Wednesday, March 26, 2014

මොකක්ද වඳුරෝ මේ??

මේ! වඳුරෝ! මේක හොඳට අහගනිං.

මම දන්නවා එලියේ වැස්ස තදයි කියලා. ඒ වැස්සේ ඉන්න අමාරුයි තමයි. ඒත්, මේ පුංචි කූඩාරම ඇතුළේ මටත් හරියට ඉන්න ඉඩ මදි. උඹට ඒක පේන්නේ නැතුව නෙවෙයිනේ?

මුලින්ම උඹ මේ කූඩාරම අස්සට අතක් දැම්මා. ඒත් මම උඹව එලෙව්වේ නෑ. මොකද, උඹේ අතේ තිබුණු ඒ පුංචි තුවාලේ තෙමිලා පැසවයි කියලා උඹ ගැන දුක හිතුණු නිසා.

Sunday, March 9, 2014

අපිට මතක තියෙන හැටි - The way we remember things in our mind

ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක්.

ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට වෙන්න පුලුවන්. මොකක්ද මේ වෙනසට හේතුව???

මම අද කතා කරන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර මේ මතක වෙනස සරලව තේරුම් ගන්න විදිහ.

Sunday, January 5, 2014

පියෙකුගේ කැප කිරීමක්, තවත් එක් කඳුලු කතාවක් - The Sacrifice of a father !!!

ඔන්න අදත් මම ගෙනාවේ ගෙනාවේ පරිගණක ක්ශේත්‍රයට අදාල නොවන කතාවක්. මේ කතාව ඔයාල හැමෝගෙම ජීවිතවලට උතුම් ආදර්ශයක් වේවි කියලා හිතුණු නිසයි මේකෙ කර්තෘගේ අවසරයත් අරගෙන මගේ බ්ලොග් එකේ පලකරන්නෙ. තවත් එක් කඳුලු කතාවක් වන මේ කතාව කියවද්දි අපේ ඇස් වල කඳුලු එන්නෙ දුකටද සතුටටද කියන එක මට තවමත් හිතාගන්න බෑ.
මෙන්න එහෙනම්,

Tuesday, December 31, 2013

2014 ඔබ සැමට සුභ නව වසරක් වේවා!!! Happy New Year!!!


ලබන්නා වූ මේ 2014 නව වර්ෂය ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!!!
May this arriving 2014 New Year, be a Prosperous, Peaceful, Happy New Year!!!

Tuesday, December 24, 2013

"අසාර්ථක උත්සාහය" දුක හිතෙන කතාවක්

අදනම් යාලුවනේ මම ගෙනාවේ මගෙ නිර්මාණයක්වත් පරිගණක දැනුමට අදාල දෙයක්වත් නෙවෙයි.
හිත උණුවෙන විදිහේ එක් අසාර්ථක උත්සාහයක්; මගෙ යාලුවෙකුගේ සත්‍ය අත්දැකීමක්; සත්ව කරුණාව නිසාවෙන් ගත් එක් අහිංසක උත්සාහයක ව්‍යාර්ථ වීම.  :'( කියවලම බලන්න.

<<<මේක කියවලා එක්කෙනෙක් හරි සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පටන්ගන්නවනම්, මට ඒක ලොකු සතුටක්. මේ බ්ලොගියට අදාල නොවෙන මේ පෝස්‍ටුව් පල කිරීමේ එකම අරමුණත් ඒකමයි.>>>

Wednesday, October 30, 2013

හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද? මෙන්න හොඳම එක. බාගන්න ESET Smart Security With Purefix ජීවිත කාලයටම Free Update සමඟ.

හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන, හොඳ Ratings එහෙම තියෙන, ලොකු ලොකු කතන්දර එක්ක එන, කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන අවුරුද්දක් පාවිච්චි කරලා Uninstall කරනවා. ඊටපස්සෙ ඊලඟ අවුරුද්දට තවත් එකක් දාගන්නවා. ඒත් ඒ අයින් කරපු එක ඇත්තටම අයින් වෙලාද? අලුතෙන් දාපු එකත් ඒ වගේම අවුරුද්ද්කින් අයින් කරනවද?

ඇත්තටම කියනවනම්, සාමාන්‍යයෙන් අපි වයිරස් ගාඩ් එකක් අන්ඉන්ස්ටෝල් කලා කියලා ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නෑ. ඒකෙන් 98% විතර ඉතුරු වෙනවා. ඒ කියන්නෙ, අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වයිරස් ගාඩ් දැම්මොත්, ටික කාලෙකින් හාඩ් ඩිස්ක් එක කුණු ගොඩක් වෙනවා.

Saturday, October 12, 2013

Still searching how to hibernate Windows 8 ? Here's the answer. (ජනේල අට හයිබ'නේට් කරන හැටි තවමත් හොයනවාද? මෙන්න විසඳුම.)

ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. පිරේ මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.