Saturday, October 11, 2014

සුබ ගමන් යාලුවේ!!!

මේ ලෝකේ හරිම නපුරුයි අනේ!!! කිසිම දෙයක් වැඩි කල් තියෙන්නේ නෑ!!!
නෑදෑයෝ, යාළුවෝ, හිතවත්තු එනවා යනවා!! කවුරුවත් අපි එක්ක එක දිගට ඉන්නේ නෑ!! අලුතෙන් එන අලුත් පරම්මපරාවට ඉඩ දීලා පරණ අය යන්න යනවා!!! මිනිස්සු විතරක් නෙවෙයි, ගහ-කොල, සතා-සීපාවා, අැල-දොල, මේ හැම දේටම පොදු, ලෝක ස්වභාවය ඕක තමයි ඉතිං.


මං මේ කියන්න හැදුවෙත් ලඟදිම වෙන්න යන ඒ වගේ දෙයක්!!
අපි බොහොම සමීපව අාශ්‍රය කරපු, හැම වෙලාවෙම අපිත් එක්ක හිටපු, අපේ ලඟම හිතවතෙක් ට අපිව දාලා යන්න වෙනවා කියලා අාරංචියක් අාවා!!! ඒකට හේතුව ඉතිං, අපිම තමයි. අපි එයාගෙන් පුළුවන් තරං වැඩ ගත්තා, දැනටත් ගන්නවා, ඒත් එයාට දරාගන්න බැරි තරං ලොකු දේවල් හැමෝම එයාගෙන් බලාපොරොත්තු වෙනවා. 

ඒත් එයාට වඩා හොඳට ඒ දේවල් කරන්න පුළුවං කෙනෙක් ලඟදිම කරලියට එන්න ඉන්නේ!! ඒ නිසා එයා අපිත් එක්ක ඉන්නේ අලුත් කෙනා අපිට හුරු වෙනකල් විතරයිලු. අලුත් පැලේ වැවෙනකල් ඒකට හෙවණ දීලා, ඒක වැවුණම ඒකට ඉඩ දීලා පරණ ගස් මෙලොවින් සමුගන්නවා. මේ සිද්දියත් ඒ වගේ. අලුත් කෙනා තවම අාවේ නෑ!! ඒ නිසා කොහොමත් මේ අපේ සුපුරුදු හිතවතාට තව අවුරුදු 5ක් වත් අපි එක්ක ඉන්න පුළුවං වෙයි (හරියට කියන්න බෑ. ඊට කලිං යන්නක් ඉඩ තියෙනවා).

හෝව් හෝව්!!! පඳුරු තැලුවා අැති නේද?? දැංවත් කිව්වනං!!! කව්රු ගැනද පිරේ මේ කියන්න හදන්නේ අෑ???

හරි හරී....!!! අහගන්නකෝ!!! මේ අපේ යාලුවා තමයි හැමෝම දන්න කියන Pen Drive (USB Stick, Thumb Drive ). මේ වෙනකොට ඒවා වෙනුවට, ඊට වඩා ගොඩක් කාර්යක්ෂම, ප්‍රමාණයෙන් කුඩා, සැහැල්ලු උපාංගයක් පරීක්ෂණ නිමවෙමින් තියෙනවා!! ඒ තමයි ඩේටා-ස්ටිකීස් (DataStickies) 



පුංචි කඩදාසි කෑල්ලක් වගේ තුනී නම්‍යශීලී සැහැල්ලු ඩේටාස්ටිකීස් දත්ත හුවමාරුව සිදු කරන්නත් හරිම පහසුයි. USB පෝට් හොය හොයා ඉන්න දෙයක් නෑ. Interface වෙන්නේ ODTS (Optical Data Transfer Surface) කියලා තුනී ස්ටිකර් ලේයරයක්! මේ ODTS එක, පරිගණකයේ තිරය වටේ, ජංගම දුරකතනයේ, කැමති තැනක අලවලා හදාගන්න පුළුවන්!!! ලඟා වීම ඉතාම පහසුයි!!!










ඒ පින්තූර දැක්කම පේනවනේ කොච්චර පහසුයිද කියලා!!!!! නේද??

දැනට මේ Conceptual device එක පර්යේෂණ අවසාන වෙමින් තියෙන බව එහෙං මෙහෙං අැහෙනවා. ඒ කියන්නෙ මෙයා අපේ භාවිතයට එන්න වැඩි කලක් යන එකක් නෑ.
බොහොම තුනීවට හදලා තියෙන මේ ඩේටාස්ටිකී වල මූලික සැකැස්සම මෙන්න මේ වගේ!!


තුනී ග්‍රැෆීන් ලේයරයක් අාරක්ෂක අාවරණ පටල දෙකකින් අාවරණය කරලා තියෙන්නේ!! ODTS සමඟ සම්බන්ධ වන අතුරුමුහුණත් සන්නායකය දෙපැත්තෙන්ම තිබෙන නිසා ස්ටිකීස් ගොඩක් එකිනෙක සම්බන්ධ කරලා තනි පෙන්ඩ්‍රයිව් එකක් වගේ තියාගන්නත් පුළුවං, හැබැයි පෙන් එකක ප්‍රමාණයට හදාගන්න ඩේටාස්ටිකී මටියක තියෙන්නෙ පෙන් එකට වඩා බොහොම විශාල දත්ත අවකාශයක්!!!

මෙන්න මෙතනින් ඩේටාස්ටිකීස් වෙබ් අඩවියට පිවිසිලා වැඩි විස්තර දැනගන්න පුළුවං හොඳේ!!!

19 comments:

  1. nice animations on blog,,, hehe :P

    ReplyDelete
    Replies
    1. මොන අැනිමේශන් ද අා???
      අැඩවටයිසිං ඒකෙන් දාපු මොනවා හරි වෙන්න අැති මං හිතන්නේ!! මං දැම්මෙ අර උඩම තියෙන සපත්තු දෙකයි යටම තියෙන මාලු ටැංකියයි විතරයි.

      Delete
  2. ෂඃ.............නියම වැඩක්. කොච්චර පහසුවක්ද. බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මේවටත් වෛරස් එනවද දන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පහසුව වගේම පාඩුත් තියෙනවා කියලත් හිතෙනවා විචාරක තුමා!!!
      වයිරස් නං ඉතිං නොයන්නේ මොන දෙටද දැං කාලේ??? බලන බලන තැන වයිරස්!!!
      වයිරස් වලිං ගැලවෙන්න මං ලිපියක් ලියලා තියෙනවා, නිකමට කියවලා බලන්න (මගේ ජනප්‍රියම ලිපි ගොඩේ උඩින්ම තියෙන්නේ!!)

      Delete
  3. මටනම් පොඩී අවුලක් තියෙනවා බං ඕකෙ.

    අච්චර සයිස් පෙන් ඩ්‍රයිව් එකම අන්ත්‍රස්දාන් කර ගන්න අපි වගේ උන්ට ඕකෙන් පහර වදිනවා. :D :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමයි අයියේ මටත් තියෙන ලොකුම අවුල!!!! 
      හැබැයි ඉතිං පොතක හරි නිතරම ලඟ තියාගන්න දේක අලවලා තියා ගන්න පුලුවං නේ!!! ඒ වගේ ප්‍රොටෙක්ට් කරගන්න වෙනවා කෝම හරි!!

      Delete
  4. Replies
    1. තැංකූ පැට්ටෝ!!!! මචං මේ, බාගෙට මොකෝ?? කෝ අර වෙනදා ලියන හෑලි කමෙන්ට්???

      Delete
  5. දැනුවත් කිරීම එල. හැබැයි පරිස්සම් කරගන්න එක තමා අවුල :D

    ReplyDelete
    Replies
    1. හැම තැනම අැලෙනවා. පොතක අලවලා තියාගන්න පුළුවං වෙයි!!!

      Delete
  6. මදැයි. මාසයක් කට්ට කාලා ඉවර කරපු රිපෝර්ට් එක දාගත්තු පෙන් එක අස්ථානගත උනේ ගිය සතියෙ. ඩේටා ස්ටිකීස් ආව කියන්නෙ ඉතින් මගෙ ඩේටා වලට අබ සරණයි!

    ReplyDelete
    Replies
    1. අැයි යකෝ බතල බස්සියේ!!! මේවා අලවලා තියාගන්න පුළුවං නේ බොල!!! ඩයරියක් තියාගනිං, අදාල දිනේට අදාල ඩේටා ටික අලවගන්න පුළුවං වෙයි!!!

      අන්න හරි නිමෝ!!! ජය ම වේවා!!! වෙන කියන්න දෙයක් නෑ මේකිට නේහ!!! ^_^ ^_^ ^_^

      Delete
  7. දැනුවත් කිරීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. නිමෝ ඉතිං අපිට වඩා මේවා ගැන දන්නවනේ!!!

      Delete
  8. මට මේ මගුල් තේරෙන්නේ නැහැ බං :

    ReplyDelete
    Replies
    1. ඉවසහං අරූ අයියේ!!! මේවා තව වැඩි කලක් නොගිහිං හැම තැනම පැතිරේවි!!! පාවිච්චි කරනකොට ටික ටික තේරුම් ගන්න පුළුවං නේ!!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!