අපි කාගෙත් හිත් වල හීන තියෙනවා. එක එක ජාතියේ හීන!!! මේ හීන අතර, ගොඩක්ම වැදගත් හීනයක් තමයි, අපේ හීන මාලිගා. කවදා හරි, තමන්ගේ හිතේ තියෙන හීන මාලිගාවේ ඇත්තටම ජීවත් වෙන්න කැමතිද?? ඒත්.......
ඒ හීන මාලිගාව ප්ලෑනට ගන්න එක එච්චර ම ලේසි නෑ නේද??
අපිට කොහෙන්ද 'ඔටෝ කැඩ්' වලින් අන්දවලා බලන්න සල්ලි??
ඒ නිසා ගේ හදනකල් ඉඳලා තමයි බලන්න වෙන්නේ, නේද??
ඒ එකක්වත් ඕනේ නෑ!!!
එහෙනං ඉතිං බලමු අපි මොකක්ද මේ ප්ලෑනේ තියෙන ගෙදර හදන්න කලින් කොහොමද වියදම් නොකරම ගේ ඇතුළට ගිහින් බලන්නේ කියලා. ගේ නොහදා ගේ ඇතුළට යන්නෙ මෙන්න මේකෙන්.
මේකෙ නම Sweet Home 3D.
ලොකු දේවල් මොනවත් නෑ, මේක හරිම ලේසියි. සමහරු නම් ඔටෝකැඩ් වලින් ගෙවල් ඇඳලා එහෙම ඇති, ඒත් මේක ඒ වගේ අමාරු නෑ. බරපතල කැටයං දාලා හදන්න ඕනේ නෑ. සරලයි. ඉගෙන ගන්නත් පහසුයි.
අනික, වැදගත් ම දේ, මේක සම්පූර්ණයෙන්ම නොමිලේ!! ලොකු එකකුත් නෙවෙයි 40MB විතරයි.!!!!
මේ තියෙන්නෙ මම නිකං ආසාවට ඇඳපු එකක්.
User friendly Interface එකක් තියෙන්නෙ. හරිම ලේසියෙන් අඳින්න පුළුවන්.
මහල් කිහිපයක ගොඩනැගිල්ලක් වුණත් මේකෙන් ලේසියෙන්ම ඩිසයින් කරගන්න පුළුවන්.
ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරලම බලන්න Sweeet Home 3D 40MB විතරයි.
[මේක ලියන්න පටන් අරගෙන මාස තුනකටත් වඩා ගත වුනත් ලියන්න වෙලාව එහෙ මෙහෙ වුණු නිසා පොඩ්ඩක් කල් දැම්මා. ටියුටෝරියල් ඕනෙනම් කියන්න, හොයලා දෙන්නං]
(Y)
ReplyDelete(Y)
Deleteමෙක සැහෙන කාලයකට කලින් පාවිච්චි ක්ලා මතකයි ...මෙකත් මට බෑ බන් ආයේ මොන කතා ද ??වෙන එවා ගැන
ReplyDeleteඅයෙ පාරක් බලහංකො මං කියනවට.
Deleteදැං තියෙන අලුත් version කලිං වගෙ නෑ, ලේසියෙන් ගොඩ දාගන්න පුළුවං.
ටියුටෝරියල් ඕනෙනම් කියන්න, හොයලා දෙන්නං
සෑහෙන්න වටිනවා වගේ.
ReplyDeleteවැඩේ තියෙන්නෙ අපේ තියෙන මොලේට ඔය වගේ සිම්පල් කේස් වත් තේරුම් යනවා අඩු එකනෙ. :D
ඔටෝ කැඩ් වල හරියට හතරැස් කොටුවක් අඳින්න බැරි මම මේකෙන් තට්ටු තුනක ගෙයක් ඩිසයින් කලා බං.
Deleteඒකෙන් ම හිතාගනිංකො මේක කොච්චර ලේසිද කියලා.
කොහෙද ඉතිං ප්‍රියා අයියා අපි වගේ පොඩි එවුං කියන එව්වා අහන්නේ නෑ ලු නේ!!
බොහොම ස්තුතියි. බුද්ධිමත්ව හිටන අයට බොහොම ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteඔබතුමාටත් ස්තූති මේ පැත්තෙ ආවට!!
Deleteනිකමට වෙලාවක මේක පාවිච්චි කරලා බලන්නකෝ!!!
ආකිටෙක්ච' පැත්තෙන් නම් මේක හොඳ ආදායමක් ගන්න පාවිච්චි කරන්න පුළුවන්!!
පට්ට ඈ
ReplyDeleteතැන්ක්ස්
තෑන්ක්ස් අවශ්‍ය නැත.
Deleteමම බෙදන දේවල් වලින් අනිත් අය වැඩක් ගන්නවා නං, ඒ සතුටම ප්‍රමාණවත් ය!!
මට නම් තේරෙයිද කියල සුවර් නැත. බස්සාට ලින්ක් එක යවන්නම්කෝ :D
ReplyDeleteඋත්සාහ කලොත් තේරෙනවා බං බස්සි අක්කේ!!
Deleteදැකපු ගමං 'චැහ්' ගාලා අහක දාන්නෙ නැතුව පොඩ්ඩක් අතපත ගාලා බැලුවනං මොනවහරි දෙයක් කරගන්න පුළුවං.
ආසා හිතෙනවා ටිකක් කරගෙන යනකොට!!
පාවිච්චි කරා මතකයි..විජය පරිගණක සඟරාවෙ තිබිලද කොහෙද මං ඕක දැනගත්තෙ..
ReplyDeleteප්ලෑන ඇඳල ගේ ඇතුලෙ බඩු මුට්ටු හිටන් තියන්න පුළුවන් නේ.. ආයි දාල බලන්න ආසාවක් ආව..