Sunday, June 1, 2014

වයසේ වැරද්ද

මේ දවස් වල විභාග නිසා හරිම කාර්‍ය්‍ය බහුලයි.
ඒ අහු අස්සේ මේ වගේ දෙයක් හම්බවුනාම නොදා කොහොමද කියලා හිතුණු නිසා ඔන්න උස්සගෙන ආවා. කියවලා ම බලන්නකෝ.






මා ගොඩක් දේවල් දන්නේ නැත. එසේ දන්නවා කියා හිතා ඉන්නේද නැත. ඒත් මේ මට හිතෙන හැටිය.



කොල්ලෙකුට කෙල්ලෙක් සෙට් වීම තරුණ වයසේදී සුන්දර අත්දැකීමකි. මන්ද ආදරයට ආදරය කිරීමට ඔහු එතුලින් ඉගෙනගන්නා බැවිනි. හිත ගිය තැන මාලිගාව කීවාක් මෙන් ආදරයේදී පවුරු පදනම් බාදක අදාල නොවේ. ඒවා immaterial ය.එම කෙල්ලගේ කුල මල වත ගොත ගැන අනික් උන් කියන දේවල් ගැන කොල්ලාට අදාල නොවේ.ඇය ඔහුට ආදරේනම් ඔහු ඇයට ආදරේනම් තවත් අටුවා ටීකා ඨිප්පනි අවශ්‍ය නොවේ. ඒ ආදරයේ හැටිය.තාරුණයයේ හැටිය. වෙනත් විදියකට කියනවානම් වයසේ වැරද්දය. 


ආදරය ගැන ලියවුනු ගීත අම්බානක ඇත. තවත් අම්බානක ලියවෙන්නටද ඇත. කෙසේවෙතත් දැන් දැන් ලියවෙන ආදර ගීත මෙලෝ රහක් නැතිය.(යම් රහක් ඇති ඒවාද ඒ අතර නැත්තේ නොවේ ) එහි තේරුම වර්තමානයේ ආදරය මෙලෝ රහක් නැති බව නොවේ. ගැටලුව ඇත්තේ භාශාවේය. පැරනි ආදර ගීත වල අදහස් හෙන ගැහුවා සේ එලිපිට කියා නැත. ඒවා ලස්සන වන්නේ ඒ නිසාය. මර්වින් පෙරේරා මහතා ගායනා කරන මේ ගීතය එවැන්නකි.



ආදරේ රන් බිගුන් නැසූ

බාදුරා මල ඔබයි ළදේ 

ආදරේ රන් බිගුන් නැසූ 
කපුරු මල ඔබ තමයි ලඳේ



බබරුන් පැනිසොයා යන්නේ කෙසේද යෞවනයන් ආදරයසොයා යති. බබරුන් රේණු තලා මල නොතලා පැණි ගන්නාසේම ආදරයේ සුන්දරත්වය අහින්සකව ලැබීමට යෞවනත්වය කැමතිය. නමුත් රේනු තලා මලනොතලා කෙසේවෙතත් රේණුත් තලා මලත් තලා මල් ගස පිටින්ම උදුරා දමන IRC බබරුන්ද නැත්තේ නොවේ. එය වෙනම කතාවකි. ආදරයෙන් රොන් උරන්නට යන මේ මල බාදුරා මලක් වූවහොත් වෙන්නේ මල ජන්ජාලයකි. එය රුව පෙන්වා බබරු නසන මලකි. කපුරු මලද එසේමය. වෙනස පෙන්නනේ සුවද වීමයි. මෙම යුවතිය බාදුරා මලකි.කපුරු මලකි. ඇය බිගුන් නසන්නියකි. මැය අපි කියන විදියට ඕකිට අහු උනොත් ඉවරයි ජාතියේ කෙල්ලකි.ඉතින් කොල්ලාට දෙවි පිහිටය.





ගලන ගගුලක් ලෙසින් දුටූ 

ඔබයි මිරිගුව මුවන් නැසූ 

රසය ඇතිකර පනත් නැසූ 
ඔබයි පැණි බිද විසත් මුසූ




එහෙත් ඇය බැලූ බැල්මට එසේ නැත. හරි අහින්සකය. ඇය ගලන ගගුලක ලෙස පෙනන්නේ ඒකය. ගගුලක් සිසිලස සදන්නේ කෙසේද මොහු ඇයගෙන් සිසිලස පතයි.ඒත් කතර මැද මුවන් රවටන මිරිගුවද පෙනෙන්නේ ගංගාවක් ලෙසය. මැය මුවන් නසන මිරිගුවකි.මැයට රැවටුනොත් මුවන් සේම වෙහෙසට පත් වී විනාශ වීමට සිදුවේ. එහෙත් ඇය පැණි බිදකි. එතරම්ම මිහිරිය. පට්ටය. නමුත් රසය පෙන්වා පන නසන්නියකි ඇය. ඇය විසද මුසු පැණි බිදකි. 



රුදුරු ලෙස කැලබිලා හැමු

සුලග ඔබ වෙයි පහන් නිවූ 

ලෙවන් කීවත් ලදේ එසේ 
සුපුන් සද ඔබ් තයි මගේ

රුදුරු ලෙස කැලබී හමන සුලගක් මෙන් ඇය යෞවන සිත් සතන් තුල බලාපොරොත්තුවේ පහන් නිවා දමයි. වැඩේ හිතූ තරම් ලෙසි නැත.ඇය සැරය. නපුරුය. 



මෙතෙක් වෙලා ඔබද මමද ගොඩ නගාගන සිටි කොල්ලාට බුදු සරණයි, බඩුම තමා, පව් අහින්සකයා යන ප්රස්තුතය ලෙවන් කීවත් ලදේ එසේ. සුපුන් සද ඔබ තමයි මගේ යන්න තුලින් බිදවෙටෙයි. උඩින් ඇත්තේ ලෝකයා ඈ ගැන කියන දේවල්ය. කොල්ලල්ට ඒවා අදාල නැත. ඔහුගේ ලොව එලිය කරන සුපුන් සද ඇය යයි ඔහු ආඩම්බරයෙන් කියයි. ඉතින් එසේනම් තව කතා අවශය නැත. ඔහු ඇයට ආදරේය ඇයත් ඔහුටා ආදරේය… ඔබත් ආදරේ නම් ඇයත් ආදරේ නම් වටේ පිටේ උන් කියන කතා වැඩක් නැත. ආදරයට වැදගත් වන්නේ විශ්වාසයයි. 

මම 



තිළිණ ළමාහේවා.


ප.ලි.

මේක ලියපු තිලිණ ළමාහේවා මගේ සමීප මිත්‍රයෙක්. එයාටත් විභාග කටයුතු වලට කාල වේලාව මිඩංගු කරන නිසා ලියන්න වෙලාව අඩුයි. ඒත් ඒ තරේ පුංචි වෙලාවක් අරගෙන ලියපු මේ ලිපිය ගැන මට නම් අමුතුම හැඟීමක් දැණුනේ. ඒ නිසාමයි මේ බ්ලොග් අඩවියේ පළකරන්න හිතුවෙත්.


තිලිණ මේක ලිව්වේ හදිස්සියේ නිසා පොඩි පොඩි අකුරු අඩු පාඩු ඇති. ඒවා ගැන වැරදියට හිතන්නේ නැතිව කාරුණිකව පෙන්වා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මටත් මේ වෙලාවේ මේ ලිපියේ සෝදුපත් බලන්න වෙලාවක් නැති නිසයි එහෙමම දැම්මේ.


ප.ප.ලි.

මීට කලින් පෝස්‍ටුවෙන් මම ඔයාලට පොඩි තරඟයක් ගෙනාවා. ඒ තරඟය තවත් දින කිහිපයකින් අවසන් වීමට නියමිත වුණත් තවම සතු‍ටුදායක ජයග්‍රාහකයන් ප්‍රමාණයක් දකින්නට නැති නිසා, ඒ ගැනත් නැවත මතක් කරන්න හිතුවා.

ඒකත් මෙතනින් ගිහින් බලන්නකෝ.




13 comments:

  1. මර්වින් පෙරේරාගෙ මම ආසම කරන ගීතයක් මචො මේක.

    තිළිණ, සිරාවටම උත්සාහය ගොඩක් දුරට සාර්ථකයි. තව දිගටම ලියහන්. වැදගත්මදේ 'ආදරයට වැදගත් වන්නේ විශ්වාසයයි'.

    පීරේ, තෑන්ක්ස් බං මෙහෙම ලිපිත් දෙනවට.

    ඈ බං ඒ කියන්නෙ අර තරඟෙට අපි දීපු උත්ත‍රත් වැරදිද? :(

    ReplyDelete
    Replies
    1. ස්තූති ඕනෙ නෑ ප්‍රියා අයියේ, හොඳ දේවල් බෙදාගන්න ඕනේ!! ඒ නිසා මේ වගේ දෙයක් හම්බවුණොත් අනිවාර්‍ය්‍යෙන්ම ගේනවා!!

      උත්තර නේද??
      අනේ මංදා!!!!!

      Delete
  2. මලේ තිළිණ, ඇත්තටම විචාරයේ නම් ආයෙ අපිට විචාරය කරන්න දෙයක් ඔබ ඉතුරු කරල නෑ. ගීතයේ කතාව ඕක තමයි. හොඳට පැණි බීපු බඹරුන් පවා මුලා කරන මේ වගේ මල් සමාජේ ඕනි තරම් පිපෙනවා. ඇත්තටම නිතර කනට ඇහුනත් ගීතය ගැන අලුතින් යමක් හිතුවෙ අද.

    තියෙන පාඩම් වැඩ අස්සේ මෙහෙම ලියනෙකම ලොකු දෙයක්. හැකිනම් ගීතයේ පද රචකයා, තනු නිර්මාපකයා ගැන එහෙමත් කියන්න.

    පිරේ මලයො, මේ අහට එන්න පාර කිව්වෙ ඔය උඩින් ඉන්න ප්‍රියා සහෝ.. ඉතින් මලේ මේ උත්සාහය නම් ගොඩක් වටිනවා. සිංහල සුබාවිත ගීතයට හෙන ගැහිල යන මේ කාලකන්නි සමාජයේ උඹල වගේ කොල්ලො ඉන්නෙක් මාර වටිනවා. ඔහොම යං. ගමන හොඳයි සාර්ථකයි. ජයවේවා!

    ReplyDelete
  3. ස්තූතියි අයියේ, ජය වේවා ඔයාටත්!!

    ReplyDelete
  4. පීරේ හොදටම ලියලා තියෙනවා විචාරේ , නියමයි .

    ReplyDelete
    Replies
    1. මං නෙවෙයි අක්කේ විකාරේ...... නෑ නෑ මං කිව්වේ මේ ... විචාරේ..... ඒක මං ලිව්ව එකක් නෙවෙයි. ඒක තිලිණ ගෙ එකක්.
      මං ඉතිං පෙර පසු වදං එකතු කරලා මගෙ බොගේට දැම්මා ඔයාලටත් පෙන්නන්න හිතිලා.

      Delete
  5. මගෙත් ආසම සින්දුවක්. අදයි මේ පැත්තට ආවෙ. ආයෙත් එන්නම්කො

    ReplyDelete
    Replies
    1. අච්චාරුවට සාදරයෙන් පිළිගන්නවා!!
      බොහොම ස්තූතියි!!

      Delete
  6. හැමෝගෙම අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි.... ඔයාලගෙ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා.. පුලුවන් තරම් වෙලාව හොයාගන තවත් ලියන්නයි බලාපොරොත්තුව... ඒ වගේම මට උපදෙස් දීපු අයියලා අක්කලටත් ස්තුතියි. ඊලග වතාවේ ඒ උපදෙස් ඒ විදියටම පිලිගන්න ආසයි මං. පීරේ ගොඩක් ස්තූතියි මචං

    ReplyDelete
    Replies
    1. මට උඹේ ස්තූති ඕනේ නෑ බං. උඹ ඉතිං මගෙ බොක්කෙ ‍ෆිට් එකක් නේ!!!!
      ඔන්න උඹේ අර කවියත් දැම්මා.

      Delete
  7. සිරා කතාව.අපි කියන ඕන සින්දුවකට මෙහෙම විචාරයක් දෙන්න පුලුවන්ද????

    ReplyDelete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!