වෙසක්!!!
අනේ හැබෑට, දැං මේකට ගිය කලක්. තොරණ, වෙසක් කූඩු තරඟ, මහා දන්සැල්.
යමු පොඩ්ඩක් ඉතිහාසෙට. මොකක්ද මේ කෙරුවාවෙ ආරම්භය කියලා පොඩ්ඩක් බලන්න කැමතිද??
මුලින්ම පොඩ්ඩක් බලන්න, මොකක් ද මේ වෙසක් කූඩුවේ හරි ම නම???
"වෙසක් පහන් කූඩුව" නේද?
මොකටද පහන් වලට කූඩුවක්??
අපි අග ඉඳන් මුලට යනවට වඩා ලේසියි මුල ඉඳන් අගට එන එක.
වෙසක් තෙමඟුලේ මූලික අර්ථය මොකක්ද??
ගෞතම බුදුන්ගේ අවසන් බෝසත් උපත, සම්මා සම්බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම, අවස්ථා තුනම සිදු වූ දවස. ඒ නිසා බොදු ජනතාවට ඒක අති විශේෂ දවසක් බව හැබෑව.
ඒත් අපි ඒකේ කරන්න ඕනේ ආතල් ගන්න එකද??
නිකමට හිතන්න. අවුරුද්ද පුරාම එක එක රාජකාරි වලට හිර වෙලා ඉන්න මිනිස්සුන්ට මෙහෙම වෙසක් දවසෙ විවේකයක් ලැබෙන එකේ, නරකද පොඩ්ඩක් අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කලොත්?? ප්‍රතිපත්ති පූජාවට නැඹුරු උනොත්??
හරි, ප්‍රතිපත්ති කෙසේ වෙතත්, ආමිස පූජා කාටත් හොඳට පුරුදුයි නේ.
අපි එතනින් පටන් ගමු. (හෑ!!! එතකොට මෙච්චර් වෙලා කියෙව්වෙ මොනවද?? දැං ද පටං ගන්නේ?? එහෙම තමයි අච්චාරු)
ආමිස පූජා වල මූලික ම අංගයක් මල්.
බුදුන් දෙසූ දහමේ නිර්මල, වර්ණවත් බව, සුවඳවත් බව පෙන්නුම් කරන්නයි මල් පූජා කරන්නේ. වර්ණ?? සුවඳ?? නෑ නෑ ඇහැට පේන වර්ණ නෙවෙයි, නහයට දැනෙන සුවඳ නෙවෙයි. අධ්‍යාත්මික ගුණසුවඳ සහ සුන්දරත්වය.
එතකොට සුවඳ දුම්??
බුදු දහමෙන් මේ මුලු ලෝකයම සුවඳවත් වුණා, මිනිස් සිත් ගුණ සුවඳින් පුරවන්න බුදු දහම හේතු පාදක වුණා. ඒ බව සිහි කරන්න බුදුන්ට සුවඳ දුම් පූජා කරනවා.
පහන්??
තුන් ලෝකයටම, අඳුරෙන් එලියට මග පෙන්නුවේ බුදු දහම නේද?? අවිද්‍යාව කියන ඝණ අන්ධකාරය දුරු කරලා තුන් ලෝකයම එලිය කලේ බුදු දහමේ ආලෝකය. ඒ ආලෝකමත් අදහස අර්ථවත් කරන්න පහන් පත්තු කරලා ආලෝකය පූජා කරනවා.
වෙසක් දවසට, පොල් තෙල් හරි කැකුණ තෙල් හරි හිඳවාගෙන වත්ත පුරා මිඳුල පුරා පහන් පත්තු කරලා, "ආලෝකෝ උදපාදි" සිහි කරන්න පුරුදු වෙලා තිබුණා.
(තෙල් පහන් වල දැල්ල සුලඟට ලෙලදෙනකොට බලන්න හරිම ප්‍රියමනාපයි. ඒ දර්ශනය හිතේ මෝදු කරන්නේ හරිම ප්‍රසන්න පිරිසිදු හැඟීමක්. ඒ වගේම ඒ තෙල් පිච්චෙන සුවඳ, හඳුන් කූරු දැල්වෙන දුමත් එක්ක එකතු වෙලා වටපිටාවටම ඇතිකරන අමුතුම සුවඳ ඇත්තෙන්ම හරිම සුන්දර අත්දැකීමක්. වචනයෙන් කියලා නිම කරන්න බැරි පහන් සංවේගයක් ඇති වෙනවා මතක් වෙනකොටත්. මැටි පහන් ගොඩාක් පත්තු කරන එක කරදරයි, වියදම් වැඩියි. ඒ නිසා ගැමියෝ පුරුදු වෙලා හිටියේ "නාවා" ගස් වලෛන් ගෙඩි පොකුරු පිටින් කපාගෙන ගෙඩි වල උඩ කොටස කපලා පහනක් වගේ හදාගන්න. එතකොට, පහන් පොකුරු පොකුරු. හරිම ප්‍රියමනාප දසුනක්)
මේ කියන විදිහට පහන් පත්තු කලාම සුලඟට නිවෙන එක ටිකක් කරදර වැඩක් නේ. හැම තිස්සෙම බලං ඉඳලා නිවෙනකොට ආයෙමත් ගිහින් පත්තු කරන්න වෙනවා.
ඒකට විසඳුකම් හැටියට, ආලෝකය එලියට එන, සුලඟ ඇතුලට නොයන විදිහේ ආවරණයක් ඇතුලේ පහන් පත්තු කරන්න ඕනෑ වුණා.
ඔන්න ඔතනින් තමයි පහන් කූඩුව හැදෙන්නේ. ඒත්, මිනිස්සු අනිත් පෝයවල් වලදි පන්සලට ගිහිල්ල පන්සලේ පහන් වැට පත්තු කලාට ඒකට කූඩු හැදුවේ නෑ. පන්සලේ නිතරම මිනිස්සු ගැවසෙන නිසා, එක පාරක් නිවෙන පහන පත්තු කරන්න තව කෙනෙක් එනවා.
ඒත් වෙසක් පෝයට ගෙදර පත්තු කරපු පහන් වලට එහෙම නැති නිසා වෙසක් කලෙට ඒ වගේ කූඩු/කූඩුවක් හදලා ඒක ඇතුලේ පහන පත්තු කලා.
වෙසක් එකට විතරක් එන නිසා මේකට වෙසක් කූඩුව කියන්න මිනිස්සු පුරුදු වෙලා.
හැබැයි මේක බොහොම සරල ආවරණයක්.
පහු පහු වෙනකොට කොහු කොහු වෙන එක අපේ රටේ හැටි නේ. ඔන්න ඉතිං ඕක මේ කියන කූඩුවටත් බලපෑවා. නිකම්ම හදාපු කූඩුව ටිකක් විචිත්‍ර වෙන්න පටන් ගත්තා.
ඊට පස්සෙ තව තව අමුතු අමුතු හැඩ වලින් අමුතු අමුතු කලාවන් වලින් ලස්සන ලස්සන නිර්මාණ කරලියට ආවා. ඒ එක එකක් එකිනෙකට තියෙන වෙනස් කම්, කලාත්මක බව වගේ දේවල් නිසා, වෙසක් කුඩු තරඟ පවා ඇතිවුණා. විදුලි ආලෝකය භාවිතයට ආවට පස්සෙ, මේ කූඩු ඇතුලේ තෙල් පහන් වෙනුවට පාට පාට විදුලි බුබුළු තැන් ගත්තා.
දැං එක එක පාටට එක එක පෙණුමට, එක එක විදිහට කැරකෙන, එක එක කූඩු, තරඟ බිමට ඇවිල්ලා ලොකු ලොකු තෑගි බලාගෙන තරඟ කරනවා. ඇස් කඩාගෙන යන විදුලි බුබුළු ආලෝකයකින් ඒ කූඩු ඇතුළ ආලෝකමත් වෙලා.
තෑගි බලාගෙන තරඟ කරන තැන කෝ පින් සිතුවිලි. එතන තියෙන්නේ, තෘෂ්ණාව නේද, ලෝබ සිත නේද.
ලස්සන ලස්සන කූඩු දිහා බල බලා පොරකන එකේ කොහෙද පින් සිතුවිලි. එතන පොරකන වෙලාවෙ ඈත වනගත ආරණ්‍ය සේනාසනයකට ගිහින් ඒ ඉන්න හාමුදුරුවන්ට දානයක් දුන්නානම්?? බණක් භාවනාවක් කරගෙන පිනක් කරගත්තා නම්??
දැං අර විදුලි ආලෝකය දාන්න පහන් කූඩු මොකටද?? ඒකෙන් අර තුන් ලොව ආලෝකමත් කළාවූ බුදු දහම පෙන්නුම් කරනවද??
"ආලෝකෝ උදපාදි" කෝ දැං ඒ පිවිතුරු හැඟීම???
ඒ කාලේ මිනිස්සු, පුළුවං හැටියට ලස්සනට චිත්‍ර ඇඳලා තොරණ හැදුවා. මොකක් හරි ජාතක කතාවක් චිත්‍ර වලින් පෙන්නුම් කලා. ඒ චිත්‍ර ඔස්සේ ජාතක කතාව විරිඳුවෙන් ඉදිරිපත් කලා. රෑ වෙනකොට චිත්‍ර වලට අඳුර වැටෙන නිසා චිත්‍ර පේන්න ඒකට මොකක් හරි එලියක් දැම්මා.
දැං, තොරණ ලඟ විරිදුවෙන් කියවෙන්නේ, තොරණේ තියෙන ජාතක කතාවද නැත්නම් ඒකට රුපියල් සීයක් ආධාර කරන කෙනාගේ පම්පෝරියද??
අනික, හරියට දානයෙන් පිනක් ලබන්න තමුන්ගේ නම කියවාගන්න එකේ තේරුම මොකක්ද??
රුපියල් සීයක් දීලා, ආත්ම ගානකට සැපවත් ජීවිත ලැබෙන්න පිං ඉල්ලනවා. නියම ගනුදෙනුවක් නේද.
අනික, ඉස්සර තොරණට එලිය දැම්මේ චිත්‍ර වල අඳුර නැති කරන්න, චිත්‍ර පේන්න. ඒත් දැං, චිත්‍ර වලට ඉස්සරහිං, එක එක රටා මවන විදුලි බුබුළු මායාවක්, ඒකේ එලියට ඇස් ගිණිකණ වැටිලා, චිත්‍ර පේන්නේ නෑ. ඒ මදිවට, ඒ ආලෝක රටාවට හිත ඇදිලා ගිහින්, ආයෙමත් තෘෂ්ණාව.
තව දෙයක්, වෙසක් දවසට තමයි මේ රටේ තරුණ කොල්ලො කුරුට්ටො (පිරේ ගේ තාත්තට පොඩ්ඩක් බාල එවුං පවා) පාර පුරා පිස්සු කෙලින දවස් දෙකක් වෙලා මේ වෙසක් නිවාඩුව. බයික් වල නැගලා පාර දෙවනත් කරගෙන මහ හයියෙං පැදගෙන යන්නෙ හරියට පාරේ අයිති කාරයො වගේ.
එක එක විදිහට එක එක සද්ද දාගෙන පාරේ යන මිනිස්සුන්ගෙ කං අඩි පැලෙන තරම් සද්දෙට අර විකාර නලා පිඹ පිඹ, විකාර වෙස් මූණු දාගෙන පිස්සුවෙං වගේ දඟලන එකේ තේරුම මොකක්ද??
එතන තියෙන ශ්‍රද්ධාව මොකක්ද??
පංසලට ගිහින් බුදුන් වැඳ පුදාගෙන පිනක් දහමක් කරගන්නවා වෙනුවට පන්සලේත් විකාර කරලා පන්සල් කාලා, ඊට පස්සෙ යන එන ගමන්, දංසලක් හොයාගෙන ගිහින් දංසල වැඳලා (එහෙමනේ ගොඩක් අය දැං කියන්නේ. දංසල් වැඳලා යනගමන් වෙලාවක් තිබුණොත් පන්සලක් කමු කියනවනේ) අමුතු දවස් ශෙකක් තමයි වෙසක් කියලා ගත කරන්නේ.
අනේ මංදා!!!
මේවා ගැන හිතලා හිතලා ම, මේ පිරේගේ මොලෙත් අච්චාරු වෙලා මේ දවස් දෙකට. පැන්ඩල් පෙති දෙකක් වත් බීලා නිදා ගන්න ඕනේ දැං නම්.
හෑ!! පැන්ඩල් පෙති??
පැන්ඩල් කියන්නේ තොරණ් පෙති ද?
නෑ නෑ, විකාර දැකලා දැකලා දැං විකාර වෙලා. පැන්ඩල් නෙවෙයි පැනඩෝල් ද මොනවද තියෙන්නේ, අර වැඩි මිල කෙහෙල්මල්. ඒවගේ මොනවා හරි දෙයක් බොන්නේ ඈ!!
අච්චාරුව විකාරයි වගේ ද? එහෙම තමයි අච්චාරු. කාපු, රස බලපු, හැමෝම මේකේ රස ගැන තමුන්ගේ අදහස් පහලින් දැම්මානම් ඊලඟ අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන්.
ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා, ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ යාළුවෝ සේරමත් එක්ක.http://pakispettiya.blogspot.com/
ReplyDeleteඑන්නං එන්නං!
Delete1 නේද අද ආපු ගමන් ම??
තිත්ත උනත් ඇත්ත පිරේ............. දැං වෙසක් කියන්නෙ ලොකු බිස්නස් එකක් විතරයි
ReplyDeleteවැඩක් නෑ බං කියලා. තනිකර බිස්නස් එක. කිසිම වෙසක්-ගතියක් නැති වෙසක් කාලයක්. හනේ මංදා!!!!!
Deletesahathika aththa !!! mewa dekalama jiwithe kala kirenawa...
ReplyDeleteජීවිතේ නෙවෙයි, සංසාරෙම කලකිරෙනවා පසන්.
Deleteඅපි කියලා ඉතින්, මොනවා කරන්නද? නේද?
මේක තමා බං ඇත්ත වෙසක් කියන්නෙත් දැන් ෆන් කරන දිනයක් විතරයි. ඔය පිස්සු යක්කු ගැන කතා කරලා වැඩක් නෑ.
ReplyDelete//දංසල් වැඳලා යනගමන් වෙලාවක් තිබුණොත් පන්සලක් කමු // ++++++++++++++ පට්ට බොල
වැඩක් නැති එක ඇත්ත ප්‍රියා අයියේ, ඒත් ඉතිං හිතට දුකයි. බෞද්ධ [නමට හරි] වෙලත් මේ මිනිස්සු හරියට බෞද්ධ විදිහට හැසිරෙන්නේ නෑ. ඒ අස්සෙ වෙන වෙන ආගම් එක්ක වලියට බහිනවා.
Deleteරණ්ඩු වෙන්න ඕනේ නෑ නේ අපි හරියට හිටියනං.
ඇත්ත තිත්තයි කිවුවට ඇත්ත තරම් රස දේකුත් නැනේ බන්.,, මේවා කියලත් බැ නොකියත් බැ තමයි....
ReplyDeleteඒක තමයි බං. තිත්ත වගේම රසත් එකට එකක් තියෙනවනේ.
Deleteහෙහ් හෙහ්, ඒකනේ කිව්වොත් සමහරු තරහ වෙනවා. නොකිව්වොත් විනාස වෙනවා. අනේ මංදා නේද?
ඕව කියලත් බැ නොකියත් බෑ නේද බන්,,, කමක්නැ ඉතින් මේවා දැකලවත් හැදෙනවානම්...
ReplyDeleteමේවා දැක්කට හැදෙයිද කියලා නං විශ්වාසයක් තියන්න බෑ නෙද බං. අවුරුදු දෙදාස් ගාණක් තිස්සේ බණ අහලත් කෝ ඉතිං හැදෙන උං හැදෙනවා, නැහෙන උං නැහෙනවා.
Deletewesak gena hemoma danna dewal wagema noadanna dewal me achcharuwe tyenawa,, aththatama matat sathutui mn dan naty godak dewal meken dena gnna lebunata,,
ReplyDeletemeke tiena dewal ape sarala samaje jeewath wena minissu hodata dnnaw, et ewa ganan gan na.jeewite ohe tiena gahan yna rellata ynna witary minissu danne,, wesak kianne den fashion show 1k witary ,,ko minissunge hithe tiuna bakthiya,,den sudu adumak adagena pansalata ynna wat minissunta mataka na poyata,,e unata hodata adagena dansel gane polime inna minissunta welawa ona taram tienawa ayye.. sethapum 2k 3k unath polime idan dansel wala inn me minissu ekata hoda exmple 1k,, meka kiawana ona ugath buddimathek ta witary e gahagena yna rellen midila antymata api kra gnn hoda weda witary jeewiteta ituru wenne kiala terum gnn puluwan,,
පංසලට ගොඩ වෙලා යන්න වෙලාවක් නැති අයට දංසලේ පැය ගානක් පෝලිමේ ඉන්න පුළුවං.
Deleteජීවිතේම අච්චාරුවක් සුරංගා.
"උගත් බුද්ධිමත්" ???
උගත් කම කෙසේ වෙතත් සුරංගා, බුද්ධිමත් මිනිස්සු තමන්ගේ ජීවිත ගොඩදාගන්නවා.
උගත් කම වැඩක් නෑ බුද්ධිමත් කම නැත්නම්.
ow e 2kama gena qwe e 2kama tienawa nm athi sarthaka pudgalayek wena nisa.. mkda ugath kama wikunala hary hoda weda wala yedenawa nm eka tama buddimath kama
Deleteඒකෙත් ඇත්තක් තියෙනවා.
Deleteඒ වගේම එහෙම හරි දෙයක් කරගන්න තරම් උගත් බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් හරි තවම පුළුවන් එකත් කොච්චර වටිනවද කියලා හිතෙනවා??
Deleteනේද සුරංගා??
එහෙම කෙනෙකුටවත් අහන්න දකින්න මේ බුදු සසුන නොතිබුණා නම්??? අනේ වාසනාවන්, තවම අපිට ඒ උතුම් බුදු බණ අහන්න ලැබෙනවා.
hehe wiswasayak matha goda negunu e anith agam walata ape agama kawadath uthum qwe eki
Deleteඔව් සුරංගා.
Deleteඅනිවාර්ය්යෙන්ම :D
ඒ තත්ත්වය ඒ උතුම් බව කවදවත් වියැකෙන්න දෙන්න බෑ.
eka apita witarak taniyen karanath ba,, hemoma taman haryata samaje jeewath wenaw nm ekama witarak aty me andakara loke alokawath wenna
Deleteඅන්න ඒකයි දුක. අපිට ඉතිං හැමෝම හදන්න බෑ නේ. අපිවත් හැදෙන්න උපරිම උත්සාහ කරමු.
Delete(Y)
DeleteKathawa aththa...
ReplyDelete:( :( :( new year, xmas wagema vesak poyath vikunagena kanna patan aran dan sahena kal :(
ඒකනෙ කලනි.
Deleteඅපිට මේක නවත්තන්න බැරි වෙයි. ඒත්, අපි වත් විකිණෙන්නෙ නැතුව බේරෙන්න බලමු. අපේ දන්න කියන නෑදෑ හිත මිත්රයින් බේරගන්න බලමු. ඒකම ලොකු පිනක්.
kathawa aththa... :( :(
ReplyDeletenew year, xmas wagema vesak poyath wikunagena kanna patan aran dan godak kal
moko depaarak ??
DeleteTrue .....!!!
ReplyDeleteyup.....!!! So sad to see this situation here!
Deleteමෙදා වෙන්න ඇති මන් දැකපු නරකම වෙසක් පෝය.කියෝපු හැම තැනම තියෙන්නේ මිනිස්සු නටන මේ විකාර නාඩගම, ලබන අවුරුද්දේ කොහොම වෙයිද පිරේ හිතාගන්න බැහැ ,,,ඔයාගේ ලිපියේ අදහස් ගොඩක් වටිනවා
ReplyDeleteඔව් අක්කේ, මටනං වෙසක් එපා වුණා. ගමේ වෙසක් වගේ නෑ නගරෙ වෙසක්. ලැජ්ජයි.
Deleteගමේ තියෙන චාම් සිරියාව නගරෙ නෑ. හැම තැනම තරඟයක්.
දං නං, සමහර ගම් වලත් තත්ත්වය සෝචනීයයි.
ඇවිල්ලම බලන්නකො.
කියන ව්දිහට ඇත්ත කාතාව.........................
ReplyDeleteකියන විදිහට කියන්නෙ ශලිනියෝ, කොහොමත් පිරේ ලඟ බොරු නෑ.
Deleteපැහැදිලිව පේන ඇත්ත තමයි කියන්නේ.
වෙසක් එක කියන්නෙ තවත් එක වෙළඳ සැණකෙලියක් විතරක් වෙලා පිරේ මල්ලි. හරිම දුකයි මේ විකාර දැක්කම.
ReplyDeleteඑක අතකින් තනිකරම බිස්නස් එකක් අක්කේ.
Deleteඅනිත් පැත්තෙන්, ගොනාට අඳින මෝඩ මිනිස්සු.
ඔක්කොටම එහා, මෙලෝ රහක් නැති කෝච්චි හෝන් පිඹින කොල්ලො කෙල්ලො.
තිත්ත වුනත් මේ තමයි ඇත්ත. අපි පුංචි කාලේ අම්මලා තාත්තලා එක්ක පයින් පන්සලට ගියා. කි.මී. 3 ක් විතර යන්න ඕනේ. ඒ යනකොට එනකොට ගමෙත් නගරයේත් වෙසක් අසිරිය නැරඹුවා. තාත්තා අරන් දුන්න රටකජු ගොට්ටක රස වින්දා. හැබැයි අර 'ආතල්' කියන එව්වා තිබුණේ නැහැ. ලොකු සතුටක් නිහඬව, සැනසීමෙන් යුක්තව වින්දා.
ReplyDelete///'ආතල්' කියන එව්වා තිබුණේ නැහැ. ලොකු සතුටක් නිහඬව, සැනසීමෙන් යුක්තව වින්දා///
Deleteමේක තමයි විචාරක තුමා සැබෑ වෙසක් බැලීම.
ආතල් කියලා කෙහෙල්මලක් නෑ හොයන්න නෙවෙයි.
නිහඬ නිරාමිස ප්‍රීතියක්, සැනසීමක් විඳින්න ඕනේ.
(ඔබතුමා මේ පැත්තේ ආපු එක ගැන බොහොම සංතෝසයි)
වෙසක් නං වැඩක් නෑ... අාතල් ගන්න එක විතරයි...
ReplyDeleteජය වේවා!!!!
හම්මේහ්!!! ඔන්න ඕකයි විදානේ, ගොඩක් අයගේ ඔලුවල තියෙන්නේ.
Delete(විදානෙත් එහෙමද ඈ???)
හම්මේ ජය වේවා ජය වේවා!!!!!
තාම හාමුදුරු ඩාන්ස් කියලා එකක් ආවේ නැහැනේ වෙසක් වේදිකාවට. ඒකත් ලඟදිම එයි.
ReplyDeleteඑහෙං මෙහෙං ඒවත් දැං පුරුදු පුහුණු වෙනවා කියලා ආරංචියි.
Deleteබලමුකෝ අරූ. තව මොන මොන විගඩං දකින්න වෙයිද දන්නේ නෑ ඉස්සරහට.
(මේ පැත්තේ ආවෙ පලවෙනි පාරට වෙන්න ඕනේ. සාදරයෙන් පිලිගන්නවා ඈ)
මචෝ... මේ ගැන මමත් ලිපියක් ලීව... පබ්ලිෂ් කරාට පස්සෙයි හිතුනෙ කොරපු ගොංකම කියල...
ReplyDeleteවැඩක් නෑ බං තිත්තයි...
වෙසක් තියෙන්නෙ ආතල් ගන්න උංට විතරයි
විනාස කාලේ පිපරීත බුද්ධි!!!!!
Deleteඅපි කියලා ඉතිං මොනව කරන්නද ??? කාලය මැවු වෙනසක අරුමේ!!!
කොහෙද ඔය එකක්වත් කරන්න නිවාඩුවක් ලැබුන එකක්යැයි.. :-(
ReplyDeleteනිවාඩු ලැබුණානං එහෙම වෙසක් බලන්න ගිහිං මේ විකාර දැකලා හිත කලකිරුණට පස්සේ "දොස්තොර" කම පැත්තකට දාලා, දොස්-තර සමාජයේ තර වූ දොස් දුරු කරන්න වනගත වෙන්න හිතෙන්නත් බැරි නෑ.
Deleteඒ නිසා නිවාඩු නොලැබුණ එක මයි හොඳ.
මිනිස්සු වෙසක් සමරනවාට වැඩිය හොදයි නැතුව හිටියානම් කියන්න තරම් දැන් ඒක විහිළුවක් කරගෙන තියෙන්නේ............
ReplyDeleteඅන්න හරි වචනෙ දැනුයි ආවෙ. විහිලුවක්, හරියටම හරි.
Deleteමිනිස්සුන්ට දැං මේ හැම දෙයක්ම විහිලුවක් වෙලා.
ane manda ayye, mata nam melo deyak therune na!!!!!
ReplyDeleteඔයාලා මෙව්වා තේරුම් ගන්න පොඩි වැඩියි නංගි. වයසින් නෙවෙයි, දකින දේවල් තේරුම් ගන්න විදිහෙන්.
Deleteගතිනේ මේක !
ReplyDeleteඒකත් එහෙමද???
Deleteසංතෝසයි ඈ!!
ස්තූතියි ආවට කුරුළු.!!!
❤❤❤
ReplyDelete