Monday, July 31, 2017

ප්‍රහාරක ගුවන් යානා සහ භූමිතෙල්

ඇත්තද මේ කතාව? ප්‍රහාරක ජෙට් පදින්නෙ භූමිතෙල් ගහලා ද??

ඊට කලිං බලමු මේ "භූමි තෙල්" කියන්නෙ මොකක්ද කියලා.

පෙට්‍රල් වුණත් ඉතිං එක විදිහක තෙලක්, ඒකත් ගන්නෙ පොලොවෙන්, එහෙම බැලුවම දැනට භාවිත වෙන සියලුම ද්‍රව ඉන්ධන "භූමිතෙල්" නෙ!! 😉😉

සාමාන්‍ය භාවිතයෙදි භූමිතෙල් කියන්නෙ, ඒ කාලෙ සාමාන්‍ය ජන සාමාජයට භාවිතයට ලැබුණු එකම කාබනික ඉන්ධනය ඒක වුණ නිසා! සමහරු ඕක ගත්තෙ ලාම්පුවට දාන්න විතරයි නිසා, ලාම්පුතෙල් කියලත් කියනවා!
හරි නම්, ඒ කෙරොසින් කාණ්ඩයේ ඉන්ධනයක්!

ලංකාවෙ අපේ ගුවන් යානා වලට පාවිච්චි කරන්නෙ Jet-A1 වර්ගයේ ගුවන්යානා ඉන්ධන. ඒකත් කෙරොසින් ඉන්ධනයක් තමයි!

පිරිපහදුවේදි අතිශයින් පිරිසිදු කරලා static dissipator additive එකක් දාලා විශේෂයෙන් නිශ්පාදනය කරන කෙරොසින් ඉන්ධනයක්. ඒ ඇඩිටිව් එකෙන් කරන්නෙ එහි ජ්වලනාංකය ඉහල අගයක රඳවමින්ම හිමාංකය සෙල්සියස් අංශක -47 ටත් වඩා පහලට ගෙන යන එකයි! ඒ නිසාවෙන්, ඉතාම ඉහල අහසේ ඇති සීතල සහ අවපීඩිත පරිසරයේ වුණත් කැටිගැහෙන්නෙ මිදෙන්නෙ නැතුව දියර ස්වභාවයෙන් පැවතීමටත්, ඉහල උෂ්ණත්වයකදී පවා ක්ෂණිකව දහනය නොවී ආරක්ෂිතව පැවතීමටත් මේ කෙරොසින් වලට පුළුවන් වෙනවා!
Jet-A කියන ඉන්ධනයට මේ Additive එක දාන්නෙ නෑ, ඒ නිසා Jet-A ඉන්ධන වලට වඩා Jet-A1 ඉන්ධන ගුවන් ගමන් ආරක්ෂිත බව ඉහල නංවනවා. ඒ නිසා ලංකාවෙ රජයේ ගුවන්යානා වලට Jet-A යොදන්නෙ නෑ.

කිවයුතුම තවත් දෙයක් තියෙනවා!
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ, ජෙට් ඉන්ධන පාවිච්චි කරන්නෙ ප්‍රහාරක ජෙට් යානා වලට විතරයි කියලා! අනික් ඒවට පාවිච්චි කරන්නෙ පෙට්‍රල් කියලා! ඒකත් වැරදියි!😉🙈🙉

පෙටල් හා සමාන, නමුත් අතිශයින් පිරිසිදු කල ඔක්ටේන් නම් ගැසොලින් ඉන්ධනයක් ගුවන් යානා වල පාවිච්චි කරනවා තමයි! ඒත් ඔය කියන වර්ගීකරණය තුළ නම් නෙවෙයි!  (පෙට්‍රල් කියන්නෙත් ඔක්ටේන් ගැසොලිනය ම තමයි. නමුත් පිරිසිදු බව සහ Additives නැති නිසා වෙනස්. කොහොමත් ඔක්ටේන් ප්‍රතිශතයත් 95% හෝ ඊට වැඩියි)

ගුවන් යානා වලට යොදන කෙරොසින් ඉන්ධන වලට කියන්නෙ AvTur (ඇව්ට') කියලා (ඇව්ටා/අවුටා නොවෙයි).
ගුවන් යානා වලට යොදන ගැසොලින් ඉන්ධන වලට කියන්නෙ AvGas (ඇව්ගැස්) කියලා (ඇව්ගෑස් නොවෙයි).

ඒකටත් හේතුවක් තියෙනවා. ඒ මෙහෙමයි
Gas Turbine Engine ("වායු තලබමන එන්ජිම" හරිද මංදා🙈🙈) සඳහා කෙරොසින් පමණක් යොදන නිසා, ඒ සඳහා සැකසූ කෙරොසින් වලට කියන්නෙ Aviation Turbine Fuel; ඒක  Av+Tur විදිහට කෙටි කරලා AvTur කියන්නෙ! (ඒකටත් හේතු කිහිපයක් තියෙනවා)

සාමාන්‍ය මෝටර් රථ එන්ජින් හා සමීප සැකැස්මක් ඇති, පිස්ටන් සහිත ගුවන් යානා එන්ජින් වලට යොදන්නෙ අර කියපු ගැසොලින්! ඒවා Aviation Gasolin කෙටියෙන් AvGas වෙන්නෙ. (ඒකත් හේතු ගොඩයි) 

දැන් අර කලින් "ජෙට් වලට භූමිතෙල්, අනිත් ඒවට පෙට්‍රල්" කියපු පටලැවිල්ලට යමු! මේ වෙනකොට ඔය කියපු පෙට්‍රල් සහ භූමිතෙල් කතාව පැහැදිලි වෙලා ඉවරයි නෙ. එතකොට මොකක්ද අවුල?

මේකයි, ජෙට් විතරක් නෙවෙයි කෙරොසින් පාවිච්චි කරන්නෙ, ඕනෑම Gas Turbine Engine එකකට පාවිච්චි කරන්න වෙන්නෙ කෙරොසින් (හේතු කීපයක් නිසා)! ඒවා මූලික වර්ග හතරක් (පහක්) තියෙනවා,

1. Turbo Jet
2. Turbo Shaft
3. Turbo Fan
4. Turbo Prop
(5. Prop-Fan නමින් අලුත් එකකුත් මෑත ඉතිහාසයේ නිර්මාණය වුණා Turbo Prop සහ Turbo Fan දෙවර්ගයේ සුසංයෝගයක්. ඉහල කාර්යක්ෂමතාවයක් සඳහා නිපදවූවක්)

Gas Turbine Engine වල බලය ලබාගන්න ක්‍රම වේදයන් අනුවයි එහෙම වර්ග කෙරෙන්නෙ!

ලංකාවෙ නම් ප්‍රහාරක ජෙට් සියල්ලම වගේ Turbo Jet එන්ජින් තියෙන්නෙ! Turbo Fan තියෙන එකම වර්ගයක් ලංකාවෙ තියෙනවා, ඒකත් වේගය සහ බලය ටිකක් අඩු යානයක්, ප්‍රහාරක ලෙස භාවිතා කල හැකි නමුත් එසේ කෙරෙනවා අඩුයි! වැඩිපුර ගැනෙන්නෙ පුහුණු කටයුතු වලට!

දැනට භාවිතයේ ඇති සියලුම හෙලිකොප්ටර් වල බල සැපයුම Turbo Shaft එන්ජින් වලින් වෙන්නෙ.
ඊට අමතරව අනෙක් ගුවන් යානා වලිනුත් බහුතරයක බල සැපයුම Turbo Prop හෝ Turbo Shaft එන්ජින් වලින්! ඒ කියන්නෙ ජෙට් විතරක් නෙවෙයි හැම දේටම වගේ යොදන්නෙ මේ කියපු කෙරොසින් හෙවත් AvTur.  පෞද්ගලික හෙලිකොප්ටර් සහ බොහොමයක් පෞද්ගලික ගුවන්යානා වලටත් දාන්නෙ ඇව්ට' තමයි.

AvGas යොදන්න වෙන Piston Engines තියෙන්නෙ පැරණි Design වලට හදපු සැහැල්ලු ගුවන්යානා වර්ග දෙකතුනක විතරයි (ලංකාවෙ රජය සතු ඒවා)! ඊට අමතරව, ලංකාවෙ පෞද්ගලික ගුවන්යානා කිහිපයකුත් පිස්ටන් එන්ජින් තියෙනවා, ඒවටත් ඇව්ගැස් තමයි දාන්නෙ!

මේ සම්බන්ධව දහසක් දේ කීමට තිබුණත්, සාමාන්‍ය දැනුමට මේ ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා!

අවසානයට මෙහෙමත් කියන්න හිතුවා!

"AvTur = භූමිතෙල්"  සහ  "AvGas = Petrol" ලෙස මෙතෙක් ඔබ සිතා සිටියා නම්, දැනගන්න;
ගුවන් යානයට භූමිතෙල් යොදන්න බැරි වුණාට, භූමිතෙල් ලාම්පුවට, අත්ට්‍රැක්ටරයට, භූමිතෙල් උඳුනට ඇතුළු ඕනිම දේකට (ගැරඬි එලවන්න පවා) AvTur යොදන්න පුළුවන්!😉😉

ගුවන් යානයට පෙට්‍රල් වලින් යන්න බැරි වුණාට කාර් එකට බයික් එකට (පෙට්‍රල් දාලා වැඩ කරන ඕනිම එන්ජිමකට) Avgas වලින් වැඩ කරන්න පුළුවන්!😉😉

ඒත් එවා වල නිෂ්පාදන පිරිවැය සහ මිල ගැන හිතුවාම නම්, හීනෙන් වත් එහෙම ගොන් වැඩ කරන්න ඕනි නෑ කියලා ඔබට සිතේවි!😅😅😅😅😅

ප.ලි.
සමහර විදෙස් රටවල ඉන්න සල්ලි වැඩි වුණ සල්ලිකාරයො නම්, තමුන්ගෙ Lamborghini, Ferrari, Bugatti, Porsche, වගේ මිල අධික වාහන වලට, ඒවායෙ එන්ජින්  පරිස්සම් කරන්න AvGas පමණක් යොදන බව නම් මං අහලා තියෙනවා! ඇත්ත ද දන්නෙ නෑ ඉතිං!!😍😍😍😍

12 comments:

  1. හොදයි මචන්

    ReplyDelete
  2. Niyamai, Pehadiliwa Therenna kiyala thiyenawa. godak honda lipiyak, sthuthii obata....

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තූතියි දිනිත්! අච්චාරුවට සාදරයෙන් පිලිගන්නවා! 

      Delete
  3. නියමයි !!!! ඉතාමත්ම විශිෂ්ට ලිපියක්!!!! දිගටම මේ වගේ ලියන්න............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජු! පුළුවන් වෙන හැම මොහොතකම අකුරක් හරි අමුනලා ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්!
      දිරිගැන්නුවාට ගොඩක් ස්තූතියි!!

      Delete
  4. පිරේ අයියා මරු මේක 👍👍👍

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්! ඉදිරියටත් මෙවැනිි ලිපි කීපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා!

      Delete
  5. Well done buddy , learnt a lot 😊😊😊

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!