Tuesday, October 21, 2014

ජ්‍යෝතිශ්‍යය ගැන මගේ මතය!!! ~Astrology in My View~

ජ්‍යෝතිශ්‍යය ලොකු මාතෘකාවක්. ඒත් මෙතන මං ඒ ගැන මහ දෙයක් ලියන්නේ නෑ. මට ඒ ගැන හිතෙන, දැනෙන අදහස් විතරයි මේ!!!
* සිතුවිලි කලඹ ලියන නිශාදි වික්‍රම අක්කා මූණුපොතේ දාපු ස්ටේටස් එකක් නිසා තමයි මට මේ ලිපිය ලියන්න හිතුණේ. මං මේ ලියලා තියෙන විදිහට, මේක බරපතල වැඩි නං කියන්න, මං පැහැදිලි කරලා දෙන්නං. 

(පින්තූරය ගත්තේමෙතනින් )

මේ විශ්වය පුරාම පවතින හැම දෙයක්ම වගේ පවතින්නේ චක්‍රීය ක්‍රියාදාමයකට යටත් වෙලා. හැම දේම තමන් දැන් ඉන්න තැනට අායෙත් කවදාක හරි පැමිණෙනවා. ඒ කියන්නේ ඒ හැම වස්තුවක් ම, කාලය සමඟ අනුරූපීව යම් කාලාන්කරයන්ට යටත් ව, ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ හැම දෙයක්ම සාපේක්ෂයි, කොටින් ම, කාලය පවා සාපේක්ෂයි. ඒ නිසා ඒ එකිනෙකක් සිදුවීම් අතර කාලානුරූපී සහසම්බන්ධතා නිරූපණයක් ගොඩ නැගෙනවා!
සරලව කිව්වොත්, එක් ග්‍රහ වස්තුවක් දැන් යම් තැනක තියෙනවා, ඒ එක්කම්, පොලව මත යම් සිදුවීම් රැසක් සිදු වෙනවා. ඒ ග්‍රහයා එකතැන තියෙන්නේ නෑ නේ. වටේ යනවා. ඒ ගිහින් අායෙත් අර කලිං තැනට අාවාම, කලිං පාර වගේම සිදුවීම් පෙලක් නැවතත් සිදු වෙනවා. ඒත් කලිං වෙලාවේ අනිත් ග්‍රහයන් තිබුණු තැන් වල මේ වෙලාවේ නෑ. ඒ නිසා බොහොමයක් දේවල් වෙනස්.

උදාහරණයක් විදිහට, දැං මේ ග්‍රහලෝක 9ම තියන තැන් ටික ලකුණු කරගත්තොත්, අායෙත් ඒවා ඒ තැන් වලටම එන්න කොච්චර කාලයක් යනවද?? ඒ වගේම, මේ වෙලාවෙ වෙන දේවල් අායෙත් ඒ විදිහටම වෙන්නත් ඒ කාලයම යනවා. ඒත් ඒ අතරවාරයේ, එක් එක් ග්‍රහයන්, ඒ හිටපු තැන් පහු කරන වාර ගණන බොහොමයි. ඒ නිසා ඊට අනුරූප යම් සිද්ධි නැවත නැවතත් සිදු වෙනවා.

ඒ නිසා කලිං වුණේ කොහොමද කියලා දන්නවා නම් ඊලඟ වතාවෙ ඒ සිද්ධිය ගැන කලිං කියන්න පුළුවං.
හරියට, කලිං වම් පැත්තෙන් වාහනයක් එද්දි බලන්නැතුව පාර පැනපු මිනිහා හැප්පුණා, ඒ නිසා දැං ඒ වගේම වාහනයක් එද්දි බලන්නැතුව පනින මිනිහත් හැප්පෙනවා කියලා කියන්න පුළුවං වගේ. ඒත් මේ පාර එන වාහනේ මගදිම මිනිහව දැකලා නැවැත්තුවොත් හැප්පෙන්නේ නෑ, වගේම, අර අනාවැකියත් යම් හේතූන් මත වෙනස් වෙන්න පුළුවන්.

අනිත් දේ තමයි, බුදු බණේ කියවෙන පංච නියාම ධර්ම. මේ විශ්වයේ සිදුවෙන හැම සිදුවීමක් ම පාලනය වෙන්නේ, උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම හා චිත්ත නියාම, කියන මේ පංච නියාම ධර්ම අනුවයි!!!

ඒ කියන්නේ, කෙනෙක් පෙර කළ කර්මයන්ට අනුරූපව පසු කාලෙක ප්‍රතිඵල ලැබෙන බව සහ ඒ ප්‍රතිඵලයන් අනිත් නියාම ධර්ම මතද රඳා පවතින බව අපි දන්නවා. මේ කර්මය හා ඵලය යන සම්බන්ධතාවය, පෙර කාලවල සිදු වූ අාකාරයන්, ග්‍රහ තාරකා වල පිහිටීම අනුව ගණිතමය හා විද්‍යාත්මක දත්තමූලයකට අැතුළත් කිරීමෙන්, ඒ ග්‍රහතාරකා වල පිහිටීම් නැවත අැතිවෙන කාලය අනුව, අර කර්මයක් හො පෙර කර්මයක අර වගේ ඵලයක් හෝ අැති වෙන්න යන බවට පැහැදිලි අනාවැකි දෙන්න පුළුවන්!

කෙනෙක් උපදින වෙලාව පවා, අර නියාම ධර්මයන් මත රඳා පවතින නිසා, ඒ උපන් වෙලාවට අනුකූලව, ඉහත කී දත්තමූලයෙන් ලබාගන්නා දත්ත භාවිතා කරලා, ඒ පුද්ගලයාගේ කර්ම ඵල හැම දේම අනාවැකියක් දෙන්න පුළුවන්!!!
මුළුමනින්ම විද්‍යාත්මකයි!!

නමුත්, කම්ම නියාමය මූලික කරගත් දත්ත මූලය තුළ අනිත් නියාම හතරෙන් අැතිවෙන බලපෑම් දැක්වෙන්න් නෑ. ඒ නියාම හතරෙන් බීජ නියාම හා ධම්ම නියාම පාලනය කරන්න බැරි වුණත්, චිත්ත නියාමය තමන්ගේ හා සමීප පුදගලයින් ගේ සිතිවිලි පාලනය නිරීමෙනුත්, උතු නියාමය, උතු බලපෑම අැති ස්ථානය වෙනස් කිරීමෙනුත්, පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ, අර කියපු විද්‍යාත්මක අනාවැකිය බොරුවක් කරන්න මිනිස්සුන්ට පුළුවන්.


(පින්තූරය ගත්තේමෙතනින් )



ජ්‍යොතිෂ්‍යය කියන්නේ අර විද්‍යාත්මක අනාවැකිය කියන්න යොදාගන්නා දත්ත මූලයත් ඒ දත්ත කියවීමේ හා විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයත් අැතුළත් වන ඉපැරණි ශාස්ත්‍රයක්කලාවක්විද්‍යාවක්!!!

ඒත් ඒ අනාවැකි වෙනස් කරන්න මිනිස්සුන්ට පුළුවන් වීමත්
, ඒ විද්‍යාව හරියට නොදැන දන්නවා වගේ රඟපාන බොරුකාරයෝත් යන හේතු දෙකම නිසා ඒ අනගි ශාස්ත්‍රය දැන් අපෙන් අෑත් වෙලා!!!!

15 comments:

  1. ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් කිව්වලු

    ReplyDelete
  2. මොලේ මැටි වැඩි හින්දද මන්දා බං පළවෙනි පාර තේරුන්නෑ. :D හිටින් තව පාරක් කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මැට්ටෙං හරි මොලයක් තියෙන එක කොච්චර වටිනවද බං ප්‍රියා අයියේ!! බහුතරේකට තියෙන්නේ හිස් තැනක් නේ!! කොච්චර කියෙව්වත් ඔච්චර තමයි බං!!

      මොකෝ බං විදානේ???

      Delete
  3. මේ අකුරු ටිකක් ලොකු කරන්නකො පිරේ. මේ වගේ බරපතල ටොපික් පොල්ගෙඩි සයිස් අකුරෙන් තමයි කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෑ!!! අකුරු හැබෑටම පොඩි වැඩිද??? අයියෝ!!!
      ඔන්න ඔහේ පේජ් සූම් කරලා කියවහං බං.

      (තේරුනේ නැත්නං අහන්නකො හිමිහිට පහදලා දෙන්නං!!)

      Delete
  4. බුදුදහම ගැන නම් ටිකක් දන්නවා. ජ්‍යොතිෂය ගැන දැඩි විශ්වාසයක් නැති නිසා දැනුමකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජ්‍යොතිෂය විශ්වාස කරලා වැඩකුත් නෑ විචාරක තුමා!! ඒවා අනවශ්‍ය විශ්වාසයකින බදාගත්තොත් තමයි කෙලවෙන්නේ!! අදහස අරං වලක්වාගන්න ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නිසා ලාවට බැලුවට කමක් නෑ කියලයි මං නං කියන්නේ!!!
      හරියටම කියනවා නං, ප්‍රවෘත්ති ප්‍රකාශයක විකාශනය වෙන කාලගුණ වාර්තාව බලලා, වහිනවා කිව්වොත් කුඩයක් අරං යන්න මතක තියාගන්නවා වගේ. ඒත් අපි දන්නවා වහින්නෙ නෑ කියලා!!

      Delete
  5. මරු මරු (Y) මගේ නමත් තියෙනවානේ ^_^
    කොහොම වුනත් ජෝතිෂ්‍යය ගැන මහා ලොකු විශ්වාසයක් නම් මගේ නැහැ. ඒත් ඒ හැමදෙයක්ම බොරු කියල අහක දාන්නේ නැහැ. නරක දේ තියෙනවා කියල දැනුවත් කලොත් යමක් කරනවා. කොහොම වුනත් ජෝතිෂ්‍යයටම හැමදේම බාරදීල ජීවත් වෙන්නේ නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජෝතිෂ්‍යයටම හැමදේම බාරදීල ජීවත් වෙන්නේ අණුවනයෝ අක්කේ. ඒවා විද්‍යාත්මක පදනමක් අැතිව බිහි වුණත් 100%ක් අැත්ත වෙන්නේ නෑ. හරියට "කාලගුණ වාර්තාව" වගේ!!!

      Delete
  6. මම නම් මේ දේවල් ගැන විශ්වාසයක් නැහැ. විශ්වාසකරන අයට එපා කියන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න පුළුවනැයි අද කාලෙ සිද්ධ වෙන දේවල් වල හැටියට, නේද??

      Delete
  7. ඒත් ඒ අනාවැකි වෙනස් කරන්න මිනිස්සුන්ට පුළුවන් වීමත්, ඒ විද්‍යාව හරියට නොදැන දන්නවා වගේ රඟපාන බොරුකාරයෝත් යන හේතු දෙකම නිසා ඒ අනගි ශාස්ත්‍රය දැන් අපෙන් අෑත් වෙලා!!!!/////
    අනගි සෑස්තරයක්ද දන්නෑ පිරේ මට නං ජෝතිසය කියන්නෙ විකාරයක් වගේ හෝතු ඵල දහම විස්වාස කරන බෞද්ධයන්ට අනවශ්‍ය දෙයක්කියන එකයි මගේ හැගීම... අනික බුදු හාමුදුරුවෝත් කියල තියෙනවනෙව
    කිං තරිස්සන්ති තාරකා කියල...
    ආයෙ අහවල් එකද...
    උඹේ උත්සාහයට මගේ උත්තමාචාරය....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ජෝතිශ්‍යය තුළින් මතු කරන්න හදලා තියෙන්නෙත් හේතු ඵල දහම හා විශ්ව කාලය අතර සහසම්බන්ධතාව බං. ඒක මිනිස්සු අතරට අැවිල්ලා තියෙන විදිහයි වැරදි. අැයි ඉතිං කියන්නෙ "සෙනසුරුගෙං අපලයි රාහුගෙං අපලයි, ගුරු බැල්ම තියෙන නිසා ඉගෙන ගන්න පුළුවං වෙයි, සිකුරු උච්ඡ වෙලා නිසා පෙම් හුටපට වලට සුබයි" වගේ කුණුහරප නේ බං.
      මෙච්චර බලපෑමක් තියෙන ඉරෙන් බේරෙන්න පුංචි කුඩයක් පාවිච්චි කලාම අැති නං, අච්චර අෑත තියෙන තරු රාසි වලිං මොන කෙංගෙඩියක් වෙන්නද බං???

      තරු වලිං බලපෑමක් නෑ. හරි කතාව, තරු හා අනෙකුත් ග්‍රහවස්තු තමයි කාලය මනින්න යොදාගන්නේ. හරියට ඔරලෝසුව වගේ.

      නිකමට හිතපං, උඹ බැඳපු මිනිහා, කෑල්ලක් උඹට ටෝක් කරනවා. හරියටම දවල් 12.00ට හංදියෙදි මීට් වෙමු කියනවා. තියෙන කරුමෙට, ඒකි එනකොට වයිෆ් උඹ ලඟ.
      ඒ කියන්නේ උඹට 12 ඉලක්කමෙන් අපලයි කියලාද නැත්නං ඔරලෝසු කටු දෙකෙං අපලයි කියලද?? නෑ, දෙකම නෙවෙයි, අපලේ වෙන්නේ අර කෑල්ල (අපලේ?? කෑල්ල??? තීරණය ඔබ සතුයි!!)

      ජ්‍යොතිෂ්‍යය කියන්නෙත් ඒ වගේ දෙයක්!! ග්‍රහ තාරකා වලිං අහවල් කෙලියක් නෑ බං. ඒක නිකං, ඔරලෝසුවක්.
      ඒකෙන් වලාව බලාගෙන, වැරදි හදාගන්න පුළුවං. එච්චරයි.(ඒත් දැං කාලෙ ඒක හරියට දන්න කවුරුවත් ඉන්නවද කියලා සැකයි!!!)
      විශ්වාස කරගෙන බදාගෙන ඉඹගෙන ඉන්න එකාලට ඉතිං සොරිම තමයි!!!

      අන්න කියමන!!! "කිං කරිස්සං ති තාරකා"

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!