මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!
වෙසක් අසිරිය (අසිරිය නෙවෙයි අ-සිරි ය) දැක්කම, ඒ ගැන පැහැදිලි කරන්න හොඳ ම ක්රමය විදිහට, අපි අ.පො.ස සා/පෙ ට ඉගෙන ගත්තු කවි පෙලක් මතක් වුණා!!
බලන්න, මේ, අද කාලෙ අපි දකින වෙසඟේ සැබෑ තත්වය නොවේද??
පින්තූරය ගත්තේ මෙතැනින්
වීදි සරනා මවක දුටුවෙමි
දැස කඳුලින් තෙමී අඳ වුණු
ඇගේ ළමැදෙහි ගුලිව නිහඬව
නොමළ බිලිඳෙකි සෙමෙන් මියයන
කිසා ගෝතමියක ලෙසින් ඇය
ලොවට අත පා අයැද සිටියේ
මියැදි බිලිඳුට නැවත පණ නොව
මියෙන පොඩි පුතු රකින මගකිය
මංසලෙන් සල නැඟූ තොරණින්
මහරු සම්බුදු සිරිත දිස් විය
උවසු උවැසිය ගැයූ බැතී ගී
අරම පිස වාගැබට එක් විය
නැඟෙන සැණකෙළි හඬින් සිව් දෙස
පිරී අබිසෙස් ලැබී සොම්නස
විදුලි එලියෙන් පුරය එකලුව
අසිරිමත් සුර ලොවක් බිහි විය
රැයෙහි මැදියම ගෙවන මොහතකි
දනන් කෙළි ලොල් හඩ නිමා විය
මවක් ඉකිබිඳ වැලපෙනා හඬ
පාළු වීදිය වසා මතු විය
෴දයාසේන ගුණසිංහ෴

ආලෝක පූජාවකි
ReplyDeleteතොරණ නෙත් පිනවයි
කිරි නොඑරුණු බැවිනි
ඉල්ලන්නේ දෙන ගාණකි
එලි දැක මැ රැවටෙති
Deleteඉඳුරන් මැ පිනවා ගති
සැබෑ තුට නොදනිති
සැබෑ සැපයෙහි මං වසා ගති
එදත් සිටි, අදත් සිටින, හෙටත් සිටින, ඒ ගැහැණියද අම්මා කෙනෙකු බව, අම්මලාගෙන් උපන් එකෙකුටවත් නොතේරීම කරුමයකි.
ReplyDeleteකියලා වැඩක් නෑ විචාරක තුමා!!!
Deleteහරිම කණගාටුදායක තත්වයක්!!
අද කාලෙ මිනිස්සු වටිනාකම් දියයුතු දේට නොදී, අවැදගත් දේට වටිනාකම් අාරූඪ කරගන්නවා වැඩියි!!
හැබැයි ඒ වගේම, මේ වගේ අසරණයින් ට යමක් නොලැබී යන්න තරම්,
සිඟමන් යැදීම රැකියාව කරගත් බොරුකාරයොත් මේ තත්වයට වගකියන්න ඕනෙ කියලා හිතෙනවා!!
ලෝකෙට පේන්න ලොකු ලොකු පින්කම් කරන මිනිස්සු අතරේ මේ වගේ අයට පිහිට වෙන්න ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනාද ...
ReplyDeleteඅදකාලේ, දුප්පතාට පිහිට වෙන්නෙ දුප්පතා ම තමයි අක්කෙ!!
Deleteගොඩක් උදවිය, දුක හරියට අඳුරන්නෙ නෑ!! දැනට විඳින සැප තුළ තියෙන්නෙත් දුක ම බව තේරෙන්නෙ නෑ!!!
ඒ උදවියට සසර දිගයි ඉතිං!!
අපි වත් ඒහෙම නොවී ඉන්න උත්සාහ කරමු!!