Sunday, November 23, 2014

ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත්

මීට කලින් කවුරු හරි කෙනෙක් හෝම්ස් ලංකාවට ඇවිත් වෙච්ච සිද්ධියක් ගැන පෝස්ට් එකක් වත්පොතේ ගෙත්තම් කරලා දාලා තිබුණා මතකද????

Tuesday, October 21, 2014

ජ්‍යෝතිශ්‍යය ගැන මගේ මතය!!! ~Astrology in My View~

ජ්‍යෝතිශ්‍යය ලොකු මාතෘකාවක්. ඒත් මෙතන මං ඒ ගැන මහ දෙයක් ලියන්නේ නෑ. මට ඒ ගැන හිතෙන, දැනෙන අදහස් විතරයි මේ!!!
* සිතුවිලි කලඹ ලියන නිශාදි වික්‍රම අක්කා මූණුපොතේ දාපු ස්ටේටස් එකක් නිසා තමයි මට මේ ලිපිය ලියන්න හිතුණේ. මං මේ ලියලා තියෙන විදිහට, මේක බරපතල වැඩි නං කියන්න, මං පැහැදිලි කරලා දෙන්නං. 

Saturday, October 11, 2014

සුබ ගමන් යාලුවේ!!!

මේ ලෝකේ හරිම නපුරුයි අනේ!!! කිසිම දෙයක් වැඩි කල් තියෙන්නේ නෑ!!!
නෑදෑයෝ, යාළුවෝ, හිතවත්තු එනවා යනවා!! කවුරුවත් අපි එක්ක එක දිගට ඉන්නේ නෑ!! අලුතෙන් එන අලුත් පරම්මපරාවට ඉඩ දීලා පරණ අය යන්න යනවා!!! මිනිස්සු විතරක් නෙවෙයි, ගහ-කොල, සතා-සීපාවා, අැල-දොල, මේ හැම දේටම පොදු, ලෝක ස්වභාවය ඕක තමයි ඉතිං.


Friday, September 19, 2014

ඒහිපස්සිකෝ!!! ........ මොකක්ද මේ KDU???

දන්නවද?? මොකක් ද මේ " K D U " කියන්නේ??? මොනවද  ඒකේ තියෙන්නේ??? කොහොමද ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ?? ඔයාලත් දැනගන්න අාසයි ද??

Saturday, August 9, 2014

සිහින මාලිගාව හදන්න කලින් - Sweet Home 3D

අපි කාගෙත් හිත් වල හීන තියෙනවා. එක එක ජාතියේ හීන!!! මේ හීන අතර, ගොඩක්ම වැදගත් හීනයක් තමයි, අපේ හීන මාලිගා. කවදා හරි, තමන්ගේ හිතේ තියෙන හීන මාලිගාවේ ඇත්තටම ජීවත් වෙන්න කැමතිද?? ඒත්.......

Sunday, July 20, 2014

අක්කේ

පිරේ ගෙ අම්මට දැං ටික කාලෙක ඉඳලා ටිකක් අසනීපයි. නිවාඩු කාලෙ පිරේ අම්මට බෙහෙත් අරං දීලා ආවෙ. ඒ වගේම ඉතිං, පුළුවං වෙලාවට ගෙදර ගිහිල්ලා දුක සැප බලන්නත් අමතක කරන්නේ නෑ.

ඔන්න අදත් උදේ පාන්දර [හරි පාන්දර. නැගිටිනකොට 8.00ත් පහු වෙලා] ගෙදර යන්න පිටත් වුණා. මග දිගට දකින දකින දේවල් උස්සගෙන ගෙදර යනකොට දවල්ට කන්නත් වෙලාව මං හිතන්නේ.

ඔක්කොමත් හරි, ගෙට ගොඩවෙනකොටම අම්මා ඉන්නවා සතුටින් හිනා වෙවී. මං බැලුවෙ ලෙඩ දුක් ඉවර වෙලා හොඳට සනීප වෙලා වත් ද කියලා. නෑ නෑ. අමාරු පාට පේනවා. ඒත් හිත සතුටින්. මොකක් නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා.

Saturday, July 12, 2014

රාමායණය සහ ලංකාවේ අපි

වාල්මිකී සිටියේ ඉන්දියාවේය. රාමායණය ලිව්වේ ඔහුය. අප සිටින්නේ ලංකාවේය. අපි රාමායණය කියෙව්වෙමු. එය හිස් මුදුනෙන් පිලිගත්තෙමු. 

රාමායණයට අනුව රාම හෙන පොරකි. පට්ට වැඩ්ඩෙකි. රාවණ මහා නරියෙකි. ගෑනු හොරෙකි. රාමායණය කියවන අතර අපිද රාමගේ ජය පැතුවෙමු. රාමට හුරේ දැම්මෙමු. රාවණගේ පරාජය හමුවේ සිතින් ජය පැන් බිව්වෙමු. රාවණ සිටියේ ලංකාපුරයේය. නැතහොත් ලංකාවේය. අප සිටින්නෙද ලංකාවේය. ඉතින් රාවණ අපේ කෙනෙකි. නමුත් අපේ එකෙක් වුවද වැරැද්දක් කලා නම් වැරැද්ද වැරැද්දමය. නමුත් රාමායණයේ ඇත්ත නැත්ත අප දන්නේ නැත. එසේනම් අප මෙතුවක් කල් රාමට කඩේ ගියේ රාමගේ සීනි කිරුවේ කිසිවක් හරියට දැනගෙන නොවේ.

Monday, June 23, 2014

සොඳුරියට සෙනෙහසින්

දැං නං ඉතිං පිරේගෙ අච්චාරුවේ, පිරේ ට ත් වඩා තිලිණ ට තැනක් තියෙනවද කොහෙද. අදත් තිලිණගෙ නිර්මාණයක්. සාමාන්‍ය ජීවිත අතර මේ ජීවිත වල වෙනස හඳුනාගන්න, ඒ කැපවීම, ඒ කැප කිරීම, හඳුනාගන්න මේ කවිපෙල ඔයාට උදව් කරයි.

Monday, June 9, 2014

එපා යලි කවදා වත්

කියන්නත් මොකක්ද වගේ අනේ!!!   පිරේ දැං මාර විදිහට කම්මැලි වෙලා!!!
(අමුතුවෙං වෙන්න දෙයක් තිබුණේ නෑ, දන්න කලෙ ඉඳලම එහෙමනේ, හිකිස් :D )

දැං ලියනවට වඩා කරන්නේ යාලුවන්ගේ එව්වා මේකේ දාන එක ද කොහෙද!!!

එහෙම කියල කොහොමද, ගියපාර විචාරේ ලියපු තිලිණ ගෙන් ම තමයි මේ පාරත් ගෙනාවේ, හැබැයි මේක විචාරයක් නෙවෙයි, කවියක්!!!!

කියවලම බලන්නකෝ!!!!

Sunday, June 1, 2014

වයසේ වැරද්ද

මේ දවස් වල විභාග නිසා හරිම කාර්‍ය්‍ය බහුලයි.
ඒ අහු අස්සේ මේ වගේ දෙයක් හම්බවුනාම නොදා කොහොමද කියලා හිතුණු නිසා ඔන්න උස්සගෙන ආවා. කියවලා ම බලන්නකෝ.

Wednesday, May 28, 2014

හිතන්න දිනන්න - Guess & Win (පිරේගෙන් පුංචි තරඟයක්)

හම්මේහ්!!! පිරටත් හිතෙන දේවල් ඈ!!
ඔන්න ඔන්ලයින් තරඟයක් පටං අරං ලු!!!!!!

එහෙං මෙහෙං ඉගෙන ගත්තු ෆොටෝග්‍රැ‍ෆි කෑලි ටෙස්ට් කරන්න කාගෙන්දෝ කැමරාවක් ඉල්ලගෙන අහුවෙච්ච හැම කෙහෙල්මලක් ම ෆොටෝ ගහලා, දැං ඉතිං ඔන්න හැමෝටම වධ දෙන්න පටං අරං ලු ඈ!!

Monday, May 26, 2014

ගියාට කමක් නෑ, අපිට නං ගහන්න එපා!!!

අාරක්ෂක හමුදාවක කෙනෙක් ට කාගෙන් හරි අනවශ්‍ය දේකට ගුටි කන්න වුණොත්, වාහනයක් පුරවගෙන ගිහිං අාපහු ගහලා එන එක ශුවර්!!!

එතකොට, හමුදා හමුදා අතර ප්‍රශ්ණෙකදි???

දවසක්, කොළඹ කිට්‍ටුව (පැයක විතර දුර) පැත්තක බාර් එකක බිබී හිටපු කොල්ලෙකුට තව එකෙක් ශෝ එක දාන්න ඇවිල්ලා. අර කොල්ලා ඩෝන්ට් කෙයාර්.

Friday, May 16, 2014

෴වෙසක්෴ අනේ මංදා!!!

වෙසක්!!!
අනේ හැබෑට, දැං මේකට ගිය කලක්. තොරණ, වෙසක් කූඩු තරඟ, මහා දන්සැල්.
යමු පොඩ්ඩක් ඉතිහාසෙට. මොකක්ද මේ කෙරුවාවෙ ආරම්භය කියලා පොඩ්ඩක් බලන්න කැමතිද??

මුලින්ම පොඩ්ඩක් බලන්න, මොකක් ද මේ වෙසක් කූඩුවේ හරි ම නම???
 "වෙසක් පහන් කූඩුව" නේද?
මොකටද පහන් වලට කූඩුවක්??

Monday, May 12, 2014

පොඩි වෙනසක් කරන්න හිතුණා

   පරිගණක ආශ්‍රිත තාක්ෂණික කරුණු ඉදිරිපත් කරන්න හිතාගෙන බ්ලොග් එක පටන් ගත්තට මොකද, ටික කාලයක් කරගෙන යනකොට තේරුණා එහෙම එක දේකට සීමා වෙන එක හරි නෑ කියලා.

Monday, April 14, 2014

Happy New Year

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද,


අඩු ISO එකකදී මෙන් සෑම විටම හොඳ දර්ශන පෙනෙන,

500 mm Lens එකකින් මෙන් සියලු දේ Zoom වී පෙනෙන,