Sunday, May 29, 2016

අපි රි"ලව්"


"ලැදි මන බන්දනා
පැහැබර් සිනා රුස්නා
කතක් හි තොස්නා
මණි අකුස් හි ලය් ගන්නා"



කියන පද වැල
සීගිරි කැටපත් පවුරෙ
මොකෙක් ද උලමෙක්
හූරලා තිබුණා ය කියාලා
පරණවිතාන මහත්තැං
හොයාගත්ත විත්තියක්
පුංචි කාලෙ
සිංහල අච්චුපොතක
තිබුණැහෙ මතකයි ඕං!!

ඒමැයි කීවට ඉතිං
ඒක සත්තකයි කියාලා
තේරෙන්න
ප්‍රායෝගිකව ම
අත්විඳිනකල්
ඉන්න වුණා නෙව ඉතිං!!!

෴පිරේ෴


7 comments:

  1. හෙහ් හෙහ්, ඔයවගේ අද්දැකීම් ලැබෙන්න පටන්ගත්තාම ලැබෙනවා ආයේ මදි නොකියන්න. අපි ඔය අද්දැකීම මුලින්ම ලැබුවේ 1970 දශකයේ. අනේ දැන්නම් ඒ සෙල්ලම් බැරුවා.

    ජයවේවා! අද්දැකීම් වැඩි දියුණු වේවා!

    ReplyDelete
    Replies
    1. හෙහේ, සංතෝසයි සංතෝසයි! 😍😍😍
      හම්මෝ මේ ලැබුණ ටිකත් වැඩි වෙලා ඉන්නෙ! 😍😍😍
      අවධානය බින්දුවට වැටෙන තරමට දැං උන්දෑ ගැන ම යි හිත! මොන දේ කරන්න ගියත් ඒ මූණ ම යි සිහියට එන්නෙ! 😍😍😍

      😍 ස්තූතියි විචාරක තුමනි! 

      Delete
  2. Replies
    1. 😍 ස්තූතියි චතු අයියේ!! 😍😍

      Delete
  3. හූරල තියෙන්නේ පරණ විතාන නෙවෙයි දෙමෙල ගෑල්ලමයෙක්...

    ReplyDelete
    Replies
    1. කවුදෝ හූරපු එක හොයාගත්තෙ පරණවිතාන මහත්තයා කියලා නෙ සහෝ මං ලිව්වෙ! වැරැද්දක් ද? 
      Anyway 😍 ස්තූතියි!!!!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!