Tuesday, March 3, 2015

෴අෑ෴



වැස්සකින් බේරීමට
පොත් සාප්පුවකට
අහම්බෙන් ගොඩ වීමි
මඳකට!



සැරිසැරුවෙමි
රාක්ක අතර
කම්මැලි කමට!

ඉඳහිට
පොතක් අතට ගෙන
පෙරලීමි පිටු අතර
කල් මැරීමට;
එහෙත්
කියවීමෙහි සිත් නොවී
එකදු වදනක්!!



දිටිමි
සිත්කළු පිටකවරයක්!
පියකරුය එය
දුටු වනම!!
නැවතුණෙමි මොහොතකට
ඒ රාක්කය අසල.

කවරයටත් වඩා
පෙරවදන, පසුවදන, පූර්විකාව
ම'සිත් ගති සියල්ලම!!

කියවා බැලීමි
මුල් පිටු කිහිපයක්...
අවැසිය දිගටම කියවීමට
එතරම් ම අගනේය මේ පොත!!

වෙනත් ගැනුම් කරුවෙක්,
ඉල්ලයි ඒ පොත ම.
එහෙත් අැත්තේ එකම පිටපතකි
එයද දැන් මා අත ය!!

ඔහුට මෙය දෙනු නොහී
බැලීමි හරවා පසුපස
මා සතු කරගනු වස්
කොතෙක් වෙද මිල එහි??

අහෝ
මා අතමිට හිඟ වැඩියි
එය මා සතු කර ගැනීමට!!!

එහෙත්
දැනටමත්
බිල දමා අැත
අයකැමි, මා නමට

හැරවිය හැකිද
කාලය, අාපසු
එක මොහොතකට??

~~~ ©පිරේᴴᴰ_™ ~~~

ප.ලි : -
කාලෙකට පස්සෙ කයියක් ලියවුණා ඕං!! කලිං ලියපුවා කොහෙ ද දන්නෙත් නෑ.
පබ්ලිෂ් කරන පලවෙනි කයිය මේක අෑ!!

11 comments:

  1. හ්ම්.....................'පනින්න පෙර සිතා බලනු' නේද?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ විචා-තුමනි!! 
      පැනලා ඉවරයි ගැඹුර දකිනකොට!!!
      Procrastination වරදින්නෙ මේ වගේ වෙලාවට තමයි ඉතිං!!!
      (ඔබතුමා ඉතිං අත්දැකීම් බහුල පුදගලයෙක් නේ. ඔබෙන් පෞද්ගලිකව උදව් බලාපොරොත්තු වෙනවා මං)

      Delete
  2. නියම අදහසක්..... අෑත් මේ වගේමද??? දැන් බිල්කරලාද??????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු!!!!

      කවරෙට අාසාවෙන් පෙරලපු පොත් එකක් වත් හිතට අැල්ලුවෙ නෑ.
      ඒවා අතරේ හංගගෙන අාසාවෙන් කියවපු එකම පොත මේ!! ඒත්, අනිත් ගැනුම් කාරයාට දෙන්න බැරි නිසාම හදිස්සියට මං දාපු බිල රිජෙක්ට් වුණා කුරුටු!!

      අනිත් ගැනුම් කාරයා පස්සෙ අැවිල්ලා අරං යයි කියලයි හිතට දුක!! එහෙම වුණොත් අායෙත් මේ පොත හොයන්න වෙන්නෙ නෑ!!!

      Delete
    2. නම මතකනම් ගන්න පුළුවන් නේ දුක් වෙන්න එපා,,, ඒ කෙසේ වෙතත් කයියක් ලියවුනා නේ

      Delete
    3. නම මතකයි විතරක් නෙවෙයි අක්කේ, පොත තවම මගෙ අතේ!! පුළුවං තරං කාලයක් කයවනවා!!
      ඒත් බිල් රිජෙක්ටඩ් නිසා පොත සදහටම මගෙ කරගන්න බෑ!!
      නැවිලා තියෙන පිටු දිගාරින්න, වැදගත් කොටස් හයිලයිට් කරන්න, එනෙ නැති පිටු ඉරලා දාන්න, කිසිම දේකට ඒ පොත මගෙ කරගන්න මට ලැබෙන්නෙ නෑ
      එතනයි ගැටලුව!!!  :-(  :-(  :-(  :-(

      ඔව් ඔව් ඔන්න කයියක් ලිව්වා ඉතිං!!   ^_^   ^_^    ^_^      ^_^

      Delete
    4. හ්ම්ම්,,, අපිට හිතට අල්ලන පොත් වල වෙන පිටපත් නෑ නේ මල්ලි,,, දුක තමයි පීරේ

      Delete
  3. හ්ම් ඕවා ඔහොම තමා

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ!! මොනවා කරන්නද? ජීවිතේ හැටි!! එනවා යනවා!!

      අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ
      පියේහි විප්පයෝගෝ පි දුක්ඛෝති!!

      Delete
  4. අඩේ නියමයි බං.. අයකැමි බිලත් දැම්මට පස්සේ ඉතින් මොනවා කියලා කරන්නද??

    ReplyDelete
    Replies
    1. බිල රිජෙක්ටඩ් බං දිනේෂ් අයියේ!! අපරාදෙ!!
      අාරංචි හැටියට නං, අනිත් ගැනුම් කරුවාගෙ බිලත් රිජෙක්ටඩ් ලු.
      ඒ කියන්නෙ තවම පොත available ලු. ඒත් ගන්න පුළුවං වෙයිද කියලා විශ්වාසයක් තියාගන්න බෑ!! බලමුකෝ නේද!!

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!