැක බලාගන්න පුළුවන්. නොදන්න දේවල් හරියට දැන ගන්න පුළුවන්. දන්න දේවල් අහගෙන තහවුරු කරගන්න පුළුවන්. තමුන්ට, තමුන්ගෙ දරුවෙකුට, ඥාතියෙකුට හිතවතෙකුට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න කැමැත්තක් තියෙනවා නම්, ඒ ගැන වඩි දුර දැනගෙන තහවුරු කරගන්න පුළුවන්.

2014 සැප්තැම්බර් මාසෙ 27 වෙනිදා, ඒ කියන්නේ, මේ සෙනසුරාදා, ඔයාලා හැමෝටම ඇවිල්ලා, තමුන්ගෙම ඇසින් බලාගෙන තමින්ගෙම කනින් අහගෙන මේ විශ්වවිද්‍යාලය ගැන දැනකියාගන්න ඇවිල්ලා යන්න එන්න.

එදා දවසේ වඩාත්ම විශේෂ දේ තමයි, මේ හැම දේකටම එදාට ඔයාලට සහයට ඉන්නෙ මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ම වීම. ඔයාලව තැනින් තැනට යනකොට මග පෙන්වන්නෙත්, එක් එක් අධ්‍යයනාංශ වල විස්තර තොරතුරු පහදලා දෙන්නෙත් එයාලා.
කොටින්ම, එදාට KDU එකට එන හැම කෙනෙක්ම එක්ක හැම දේටම සහය ට ඉන්නේ ඒ ලමයි තමයි.

ඔන්න එහෙනම් ඔයාලත් එන්න, ඇවිල්ලා බලන්න. (ඒහිපස්සිකෝ කිව්වේ ඒකයි හොඳේ)


පිරේ ව අඳුනාගන්න පුළුවන් වුනොත් පොඩ්ඩක් ඇවිල්ලා කතා කරන්න හොඳේ. පිරේ එදාට Aeronautical System Laboratory එකේලු ඉන්නේ!!

ප.ලි.
මේ OPEN DAY එක ගැන අපේ නාමල් මලයා එයාගේ මල් මල් අඩවියේ, වැඩි විස්තර අැතිව දාපු ලිපියට මෙතනින් යන්න.

6 comments:

  1. ඈ බං, පෝස්ට් එකක් දැම්මම ඒක අප්ඩේට් උනාද කියලා වත් බලන්නැත්ද? :D

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නෑ අයියේ මේ දවස් වල.
      මං හොඳටම හිර වෙලා ඉන්නේ Open Day ඒකට Leaflets, Banners හදනවා. හදන හදන ඒක වෙනස් කරන්න වෙනවා. අන්තිමට මෙලෝ රහක් නැති ඒව්වාට තමයි අැපෘෘවල් හම්බවෙන්නේ!!!
      රැයක් දවාලක් නැතුව දිගටම වැඩ.

      Delete
  2. මේ වගේ ලිපිත් දාන එක හොදයි. අනිත් අයත් දැනුවත් වෙන්න

    ReplyDelete
    Replies
    1. තවදුරටත් විස්තර කරලා දාන්න හිටියේ අක්කේ!! ඒත් මේ දවස් වල කාර්‍ය්‍යය බහුලයි!! බ්ලොගේ පැත්තේ මොනවද වෙන්නේ කියලා වත් බලන්න වෙලාව හොයාගන්නේ අමාරුවෙන්.
      ස්තූතියි අදහසට අක්කේ!!

      Delete
  3. අපේ IT Fair එකයි Gaming Competition එකත් එදාට තියෙනවා :D ඒ පැත්තෙත් අවොත් හොදයි :)

    ReplyDelete
    Replies
    1. අපිත් පුළුවං වුණොත් ඒ පැත්තේ එන්න බලන්නං අෑ!!! ගේම් ගහන්න නං ඉන්න බැරි වෙයි. ඒත් ටිකවෙලාවකට හරි එන්නංකෝ!!!!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!